Pali BJT48. තෙ චෙ භික්ඛවෙ භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං, තෙහි භික්ඛවෙ භික්ඛූහි තං අධිකරණං සඞ්ඝස්ස නිය්යාදෙතබ්බං: න මයං භන්තෙ සක්කොම ඉමං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං. සඞ්ඝො ඉමං අධිකරණං වූපසමෙතූති. අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං යෙභුය්යසිකාය වූපසමෙතුං.
Sinhala BJT48. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් “වහන්ස, අපි මේ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කමු. සංඝ තෙමේ මේ අධිකරණය සන්හිඳුවා වා” යි කියා ඒ අධිකරණය සංඝයාට මෙසේ පැවරිය යුතු, මහණෙනි, මෙ බඳු අධිකරණය යේභුය්‍යසිකායේන් සංන්හිඳුවන්නට අනුදනිමි.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සලාකගාහාපකො{1} සම්මන්නිතබ්බො. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයා ගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය -පෙ- එවං ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඅංග පසෙකින් සමන්‍විත මහණෙක් සලාකාග්‍රාහකයෙක් (සලාකා ගන්වන්නෙක්) කොට සම්මත කට යුතු: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නෙන් ද, ද්වේෂයෙන් අගතියට නොයන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නෙන් ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද ... මෙබඳු වූ මහණ තෙම සලාකාග්‍රාහාපකයෙක් කොට සම්මත කළ යුතු වේ. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියැ යුතු යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් (මෙසේ) සංඝ තෙමේ දැන්වීය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සංඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සංඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකග්ගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම් යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සංඝො. සංඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සලාකගාහාපකස්ස සම්මති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති. සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සලාකගාහාපකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙනම් මහණහු සලාකාග්‍රහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක් හට මෙනම් මහණහු සලාකාග්‍රාහාපකයකු කොට සම්මත කිරීම රිසියෙන්නේ නම්, හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ හේ හෝ කියාවා. සංඝයා විසින් මෙනම් මහණ සලාකාග්‍රාහාපකයකු කොට සම්මත විය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය: මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTතෙන සලාකගාහාපකෙන භික්ඛුනා සලාකා ගාහෙතබ්බා. යථා බහුතරා භික්ඛූ ධම්මවාදිනො වදෙන්ති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා. කා ච තත්ථ සඞ්ඝසම්මුඛතා? යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති. ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති. අයං තත්ථ සඞ්ඝසම්මුඛතා.
Sinhala BJTඒ සලාකාග්‍රාහාපක මහණහු විසින් සලාකා ගැන්වියැ යුතු ය. බහුතර වූ ධර්‍මවාදී මහණහු කියද්ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු ය. මහණෙනි. (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියැ යුතු. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද යෙභූය්‍යසිබායෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කිමෙක් ද? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර ය. එහි සංඝ සම්මුඛතා නම් කවරයැ? යම් පමණ මහණ කෙනෙක් කර්‍මප්‍රාප්ත නම් ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දෙන්නට සුදුසු මහණුන්ගෙන් ඡන්‍දය ගෙනෙන ලද්දේ වෙයි ද හමු වූ මහණහු ආක්‍රෝශ පරිභව නො කෙරෙත් ද, මේ එහි සංඝසම්මුඛතා නමි.
Pali BJTකා ච තත්ථ ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා? යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, අයං තත්ථ ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා.
Sinhala BJTඑහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් කවර යැ? යම් ධර්‍මයෙකින්, යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා යැ. විනය සම්මුඛතා යැ.
Pali BJTකා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච විවදති යෙන ච විවදති උභො අත්තපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා.
Sinhala BJTඑහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමකු හාත් විවාද කෙරෙයි ද, ඒ තම පසෙහි වූ පුඟුලාත් විරුද්ධ පක්‍ෂයෙහි වූ පුඟුලාත් යන දෙදෙන හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යැ.
Pali BJTකා ච තත්ථ යෙභුය්යසිකා? යා යෙභුය්යසිකා කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අප්පටික්කොසනා–අයං තත්ථ යෙභුය්යසිකා.
Sinhala BJTඑහි යේභුය්‍යසිකාව කවර යැ? යම් යෙභූය්‍යසිකාවෙක් වේ ද, කර්‍මය පිළිබඳ ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක් වෙතට එළඹීමෙක්, ඉවසීමෙක් ප්‍රතිකොශ නො කිරීමෙක් වෙයි ද, මේ එහි යේභුය්‍යසිකාව යැ,
Pali BJTඑවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායයකො ඛීයති, ඛීයනකං පාචිත්තියන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ සන්හිඳුනු අධිකරණය කාරකයෙත් (එයට) සම්බන්‍ධ වූ මහණෙක් උත්කෝටනය කරන්නේ ද (ඉදිරියට අදනේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ, විනිශ්චයයෙහි ඡන්‍දය දුන් මහණෙක් ඒ විනිශ්චයට දොස් කියන්නේ නම් ඛීයනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතිවිධ සලාකගාහො
Sinhala BJTත්‍රිවිධ සලාකාග්‍රාහය
Pali BJT49. තෙන ඛො පන සමයෙන සාවත්ථියා එවං ජාතං එවං සමුප්පන්නං අධිකරණං හොති. අථ ඛො තෙ භික්ඛූ අසන්තුට්ඨා සාවත්ථියා සඞ්ඝස්ස අධිකරණ වූපසමනෙන. අස්සොසුං ඛො අමුකස්මිං කිර ආවාසෙ සම්බහුලා ථෙරා විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා. තෙ චෙ ථෙරා ඉමං අධිකරණං වූපසමෙය්යුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන, එවමිදං අධිකරණං සුවූපසන්තං අස්සාති. අථ ඛො තෙ භික්ඛූ තං ආවාසං ගන්ත්වා තෙ ථෙරෙ එතදවොචුං: “ඉදං භන්තෙ අධිකරණං එවං ජාතං එවං සමුප්පන්නං: සාධු භන්තෙ ථෙරා ඉමං අධිකරණං වූපසමෙන්තු ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන, යථයිදං අධිකරණං සුවූපසන්තං අස්සාති.
Sinhala BJT49. එ සමයෙහි වනාහි සැවැත් නුවරැ මෙසේ පහළ වූ, මෙසේ උපන් අධිකරණයෙක් වෙයි. එ කල්හි එ මහණහු සැවැත් නුවර සංඝයා ගේ අධිකරණ සන්හිඳුවීමෙන් නො සතුටු වූවාහු ය. ඔහු “අසෝ ආවාසයෙහි බුහුශ්‍රැත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති, ධර්‍මධර වූ විනයධර වූ, මාතෘකාධර වූ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ, කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ බොහෝ තෙරහු වසත් ල, ඉදින් ඒ තෙරහු මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාසනාශාසනයෙන් සන්හිඳුවන්නාහු නම් මෙසේ මේ අධිකරණය මොනොවට සංසිඳුනෙක් වන්නේ යැ’ යි ඇසූහ. ඉක්බිති ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ වීය. මෙසේ උපන්නේ ය. වහන්ස, යාච්ඤා කරම්හ. තෙරහු ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳු නො වන්නේ ද එසේ මේ අධිකරණය සන්හිඳුවත් වා” යි මෙ බස් කීහ.
Pali BJT50. අථ ඛො තෙ ථෙරා යථා සාවත්ථියා සඞ්ඝෙන අධිකරණං වූපසමිතං, තථා සුවූපසන්තං, තථා තං අධිකරණං වූපසමෙසුං.
Sinhala BJT50. එ කල්හි ඒ තෙරහු සැවැත් නුවර සංඝයා විසින් ඒ අධිකරණය යම් සේ සන්හිඳුවන ලද්දේ ද, (එහෙයින් ම) මොනොවට සන්හිඳුනේ වේ ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවුහ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ අසන්තුට්ඨා සාවත්ථියා සඞ්ඝස්ස අධිකරණ වූපසමනෙ න, අසන්තුට්ඨා සම්බහුලානං ථෙරානං අධිකරණවූපසමනෙන. අස්සොසුං ඛො අමුකස්මිං කිර ආවාසෙ තයො ථෙරා විහරන්ති -පෙ- ද්වෙ ථෙරා විහරන්ති -පෙ- එකො ථෙරො විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො චෙ ථෙරො ඉමං අධිකරණං වූපසමෙය්ය ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන, එවමිදං අධිකරණං සුවූපසන්තං අස්සාති.
Sinhala BJTඉක්බිති ඒ මහණහු සැවැත්නුවර සංඝයාගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. බොහෝ තෙරවරුන්ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. ඔහු ‘අසෝ නම් ආවාසයෙහි ... තුන් නමෙක් තෙරහු වසත් ලැ යි. දෙ නමෙක් තෙරහු වසත් ලැ යි, බහුශ්‍රුත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ එක් තෙර නමෙක් වෙසෙයි. ඉදින් ඒ තෙර නම ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මෙසේ මේ අධිකරණය මොනොවට සන්හිඳුනේ වන්නේ යැ’ යි ඇසූහ.
Pali BJT51. අථ ඛො තෙ භික්ඛූ තං ආවාසං ගන්ත්වා තං ථෙරං එතදවොචුං: ඉදං භන්තෙ අධිකරණං එවං ජාතං එවං සමුප්පන්නං, සාධු භන්තෙ ථෙරො ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන, යථයිදං අධිකරණං සුවූපසන්තං අස්සාති.
Sinhala BJT51. එ කල්හි ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරහු බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ විය. මෙසේ උපන්නේ ය, යාච්ඤා කරම්හ, ස්ථවිර තෙමේ මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳුනක් වන්නේ ද එසේ ධම්යෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවාවා’යි මේ වචන කීහ.
Pali BJTඅථ ඛො සො ථෙරො යථා සාවත්ථියා සඞ්ඝෙන අධිකරණං වූපසමිතං, යථා සම්බහුලෙහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, යථා තීහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, යථා ද්වීහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, තථා සුවූපසන්තං, තථා තං අධිකරණං වූපසමෙසි.
Sinhala BJTඑ කල්හි ඒ ස්ථවිර තෙම සැවැත්නුවරැ යම්සේ සංඝයා විසින් ඒ අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ බොහෝ තෙරවරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ තුන් නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ දෙ නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, එසේ ම මොනොවට සංසිඳුනක් වූ පරිද්දෙන් ඒ අධිකරණය සන්හිඳුවී ය.
Pali BJT52. අථ ඛො තෙ භික්ඛූ අසන්තුට්ඨා සාවත්ථියා සඞ්ඝස්ස අධිකරණවූපසමනෙන, අසන්තුට්ඨා සම්බහුලානං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන්තුට්ඨා තිණ්ණං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන්තුට්ඨා ද්වින්නං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන්තුට්ඨා එකස්ස ථෙරස්ස අධිකරණවූපසමනෙන, යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං භගවා එතදවොච.
Sinhala BJT52. එ කල්හි ඒ මහණහු සැවැත්නුවරැ සංඝයාගේ අධිකරණව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, බොහෝ තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, තුන් නමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, දෙනමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, එක් තෙර නමක ගේ අධිකරණව්‍යපශමන යෙක් නො සතුටු වූවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
Pali BJTනිහතමෙතං භික්ඛවෙ අධිකරණං සන්තං වූපසන්තං සුවූපසන්තං. අනුජානාමි, භික්ඛවෙ තෙසං භික්ඛූනං සඤ්ඤත්තියා තයො සලාකගාහෙ ගුළ්හකං සකණ්ණජප්පකං විවටකන්ති.
Sinhala BJT“මහණෙනි, මේ අධිකරණය නිමවන ලද්දෙක, සන්හිඳුනෙක, වෙසෙසින් සන්හිඳුනෙක, මොනොවට සන්හිඳුනෙක. මහණෙනි, ඒ මහණුන් හඳුන්වනු පිණිස ගුළ්හකය, සකණ්ණජප්පකය. විවටකය යන සලාකාගැන්වීම් තුන අනුදනිමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ ගූළ්හකො සලාකගාහො හොති? තෙන සලාකගාහාපකෙන භික්ඛුනා සලාකායො වණ්ණාවණ්ණායො කත්වා එකමෙකො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: අයං එවංවාදිස්ස සලාකා, අයං එවංවාදිස්ස සලාකා, යං ඉච්ඡසි තං ගණ්හාහීති. ගහිතෙ වත්තබ්බො: ‘මා ච කස්සචි දස්සෙහීති. සචෙ ජානාති අධම්මවාදී බහුතරාති, දුග්ගහොති පච්චුක්කඩ්ඪිතබ්බං. සචෙ ජානාති ධම්මවාදී බහුතරාති සුග්ගහොති සාවෙතබ්බං එවං ඛො භික්ඛවෙ ගූළ්හකො සලාකගාහො හොති.
Sinhala BJTමහණෙනි, ගුළ්හක සලාකාග්‍රාහය කෙසේවේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් සලාකාවන් එකක් අනෙකකට වෙනස් වන සේ නිල් ආදි විවිධ පැහැ ඇතියන් කොට, එක් එක් මහණකු කරා එළැඹ, මේ මෙසේ වූ වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙසේ වූ වාද ඇතියහු ගේ සලාකාව ය, යමක් රිසියෙහි නම් එය ගන්නැ’ යි මෙසේ කියැ යුතු වන්නේ ය. ගන්නාලද කල්හි ‘කිසිවකුටත් මෙය නො දක්වන්නැ’ යි කියැ යුතු ය. ඉදින් අධර්‍මවාදිහු වඩා බොහෝ ඇතැ යි දන්නේ නම්, සලාකා ගැන්ම වරදවා කරණ ලදැ’ යි කියා (දුන් සලාකාවන්) නැවැත එකතු කොට යලිදු ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම් මනාවැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි ඇස්වියැ යුතු. මහණෙනි, මෙසේ ගුළ්හක සලාකා ගැන්වීම වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සකණ්ණජප්පකො සලාකගාහො හොති? තෙන සලාකගාහාපකෙන භික්ඛුනා එකමෙකස්ස භික්ඛුනො උපකණ්ණකෙ ආරොචෙතබ්බං. අයං එවංවාදිස්ස සලාකා, යං ඉච්ඡසි තං ගණ්හාහීති. ගහිතෙ වත්තබ්බො: මා ච කස්සචි ආරොචෙහීති. සචෙ ජානාති අධම්මවාදී බහුතරාති දුග්ගහොති, පච්චුක්කඩ්ඪිතබ්බං. සචෙ ජානාති ධම්මවාදී බහුතරා’ති, සුග්ගහොති සාවෙතබ්බං. එවං ඛො භික්ඛවෙ සකණ්ණජප්පකො සලාකගාහො හොති.
Sinhala BJTමහණෙනි, සකණ්ණජප්පක සලාකාග්‍රාහය කෙසේ වේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් එක් එක් මහණක්හු ගේ කණට ළං වැ ‘මේ මෙ බඳු වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙ බඳු වාද ඇත්ත හු ගේ සලාකාව ය, යමක් කැමැත්තෙහි නම් එය ගන්නැ’ යි කිය යුතු ය. ගත් කල්හි ‘කිසිවකුටත් නො කියන්නැ’යි කිය යුතු ය. අධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි ඉදින් දන්නේ නම්, නොමනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි (සලාකාවන්) එකතු කොට ගෙන යලිදු සලාකා ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ වෙත් යැ යි දන්නේ නම්, ‘මනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ’ යි ඇස්විය යුතු. මහණෙනි, මෙසේ සකණ්ණජප්පක සලාකා ගැන්වීම වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ විවටකො සලාකගාහො හොති? සචෙ ජානාති ධම්මවාදී බහුතරාති විස්සට්ඨෙ නෙව විවටෙන ගාහෙතබ්බො. එවං ඛො භික්ඛවෙ විවටකො සලාකගාහො හොති.
Sinhala BJTමහණෙනි, විවටක සලාකග්‍රාහය කෙසේ වේ ද යත්: ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම්, සලාකාවන් විසිරුවා විවෘත ලෙසින් (පැනෙන පරිද්දෙන්) ම ගැන්විය යුතු, මහණෙනි, මෙසේ ම විවටක සලාකාග්‍රාහය වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො සලාකගාහාති.
Sinhala BJTමහණෙනි, මොහු වනාහි තුන්සලාකාග්‍රාහයෝ ය යනු යැ.
Pali BJTසතිවිනයො
Sinhala BJTසතිවිනය
Pali BJT53. අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති? අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
Sinhala BJT53. අනුවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳෙයි ද? අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ සතරින් සන්හිඳෙයි.
Pali BJTසියා අනුවාදාධිකරණං ද්වෙ සමථෙ අනාගම්ම අමූළ්හවිනයඤ්ච තස්සපාපිය්යසිකඤ්ච ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන චාති? සියාතිස්ස වචනීයං. යථා කථං විය? ඉධ භික්ඛූ භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති, තස්ස ඛො තං භික්ඛවෙ භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො දාතබ්බො.
Sinhala BJTඅනුවාදාධිකරණය අමුළ්භවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙ න් ද සතිවිනයයෙන්ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකිද? වියහැකි යයි කිය යුතු වන්නේ ය. කෙසේ වූ දැයක් මෙන් ද යත්: මෙහි මහණකුට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත් නම් මහණෙනි, මහණහු සිහිය වැඩීමට පැමිණි එ මහණහට සතිවිනය දිය යුතු ය.
Pali BJTඑවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ග කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: මං භන්තෙ භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං භන්තෙ සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො.
Sinhala BJTමහණෙනි, (සතිවිනය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ තනිපට සිවුර එකස් කොට පෙරෙවැ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, භික්‍ෂූහු මට අමූලක වූ ශීලවිපත්තිචෝදනායෙන් චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම් සිහිය වැඩුණු බවට පැමිණියෙම් සඞ්ඝයා ගෙන් සතිවිනය යදිමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවනු ද යැදිය යුතු, තෙවනු ද යැදිය යුතු.
Pali BJTව්යත්තෙනං භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. භික්ඛූ ඉත්ථන්නාමං භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. භික්‍ෂූහු මෙනම් මහණහට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. හේ සිහිය වැඩුණු බවට පැමිණියේ, සංඝයා ගෙන් සතිවිනය යදී. ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම් සංඝ තෙමේ සිහිවැඩුණබවට පත් මෙනම් මහණහට සතිවිනය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. භික්ඛූ ඉත්ථන්නාමං භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි-පෙ-දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මහණහු මෙනම් මහණහට අමූලක ශීලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. සිහිය වැඩුණ බවට පත් හෙ තෙමේ සංඝයා ගෙන් සතිවිනය යදී, සංඝ තෙමේ සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දෙයි. සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා, දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. සංඝයා විසින් සිහිය වැඩුණු බවට පත් මෙ නම් මහණහට සතිවිනය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි, සංඝ තෙමේ දැන්වීය යුතු.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච අනුවදති, යඤ්ච අනුවදති, උභො අත්තපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති. අයං තත්ථ පුග්ගලසම්මුඛතා. කිඤ්ච තත්ථ සතිවිනයස්මිං? යා සතිවිනයස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අප්පටික්කොසනා ඉදං තත්ථ සතිවිනයස්මිං. එවං වූපසන්තඤ්චෙ, භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තිකං ඡන්දදායකො ඛීයති, ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛවිනයයෙනුත් සතිවිනයයෙනුත් ය. එහි සම්මුඛයා විනය කිමෙක් ද යත්: සංඝසම්මුඛතාව - ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ... යන මේ යි. එහි පුද්ගල සම්මුඛතාව කවර යැ? යමෙකුත් චෝදනා කෙරෙයි ද?, යමකුටත් චෝදනා කෙරෙයි ද? සිය පසෙහිත් විරුද්ධ පක්‍ෂයෙහිත් වූවෝ හමුවෙත් ද? මේ එහි පුද්ගල සම්මුඛතාවය යි. එහි සතිවිනය කවර යැ? සතිවිනය කර්‍මයා ගේ යම් කියාවෙක්, කිරීමෙක්, එළඹීමෙක්, වඩාත් එළැඹීමෙක්, ඉවැසීමෙක්, ප්‍රතික්‍රෝශ නොකිරීමෙක් වෙයි ද, මේ එහි සතිවිනය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කෙරෙයි නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය වෙයි. ඡන්‍දදායක තෙමේ නින්‍දා කෙරෙයි ද, බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTඅමූළ්හවිනයො
Sinhala BJTඅමූළ්හවිනය
Pali BJT54. සියා අනුවාදාධිකරණං ද්වෙ සමථෙ අනාගම්ම සතිවිනයඤ්ච තස්සපාපිය්යසිකඤ්ච ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛාවිනයෙන ච අමූළ්හවිනයෙනචාති? සියාතිස්ස වචනීයං. යථා කථං විය? ඉධ භික්ඛු උම්මත්තකො හොති චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තං භික්ඛූ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො එවං වදෙති: “අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති.” එවම්පිනා වුච්චමානා චොදෙන්තෙව ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති’ තස්ස ඛො භික්ඛවෙ භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයො දාතබ්බො.
Sinhala BJT54. අනුවාදාධිකරණය සතිවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කියැයුතු වන්නේ ය. කෙසේ ද යත්: මෙහි මහණෙක් සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි ඒ උමතු මහණහු විසින් ශ්‍රමණ සාරුප්‍ය නොවූ බොහෝ කියුම් කැරුම් ද කරණ ලද්දේ වෙයි. උමතු වැ සිත් පෙරැළියට පැමිණ කළ දෑ හේතු කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මහණහු එ මහණහට ඇවැතින් චෝදනා කෙරෙත්. “ඇවැත්නි, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් කායික වාචසික වශයෙන් බොහෝ ශ්‍රමණසාරුප්‍ය නොවූ දෑ කරණ ලදි. එය මම් සිහි නො කරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදැ” යි හේ මෙසේ කියයි. ඔහු විසින් මෙසේ කියනු ලබන්නාහු ද ඔහු ඒ මහණහට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. මහණෙනි, නොමුළා වූ ඒ මහණහට අමූළ්හවිනය දිය යුතු ය.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘අහං භන්තෙ උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. මං භික්ඛූ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති. සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. ත්යාහං එවං වදාමි: අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති . එවම්පි මං වුච්චමානා චොදෙන්තෙව: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සොහං භන්තෙ අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ-
Sinhala BJTමහණෙනි, එය මෙසේ ම දිය යුතු: ඒ මහණහු විසින් සංඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතුවූ සිත් පෙරැළියට පත් ඒ මා විසින් මහණුනට නො සරුප් වූ කායික වූ ද වාචසික වූ ද බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පත් මා විසින් කළ වරද හේතු කොට ගෙන මහණහු මට, ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මට චෝදනා කෙරෙත්. ‘ඇවැත්නි, මම් උමතු වූ සිත් පෙරැළියට පැමිණියෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් කියන ලද්දාවූ ද, කයින් කරණ ලද්දාවූ දැ යි බොහෝ ශ්‍රමණ සාරුප්‍ය නොවූ වරද දෑ කරණ ලදී. ඒ දෑ මම් සිහි නො කෙරෙමි. සිහිමුළා වූ මා විසින් ඒ දෑ කරණ ලදැ’ යි ඔවුනට මම් මෙසේ කියමි. මෙසේ කියනු ලබන්නා වූ ද ඔහු මට ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’ යි මට චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් සිහිමුළාව නැත්තෙම් සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලමි” යි. මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද මෙසේ ඉල්ලිය යුතු ... තෙවෙනි වර ද ඉල්ලියැ යුතු ...
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු උම්මත්තකො අහොසි චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. තං භික්ඛූ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො එවං වදෙති: ‘අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං -පෙ-’ සො අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ මෙනම් මහණ වෙතම සිත් පෙරැළීමට ගිය උමතුවෙක් විය, සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කායික වූ ද වාචසික වූ ද අශ්‍රාමණක වූ බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු ඒ මහණහට සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කරණ ලද වරදින් ඇවැතින් ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු වූ ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි චෝදනා කෙරෙත්, හෙ තෙමේ “ඇවැත්නි, ... උමතුවීමි’ ... යි මෙසේ කියයි. හේ සිහිමුළාව නැත්තේ සංඝයා ගෙන් අමූළ්හ විනයය ඉල්ලයි. ඉදින් සංඝයාට ප්‍රාප්තකාල වේ නම් සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු උම්මත්තකො අහොසි චිත්තවිපරියාසකතො -පෙ- සො එවං වදෙති: ‘අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො -පෙ- සො අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා, මේ මෙනම් මහණ තෙම සිත් පෙරැළියට ගිය උමතුවෙක් විය ... හේ ‘ඇවැත්නි, මම් සිත් පෙරැළියට ගිය උමතුවෙකිම් වීමි ... සිහිමුළාවෙන් තොරවූ හේ සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලයි. සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙයි. මුළාව නැත්තාවූ මෙනම් මහණහට අමූළ්හවිනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම්, හේ කියාවා, දෙවෙනි වරද මෙ කරුණ කියමි.
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසංඝයා විසින් සිහිමුළාවෙන් තොර වූ මෙනම් මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ, අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච අමූළ්හවිනයෙන ච කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා. කිඤ්ච තත්ථ අමූළ්හවිනයස්මිං? යා අමූළ්හවිනයස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, ඉදං තත්ථ අමූළ්හවිනයස්මිං. එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛයාවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර යැ. එහි අමූළ්හවිනය කවර යැ? අමූළ්හවිනයකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළඹීමෙක්, අභ්‍යූපගමනයෙක්, ඉවැසීමෙක්, අප්‍රතික්‍රෝශනයෙක් වේ ද, මේ එහි අමූළ්හවිනය යැ. මහණෙනි, මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනය පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක තෙමේ (මේ අධිකරණ ව්‍යුපශමයයට) නින්‍දා කරන්නේ ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතස්සපාපිය්යසිකා
Sinhala BJTතස්සපාපිය්‍යසිකා
Pali BJT55. සියා අනුවාදාධිකරණං ද්වෙ සමථෙ අනාගම්ම සතිවිනයඤ්ච අමූළ්හවිනයඤ්ච ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛාවිනයෙන ච තස්සපාපිය්යසිකාය චාති? සියාතිස්ස වචනීයං.
Sinhala BJT55. අනුවාදාධිකරණය සතිවිනයය ද අමූළ්හවිනයය ද යන ශමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ දෙකින් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කිය යුතු වන්නේ ය.
Pali BJTයථා කථං විය? ඉධ භික්ඛු භික්ඛුං සඞ්ඝමජ්ඣෙ ගරුකාය ආපත්තියා චොදෙති, සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති.
Sinhala BJTකෙසේ ද යත්, මෙහි මහණෙක් මහණකුට සඟමැදදී “ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ගරු ඇවැතෙකින් චෝදනා කරයි.
Pali BJTසො එවං වදෙති: න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වාති.
Sinhala BJTඒ (චූදිත) මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට පැමිණියා මම් සිහි නො කරමි” යි කියයි.
Pali BJTතමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති. ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වාති.
Sinhala BJTඒ (චෝදක) මහණ තෙම “එසේ නම් ආයුෂ්මත් තෙමේ ‘පරිජි හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවතකට හෝ පැමිණියෙමි’යි සිහි කෙරෙහි නම් මනාකොට ම එය දැනගන්නැ “ යි යථෝක්ත වුදිත මහණහු වඩාත් චෝදනායෙන් වෙළයි.
Pali BJTසො එවං වදෙති: න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා. සරාමි ච ඛො අහං ආවුසො, එවරූපිං අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිතාති.
Sinhala BJTඒ වුදිත මහණෙතම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කරමි. ඇවැත්නි, එතෙකුදු වුවත් මෙබඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙමි යි සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
Pali BJTතමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති: ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි: යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා, පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති.
Sinhala BJTඑසේ වී නම්, ආයුෂ්මත් තෙමේ ‘පරිජි ඇවැතට හෝ පාරාජිකසාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කෙරෙහි නම් එය මනාකොට ම දැනගන්නැ’යි චෝදක මහණ තෙමේ යථෝක්ත චෝදනා වෙළුමෙන් මිදෙන්නට සැරසෙන මහණහු වඩාත් දැඩි කොට වෙළයි.
Pali BJTසො එවං වදෙති: ‘ඉමං හි නාමාහං ආවුසො අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො පටිජානිස්සාමි. කිම්පනාහං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො න පටිජානිස්සාමී’ති?
Sinhala BJT‘ඇවැත්නි, මම් මෙ නම් අල්පමාත්‍ර ඇවැතකට පැමිණ නො විචාරණ ලද්දෙම් ප්‍රතිඥා කරන්නෙමි. කිමෙක් ද? පරිජිඇවතට හෝ පරිජි ඇවැතට සාමන්ත වූ ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණ විචාරණ ලද්දෙම් ප්‍රතිඥා නො කරන්නෙම් ද?’යි ඒ චූදිත මහණ මෙසේ කියයි.
Pali BJTසො එවං වදෙති: ඉමං හි නාම ත්වං ආවුසො අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො න පටිජානිස්සසි. කිං පන ත්වං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො න පටිජානිස්සසි? ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි. යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වාති.
Sinhala BJTඑවිට ඒ චෝදක මහණ තෙම ‘ඇවැත්නි, ඔබ මෙනම් වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණ, නොවිචාරණ ලද්දෝ එය ප්‍රතිඥා කරන්නහු ය. (එසේ කල්හි) පරිජි හෝ පරිජියට සාමන්ත ඇවතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණ කිමෙක් ද? විචාරණ ලද්දාහු ප්‍රතිඥා නො කරන්නහු ද? එබැවින් ඉදින් පරිජියකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කරවු නම්, එය මොනොවට ම දැනගන්නැ’ යි. මෙසේ කියයි.
Pali BJTසො එවං වදෙති සරාමි ඛො අහං ආවුසො එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා දවා මෙ එතං වුත්තං, රවා මෙ එතං වුත්තං. නාහන්තං සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වාති.
Sinhala BJT(එවිට) ඒ චූදිතක මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණියෙමි යි මා කීවා සිහි කෙරෙමි ඇවැත්නි, එය මා විසින් කෙළි පිණිස කියන ලදි, එය මා විසින් විහිළු පිණිස කියන ලදී. පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට මම් පැමිණියෙමි’යි කියා නම් නො ම සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
Pali BJT56. තස්ස ඛො තං භික්ඛවෙ භික්ඛුනො තස්සපාපිය්යසිකා කම්මං කාතබ්බං. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT56. මහණෙනි, එසේ කියන ඒ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කළයුතු. මහණෙනි, මෙසේ වනාහි එය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ගරුකාය ආපත්තියා අනුයුඤ්ජියමානො අවජානිත්වා පටිජානාති, පටිජානිත්වා අවජානාති, අඤ්ඤෙනඤ්ඤං පටිචරති, සම්පජානමුසා භාසති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාබකම්මං කරෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟ මැද දී ගරු ඇවැතින් ප්‍රශ්න කරණු ලබන්නේ අවඥා කොට (වරද නො පිළිගෙන) ප්‍රතිඥා කෙරෙයි (නැවැත පිළිගනියි) ප්‍රතිඥා කොට (එසේ ය. වරදට පැමිණියෙමි යි පිළිගෙන) අවඥා කෙරෙයි (ක්‍රීඩා වශයෙන් එසේ කීයෙමි යි යන ආදි බසක් කියා නොපිළිගනී හෝ වරද යටපත් කෙරෙයි). එකෙකින් අනෙකක් වසාලයි. (වරදට පැමිණියෙමි යි) දන්නේ ම බොරු කියයි. ඉදින් සංඝයාට සුදුසු යැ යි හැඟෙන්නේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ගරුකාය ආපත්තියා අනුයුඤ්ජියමානො අවජානිත්වා පටිජානාති, පටිජානිත්වා අවජානාති, අඤ්ඤෙනඤ්ඤං පටිචරති, සම්පජානමුසා භාසති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං කරොති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මස්ස කරණං, සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- කතං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟමැදදී ගරු ඇවැතෙකින් අනුයෝග කරණු ලබන්නේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි අන් කරුණෙකින් අනෙකක් වසාලයි, දැන දැන මුසවා බෙණෙයි, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කෙරෙයි. මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම්, හේ නිහඬ වන්නේය, යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදි. සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි” යනුයි.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ තස්සපාපිය්යසිකාය? යා තස්සපාපිය්යසිකා කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, අයං තත්ථ තස්සපාපිය්යසිකාය. එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති. උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති, ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේද? යත්: සම්මුඛාවිනයයෙන්ද, තස්සපාපිය්‍යසිකායෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව යන සතර යි ... එහි තස්සපාපිය්‍යසිකාව කවර යැ? තසසපාපිය්‍යකාකර්‍මයා ගේ යම් ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මෙය එහි තස්සපාපිය්‍යසිකාව යැ. මහණෙනි, ඉදින් මෙසේ සංසිඳුනු , අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණෙක් නින්‍දා කෙරෙයිද, ඔහුට ඛීයනක පාචිත්තිය වෙයි.
Pali BJTපටිඤ්ඤාතකරණං
Sinhala BJTප්‍රතිඥාතකරණය
Pali BJT57. ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මති? ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, තිණවත්ථාරකෙන ච.
Sinhala BJT57. ආපත්ත්‍යධිකරණය සමථ කීයෙකින් සන්සිඳෙයි ද? යත්: ආපත්ත්‍යධිකරණය සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනින් සන්සිඳේ.
Pali BJTසියා ආපත්තාධිකරණං එකං සමථං අනාගම්ම තිණවත්ථාරකං ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛා විනයෙන ච පටිඤ්ඤාතකරණෙන චාති? සියා’තිස්ස වචනීයං. යථාකථං විය? ඉධ භික්ඛු ලහුකං ආපත්තිං ආපන්නො හොති. තෙන භික්ඛවෙ භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං ආවුසො ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො තං පටිදෙසෙමී’ති. තෙන වත්තබ්බො: ‘පස්සසී?ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
Sinhala BJTආපත්ත්‍යධිකරණය, තිණවත්‍ථාරක නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන සමථ දෙකින් සන්සිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැයි කියයුතු වන්නේ ය. කෙසේ යත්: මෙහි මහණෙක් ලුහු ඇවතකට පැමිණියේ වෙයි. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන්හි කොට, “ඇවැත්නි, මම් මෙ නම් ඇවැතකට පැමිණියෙමි, එය දෙසමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. ඔහු විසින් (අනිත් මහණහු විසින්) ‘ඇවැත දක්හිදැ ?’ යි කියැ යුතු. ‘එසේ ය, දකිමි’ යි පළමු මහණහු විසින් කියැ යුතු ‘මත්තෙහි සංවර වඩව’ යි දෙවැනි මහණහු විසින් කියැ යුතු,
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, උභො සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා කිඤ්ච තත්ථ පටිඤ්ඤාතකරණස්මිං? යා පටිඤ්ඤාතකරණස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, ඉදං තත්ථ පටිඤ්ඤාතකරණස්මිං. එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ ය යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන තුන ය ... එහි පුද්ගල සම්මුඛතාව කවර යැ: යමෙක් ඇවැත දෙසා නම්, හේ මහණ ද යමකුට ඇවැත දෙසා නම් ඒ මහණ ද යන දෙදෙනා හමු වූවාහු වෙත් ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යැ. එහි පටිඤ්ඤාතකරණය නම් කවර යැ? පටිඤ්ඤාතකරණ කර්‍මයාගේ යම් කියාවෙක් කිරීමෙක්, එළඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණයක් ප්‍රතිග්‍රාහක මහණ තෙමේ (යළිත් සන්සිඳවනු පිණිස උත්කෝටනය කෙරෙයි ද (ඉදිරියට අදී ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJT58. එවං චෙ තං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ තෙන භික්ඛවෙ භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයා: ‘අහං භන්තෙ ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා: සුණන්තු මෙ ආයස්මන්තා. අයං ඉත්ථන්නාමො භික්ඛු ආපත්තිං සරති. විවරති, උත්තානීකරොති දෙසෙති. යදායස්මන්තානං පත්තකල්ලං, අහං ඉත්ථන්නාමස්ස භික්ඛුනො ආපත්තිං පතිගණ්හෙය්යන්ති.”
Sinhala BJT58. මහණෙනි, මෙසේ ඒ අධිකරණය සමථය ලබන්නේ නම්, ඒ මැනැවැ. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් බොහෝ මහණුන් කරා එළැඹ උතුරු සඟ එකස් කොට, වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ, දොහොත් මුදුනැ නඟා “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙම් වෙමි. එය දෙසමි” යි මෙසේ කියයුතු වන්නාහ. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “ආයුෂ්මත්හු මගේ වචනය - අසත්වා. මේ මෙනම් මහණ ඇවැත හෙළි කරයි, ඇවැත පෙහෙළි කරයි. ඇවැත දෙසයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ යැ යි හැඟේ නම්, මම මෙනම් මහණහුගේ ඇවැත පිළිගන්නෙමි” යි මහණහු දැන්විය යුත්තාහ.
Pali BJTතෙන වත්තබ්බො ‘පස්සසී?’ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
Sinhala BJTඒ ප්‍රතිග්‍රාහක මහණහු විසින් ඇවැත දක්නෙහි දැ?’ යි ඉතර මහණට කියයුතු. ‘එසේ යැ, දකිමි’ යි දේශක මහණහු විසින් කියැ යුතු, ‘මත්තෙහි සංවර කරව’ යි ප්‍රතිග්‍රාහක මහණහු විසින් කියැ යුතු.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ, අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, උභො සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා. කිඤ්ච තත්ථ පටිඤ්ඤාතකරණස්මිං? යා පටිඤ්ඤාතකරණස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, ඉදං තත්ථ පටිඤ්ඤාතකරණස්මිං. එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේයැ යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනය කවර යැ? ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන යැ..... එහි පුද්ගලසම්මුඛතාව කවර යැ? යමෙක් ඇවැත දෙසයි ද, යමකුටත් දෙසයි ද, මේ දෙසක ප්‍රතිග්‍රාහක දෙදෙනා හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතාව යැ. එහි ප්‍රතිඥාතකරණය කවර යැ? ප්‍රතිඥාත කරණ කර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධන, යෙක් වේ ද, මේ එහි ප්‍රතිඥාතකරණය යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක මහණ තෙම නැවැත සන්සිඳුවනු පිණිස ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJT59. එවඤ්චෙ තං ලභෙථ ඉච්චෙතං කුසලං නො චෙ ලභෙථ, තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී”ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ආපත්තිං සරති විවරති උත්තානී කරොති දෙසෙති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්ථන්නාමස්ස භික්ඛුනො ආපත්තිං පතිගණ්හෙය්යන්ති. තෙන වත්තබ්බො ‘පස්සසී?’ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
Sinhala BJT59. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් සංඝයා කරා එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන, “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙමි. එය දෙසමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ ඇවැත සිහි කරයි. හෙළි කරයි, පෙහෙළි කරයි, දෙසයි. ඉදින් සංඝයාට සුදුසු කල් වී යැයි හැඟේ නම්, මම් මෙනම් මහණහුගේ ඇවැත පිළි ගන්නෙමි’ යි සංඝ තෙමේ දැන්වියැ යුතු. ඒ ප්‍රතිග්‍රාහක මහණ විසින් ‘ඇවැත දකිහි දැ?’ යි කියැ යුතු ‘එසේ ය, දකිමි’ යි දේශකයා විසින් කියැ යුතු. ‘මත්තෙහි සංවරය වඩව’ යි ප්‍රතිග්‍රාහකයා විසින් කියැ යුතු.
Pali BJTඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේ යැ”යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද යන දෙකිනි, එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර යැ ... මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක තෙමේ උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණ නින්‍දා කරන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතිණවත්ථාරකං
Sinhala BJTතිණවත්‍ථාරකය
Pali BJT60. සියා ආපත්තාධිකරණං එකං සමථං අනාගම්ම පටිඤ්ඤාතකරණං ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන චාති? සියාතිස්ස වචනීයං. යථාකථං විය? ඉධ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තත්ර චෙ භික්ඛූනං එවං හොති. ‘අම්හාකං ඛො භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම, සියාපි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්යා’ති. අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං තිණවත්ථාරකෙන වූපසමෙතුං.
Sinhala BJT60. ප්‍රතිඥාතකරණ නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛ විනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ දෙකින් ආපත්‍යධිකරණය සන්සිඳෙන්නේය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිය යුතු වන්නේ ය. කෙසේ ද? යත්: ‘මෙහි හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණියන් වැ වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ වරද කරන ලදුයේ වෙයි. ඉදින් එහි මහණුනට හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට බටුවන් වැ වසන අප විසින් වාචසික වූද කායික වූ ද බොහෝ වරද කරණ ලදුයේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් උනුනට පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, බිඳීම පිණිස පවතිනු විය හැකියැ’ යි මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මෙබඳු අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නට අනුදනිමි:
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ වූපසමෙතබ්බං: සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම. සියාපි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමං අධිකරණං තිණවත්ථාරකෙන වූපසමෙය්ය, ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තන්ති.
Sinhala BJTතවද මහණෙනි, මෙසේ එය සන්සිඳු විය යුතු: සියලු මහණුන් ම එක් තැනකට රැස් විය යුතු. එක්රැස් වැ ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් අරගල ඇති ව, උපන් කලහ ඇති ව, විරුද්ධවාදයට බැසගත්තන් ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද ශ්‍රමණසාරූප්‍ය නොවූ බොහෝ දෑ කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද හැකි වන්නේ ය, ඉදින් සංඝයාට සුදුසු කලහැ යි හැඟෙන්නේ වී නම් සංඝ තෙමේ (පරිජි සඟවෙසෙස් යන) දළ වරද හැර, ගිහින් ගැරහුම් ආදීන් ගෘහස්ථප්‍රතිසංයුක්ත වරද ද හැර (සෙසු ඇවැත් හා සම්බන්‍ධ වූ) මේ අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නේ ය.
Pali BJTඑකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සකො පක්ඛො ඤාපෙතබ්බො: “සුණන්තු මෙ ආයස්මන්තා අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම සියාපි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය, යදායස්මන්තානං පත්තකල්ලං අහං යා චෙව ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති ආයස්මන්තානඤ්චෙව අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තන්ති. අථාපරෙසං{1} එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සකො පක්ඛො ඤාපෙතබ්බො: “සුණන්තු මෙ ආයස්මන්තා. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං”ති.
Sinhala BJTඑක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මා ගේ වචනය අසත්වා. උපන් අරගල ඇති වැ උපන් කලහ ඇති වැ විරුද්ධවාදයට බැසගත්තන් වැ වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද අශ්‍රාමණක වූ බොහෝ දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස සැඩබව පිණිස භේදය පිණිස පවතිනු ද විය හැක්ක. (ඒ හෙයින්) ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් යැ යි හැඟෙන්නේ වී නම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ නම් තමා ගේ යම් ඇවැත් වේ නම් ස්ඵුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු සියලු ඇවැත් ආයුෂ්මත්නට වැඩ පිණිසත් තමාට වැඩ පිණිසත් සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි” යි ස්වකීය පක්‍ෂය දැන්වියැ යුතු යැ. ඉක්බිති අන් එක් පක්‍ෂයක් ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. උපන් අරගල ඇති ... ස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තී ද හැර සෙසු සියලු ඇවැත්.... සහ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙම්” යැ යි ස්වකීය පක්‍ෂය දැන්විය යුතු.
Pali BJTඑකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඑක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අම්හාකං භණ්ඩනජාතානං -පෙ- බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං -පෙ- සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම. සියාපි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති යා ච අත්තනො ආපත්ති ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි ඔවුනොවුනට මේ ඇවැත්වලින් පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද විය හැකි ය. ඉදින් සංඝයාට සුදුසු කල් වේ යැයි හැඟේ නම් මම් ස්ථූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම් තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙමි ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. යස්සායස්මතො ඛමති අම්හාකං ඉමාසං ආපත්තීනං සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසනා ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං, සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTසංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි.... මම් ස්ඵුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම්, තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසමි. සථූලවරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු මේ සියලු ඇවැත් අප සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකු හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා, යම් ආයුෂ්මතකු හට නො රිසියෙන්නේ වී නම් හේ කියාවා.
Pali BJTදෙසිතා අම්හාකං ඉමා ආපත්තියො සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTඅප විසින් ස්ථුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසිවෙයි. එ හෙයින් නිහඬ යැ. මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්විය යුතු.
Pali BJTඅථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝෙ ඤාපෙතබ්බො:
Sinhala BJTඉක්බිති අන් එක් පක්‍ෂය ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින්,
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. එසා ඤත්ති.
Sinhala BJT“සංඝ තෙමේ මා ගේ වචනය අසා වා. උපන් අරගල ඇති ... අප විසින් ... වරද කරන ලද්දේ ය. ස්ඵුල වරද හැර ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු..... සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අම්හාකං භණ්ඩනජාතානං -පෙ- අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ඉමෙසං චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ව අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙමි. ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං -පෙ- යස්සායස්මතො ඛමති සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය. දෙසිතා අම්හාකං ඉමා ආපත්තියො සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන ඨපෙත්වා ථුල්ලවජ්ජං. ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ ද, තමා ගේ යම් ඇවැත් වේ ද, ස්ඵූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තිය ද හැර සෙසු මේ සියලු ඇවැත් මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සහ මැද දී තිණවත්‍ථාරකය දෙසමි ... යම් ආයුෂ්මතකු හට රිසියෙහි ද හේ නිහඬ වේ වා, යමකුට නොරිසියෙයි ද හේ කියාවා. අප විසින් ස්ඵූල වරද ද හැර ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසියෙයි, එ හෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්වියැ යුත්තේ ය.
Pali BJT61. ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං?
Sinhala BJT61. මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කවර යැ?
Pali BJTසඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා. කා ච තත්ථ සඞ්ඝසම්මුඛතා? යාවතිකා භික්ඛූකම්මප්පත්තා තෙ ආගතා හොන්ති ඡන්දාරහානං ඡන්දො ආහටො හොති. සම්මුඛීභූතා න පටික්කොසන්ති. අයං තත්ථ සඞ්ඝසම්මුඛතා.
Sinhala BJTසංඝ සම්මුඛතාව ධර්‍ම සම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන මේ ය. එහි සංඝ සම්මුඛතාව කවරයැ” යම් පමණ මහණහු කර්‍මප්‍රාප්තයෝ නම් ඔහු හැම ආවාහු වෙත් ද ඡන්‍දය දෙනුවට සුදුස්සන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතිෂෙධනය නො කෙරෙත් ද මේ එහි සංඝ සම්මුඛතාව යි.
Pali BJTකා ච තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා? යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, අයං තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා.
Sinhala BJTඑහි ධර්‍ම සම්මුඛතා විනය සම්මුඛතා කවර යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ-සාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳෙයි ද, මෙය එහි ධම්සම්මුඛතා විනයසම්මුඛතා යැ
Pali BJTකා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, උභො සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා.
Sinhala BJTඑහි පුද්ගලසම්මුඛතා කවර යැ? යමෙකුත් ඇවැත දෙසයි ද යමකුටත් දෙසයි ද, ඒ දෙදෙනාම හමුවූවාහු වෙත්, මේ එහි පුද්ගල සම්මුඛතා යැ.
Pali BJTකිඤ්ච තත්ථ තිණවත්ථාරකස්මිං? යා තිණවත්ථාරකස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා ඉදං තත්ථ තිණවත්ථාරකස්මිං.
Sinhala BJTඑහි තිණවත්‍ථාරකය කවර යැ? තිණවත්‍ථාරකකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මේ එහි තිණවත්‍ථාරකය යි.
Pali BJTඑවං වූපසන්තං ච භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති, ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, මෙසේ සන්හිඳුනු මේ අධිකරණය ඉදින් ප්‍රතිග්‍රාහක මහණෙක් ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. මේ කර්‍මයට ඡන්‍දය දුන් මහණෙක් මෙහි සන්හිඳීමට නින්‍දා කෙරේ ද ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTකිච්චාධිකරණං කතිහි සමථෙහි සම්මති? කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති සම්මුඛාවිනයෙනාති.
Sinhala BJTකෘත්‍යාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේ ද කෘත්‍යාධිකරණය සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙකින් සන්හිඳෙ යි.
Pali BJTසමථක්ඛන්ධකං නිට්ඨිතං චතුත්ථො.
Sinhala BJTසතරවනු සමථක්බන්‍ධකය නිමියේ ය.
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTචුල්ලවග්ගපාළි
Sinhala BJTසුළුවග
Pali BJT(දුතියො භාගො)
Sinhala BJT(දෙවන භාගය)
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTඛුද්දකවත්ථුක්ඛන්ධකං
Sinhala BJTඛුද්දකවත්‍ථුක්ඛන්‍ධකය
Pali BJTඛුද්දකවත්ථූනි
Sinhala BJTක්‍ෂුද්‍රකවස්තු
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නහායමානා රුක්ඛෙ කායං උග්ඝංසෙන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම සමණා සක්යපුත්තියා නහායමානා රුක්ඛෙ කායං උග්ඝංසෙස්සන්ති, ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි, සෙය්යථාපි මල්ලමුට්ඨිකා ගාමපොද්දවාති?{1} අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ නහායමානා රුක්ඛෙ කායං උග්ඝංසෙන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා, “අනනුච්ඡවිකං භික්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා නහායමානා රුක්ඛෙ කායං උග්ඝංසෙස්සන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායාති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි සවග මහණහු ස්නානය කරන්නාහු කලවා ද අත්දඬු ද ළය ද පිට දැ යි ශරීරාවයව රුකෙහි උළත්. මිනිස්සු ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික මහණහු ස්නානය කරන්නාහු මල්ල පොරකාරයන් සේ, සම පැහැපත් කරන නුවරුන් සේ කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ’ යි ලාමක කොට සිතත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. මහණහු ලාමක කොට සිතන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසංඝයා එක්රැස් කරවා ‘මහණෙනි, සවග මහණහු නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ යි පුවත සත්‍ය දැ යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ’යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ ක්‍රියාව මහණුනට නො නිසි ය, මහණුනට නො අනුලොම් ය, මහණුනට නො සුදුසු ය, අශ්‍රාමණක ය, මහණුනට නො කැප ය, මහණුන් විසින් නො කළ යුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් රුකෙහි උළත් ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩෙනු පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පහන් වූවන් ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු සමහර දෙනාගේ වෙනස් බව පිණිසද පවතී” යැ යි නොයෙක් ලෙසින් ගැරැහු සේක. නොයෙක් ලෙසින් ගරහා, දැහැමි කතා කොට, මහණුන් අමතා,
Pali BJT“න භික්ඛවෙ, නහායමානෙන භික්ඛුනා රුක්ඛෙ කායො උග්ඝංසෙතබ්බො. යො උග්ඝංසෙය්ය, ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, නාන්නා වූ මහණහු විසින් රුකෙහි ඇඟ නො ඉළියයුතු ය. යම් මහණෙක් ඇඟ (රුකෙහි) උළන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නහායමානා ථම්භෙ කායං උග්ඝංසෙන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘කථං හි නාම සමණා සක්යපුත්තියා නහායමානා ථම්භෙ කායං උග්ඝංසෙස්සන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි, සෙය්යථාපි මල්ලමුට්ඨිකා ගාමමොද්දවා’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තා නං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. ‘සච්චං කිර භික්ඛවෙ -පෙ- ‘සච්චං භගවා’ විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT2. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද යන ශරීරාවයව ටැඹෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන් සම පැහැ ගන්වන නියැරියන් මෙන් කෙසේ නම් ටැඹෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළාහ. “මහණෙනි ... සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබෑ යැ’ යි භික්‍ෂුහු පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් කරුණු දක්වා ගැරැහු සේක. නොයෙක් කරුණු දක්වා ගරහා දැහැමි කථා කොට, මහණුන් අමතා,
Pali BJT“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා ථම්භෙ කායො උග්ඝංසෙතබ්බො. යො උග්ඝංසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් ටැඹෙහි ඇඟ නො ඉළියැයුතු. යම් මහණෙක් ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නහායමානා කුඩ්ඩෙ කායං උග්ඝංසෙන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම සමණා සක්යපුත්තියා නහායමානා කුඩ්ඩෙ කායං උග්ඝංසෙස්සන්ති ඌරුම්පි බාහුම්පි උරම්පි පිට්ඨිම්පි, සෙය්යථාපි මල්ලමුට්ඨිකා ගාමමොද්දවාති -පෙ- විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා ධම්මං කථං කත්වා භික්ඛු ආමන්තෙසි:
Sinhala BJT3. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද බිත්තියෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන්, සම පැහැ ගන්වන නියැරියන් මෙන්, කෙසේ නම් බිත්තියෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණින් ගැරැහු සේක. ... නොයෙක් කරුණින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් අමතා,
Pali BJT“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා කුඩ්ඩෙ කායො උග්ඝංසෙතබ්බො. යො උග්ඝංසෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් බිත්තියෙහි ඇඟ නො ඉළියැයුතු, යමෙක් (බිත්තියෙහි) ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අට්ඨානෙ.{1} නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම -පෙ- පිට්ඨිම්පි ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛියන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. සච්චං කිර භික්ඛවෙ -පෙ- සච්චං භගවා. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT4. එ සමයෙහි වනාහි සවග මහණහු අට්ඨානයෙහි (ගිහියන් සඳහා ඇඟ උළන පුවරු සිටුවා ඇති තොටුපලෙහි) ස්නානය කරත්. මිනිස්සු ... “කෙසේ නම් කාමභෝගී ගිහියන් මෙන් .... පිට ද උළත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබෑ ය වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් ලෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් අමතා,
Pali BJT“න භික්ඛවෙ අට්ඨානෙ නහායිතබ්බං. යො නහායෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, අට්ඨානයෙහි (ගිහියන් සඳහා පිළියෙල වැ ඇති තොටුපලෙහි) නො නෑ යුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT5. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගන්ධබ්බහත්ථකෙන නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT5. එ සමයෙහි වනාහි සවග මහණහු ගඳැවු අතින් (නාන තොටැ තබා ඇති ලී මුවා අතින්) ඇඟ උළා නාත්. ‘කාමභෝගී ගිහියන් මෙන් නාති’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා,
Pali BJT“න භික්ඛවෙ ගන්ධබ්බහත්ථකෙන නහායිතබ්බං. යො නහායෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ගඳැවු අතින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT6. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කුරුවින්දකසුත්තියා නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “සෙය්යථාපි ගිහී කාමභොගිනොති”. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
Sinhala BJT6. එ සමයෙහි වනාහි සවග මහණහු කිරිඳිහුයින් (කිරිඳිගල් සුණු ලහයෙන් අනා කළ ගුළි වැටියෙන්) ඇඟ උළා නාත් ...
Pali BJT“න භික්ඛවෙ කුරුවින්දකසුත්තියා නහායිතබ්බං යො නහායෙය්ය ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, කිරිඳිහුයින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
Pali BJT7. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ විග්ගය්හ පරිකම්මං කාරාපෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT7. එ සමයෙහි වනාහි සවග මහණහු ඇඟින් ඇඟ ගටා පිරියම් කරවත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් මෙන් යැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ විග්ගය්හ පරිකම්මං කාරාපෙතබ්බං. යො කාරාපෙය්ය ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, ඇඟින් ඇඟ ගටා පිරියම් නො කැරැවියයුතු. යමෙක් කැරැවූයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT8. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මල්ලකෙන නහායන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ-
Sinhala BJT8. එ සමයෙහි වනාහි සවග මහණහු මල්ලකයෙන් (මුවර දත් සිඳ කෙමියක් මෙන් තැනූ උපකරණයෙන්) ඇඟ උළා නාත්, ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
Pali BJT“න භික්ඛවෙ මල්ලකෙන නහායිතබ්බං. යො නහායෙය්ය ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT“මහණෙනි, මල්ලකයෙන් ඇඟ උළා නො නෑ යුතු, යමෙක් නෑයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.