Pali BJT21. එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සකො පක්ඛො ඤාපෙතබ්බො: සුණන්තු මෙ ආයස්මන්තා. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භාසිතපරිකන්තං. සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම සියා පි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය. යදායස්මන්තානං පත්තකල්ලං අහං යා චෙව ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ආයස්මන්තානඤ්චෙව අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තන්ති.
Sinhala BJT21. එක් පක්‍ෂයෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘ආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක කියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්න මෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස, පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන් ගේ යම් ඇවැතෙක් වේ ද, තමා ගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද, දළවරද හැරපියා, ගිහියනට නිගා කිරීම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්ත්‍රාරකයෙන් දෙසන්නෙමි’ යි ස්වකීය පක්‍ෂය ඥාපයිතව්‍ය ය (සිය පසට දැන්විය යුතු).
Pali BJTඅථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සකො පක්ඛො ඤාපෙතබ්බො:
Sinhala BJTඑ කල්හි එක් පක්‍ෂයෙක වූ අනිත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,
Pali BJTසුණන්තු මෙ ආයස්මන්තා. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භෙදාය සංවත්තෙය්ය. යදායස්මන්තානං පත්තකල්ලං, අහං යා චෙව ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ආයස්මන්තානඤ්චෙව අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තන්ති.
Sinhala BJTආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ...... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත් වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ..... භේදය පිණිස පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද, දළ වරද හැර පියා ගිහියනට ගැරැහුම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි යි සිය පසට දැන්වීය යුතු.
Pali BJT22. එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භෙදාය සංවත්තෙය්ය. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්තියා ච අත්තනො ආපත්ති ඉමෙසං චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං: එසා ඤත්ති.
Sinhala BJT22. එක් පසෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි ... භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ වී නම්, මම්, මෙ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද, තමහට වැඩ පිණිස ද, සහ මැද දී ස්ථුල වරදත් ගිහියනට ගැරැහුම් ඈ විසින් කළ වරදත් හැර ඒ ඉතිරි සියලු වරද තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භෙදාය සංවත්තෙය්ය. අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙමි ඨපෙත්වා ථුල්ලවජ්ජං, ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. යස්සායස්මතො ඛමති අම්හාකං ඉමාසං ආපත්තීනං සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසනා, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. එය ... භේදය පිණිස පවතින්නේ ය. මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමා ගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම, සුලු වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැර මේ ආයුෂ්මත්නට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද සඟ මැද දී මම් දෙසමි. ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැරපියා අපගේ මේ සෙසු සියලු ඇවැතුන් තෘණවස්තාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකුට රිසි යෙන්නේ ද හේ නිහඬ වේවා, යමකුට නො රිසියෙන්නේ ද හේ කියාවා.
Pali BJTදෙසිතා අම්හාකං ඉමා ආපත්තියො සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTස්ථූල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැර පියා, මේ සෙසු ඇවැත්හු අප විසින් සඟ මැද දී දෙසන ලදහ. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි’යි යනුවෙනි.
Pali BJT23. අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT23. අනතුරු ව අන් එක් පසෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භෙදාය සංවත්තෙය්ය. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං -පෙ- සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. උපන් ඩබර ඇති ... අප විසින්.... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. එය ... භේදය පිණිස පවතින්නේ ය. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැරපියා මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද, සහ මැද දී මම් දෙසන්නෙමි. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං -පෙ- භෙදාය සංවත්තෙය්ය. අහං -පෙ- සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙමි ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. යස්සායස්මතො ඛමති අම්හාකං ඉමාසං ආපත්තීනං සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසනා ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි ... එය… භේදය පිණිස පවත්නේ ය. මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ස්ථුල වරදත් ගෘහී ප්‍රතිසංයුක්ත වරදත්, හැර මේ ආයුෂ්මතුන්හට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද සහ මැද දී මම් දෙසමි. ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැර පියා අපගේ මේ සෙසු සියලු ඇවැතුන් තෘණවස්තාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ ද හේ නිහඬ වේවා, යමක්හට නො රිසියෙන්නේ ද, හේ කියාවා.
Pali BJTදෙසිතා අම්හාකං ඉමා ආපත්තියො සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී’ති.
Sinhala BJTස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැරපියා මේ සෙසු ඇවැත්හු අප විසින් සඟ මැද දී දෙසන ලදහ. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි’ යනුවෙනි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ තෙ භික්ඛූ තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්ති ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තං ඨපෙත්වා දිට්ඨාවිකම්මං ඨපෙත්වා යෙ න තත්ථ හොන්තීති.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි ඒ මහණහු ස්ථුල ඇවැතුත් හැර, ගාහීප්‍රතිසංයුක්ත ඇවැතුත් හැර, යම් කෙනෙකුනට මෙය නො රිසියෙන්නේ නම් ඔවුන් ගේ එ බව පැවසීම හැර යම් කෙනෙක් එහි නො වෙත් නම් ඔවුන් ද හැර, ඉතිරි හැම ඇවැත් කෙරෙන් නැඟි සිටියාහු වෙත්.”
Pali BJT8. චත්තාරි අධිකරණානි
Sinhala BJT8. සතර අධිකරණ
Pali BJT24. තෙන ඛො පන සමයෙන භික්ඛූ’පි භික්ඛුනීහි විවදන්ති, භික්ඛුනියො පි භික්ඛූහි විවදන්ති. ඡන්නො පි භික්ඛු භික්ඛුනීනං අනුපඛජ්ජ භික්ඛූහි සද්ධිං විවදති, භික්ඛුනීනං පක්ඛං ගාහෙති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ඡන්නො භික්ඛු භික්ඛුනීනං අනුපඛජ්ජ භික්ඛූහි සද්ධිං විවදිස්සති, භික්ඛුනීනං පක්ඛං ගාහෙස්සතීති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. ‘සච්චං කිර භික්ඛවෙ -පෙ-’ ‘සච්චං භගවා -පෙ-’ විගරහිත්වා-පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT24. එ සමයෙහි වනාහි මහණහු ද මෙහෙණන් හා විවාද කෙරෙත්, මෙහෙණහු ද මහණුන් හා විවාද කෙරෙත්. ඡන්න මහණ ද මෙහෙණන් ... මැදට වැද මහණුන් හා විවාද කෙරෙයි. මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වයි. අල්පේච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ඡන්න මහණ තෙම කෙසේ නම් මෙහෙණන් මැදට වැද මහණුන් හා විවාද කරන්නේ ද? මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වන්නේ දැ?’ යි අවඥා කෙරෙත්, දොස් නඟත්, අගුණ පතුරුවා බෙණෙත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ‘මහණෙනි, එය සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘වහන්ස සැබැවැ’ යි ඒ මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා, දැහැමි කතා කොට, ඔවුන් බණවා මෙය වදාළ සේක:
Pali BJT25. චත්තාරිමානි භික්ඛවෙ අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
Sinhala BJT25. “මහණෙනි, විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්‍යධිකරණය, කාත්‍යාධිකරණයැ යි මේ සතර අධිකරණ කෙනෙක් වෙත්.
Pali BJTතත්ථ කතමං විවාදාධිකරණං? ඉධ පන භික්ඛවෙ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා භාසිතං ලපිතං තථාගතෙනාති වා අභාසිතං අලපිතං තථාගතෙනාති වා ආචිණ්ණං තථාගතෙනාති වා, අනාචිණ්ණං තථාගතෙනාති වා. පඤ්ඤත්තං තථාගතෙනාති වා අපඤ්ඤත්තං තථාගතෙනාති වා ආපත්තීති වා අනාපත්තීති වා ලහුකා ආපත්තීති වා ගරුකා ආපත්තීති වා, සාවසෙසා ආපත්තීති වා අනවසෙසා ආපත්තීති වා දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා, යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධකං{1} ඉදං වුච්චති විවාදාධිකරණං.
Sinhala BJTඑහි විවාදාධිකරණය කවර යැ. මහණෙනි, මෙහි මහණහු ‘මේ දහමැ යි කියා හෝ නොදහමැයි කියා හෝ විනයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් විසින් වදාරණ ලද්දේ ය, පවසන ලද්දේයැ යි කියා හෝ තථාගතයන් විසින් නො වදාරණ ලද්දේ ය, නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් විසින් ආචීර්‍ණ (කරණ ලද) යැ යි කියා හෝ තථාගතයන් විසින් අනාචීර්‍ණයැ යි කියා හෝ තථාගතයන් විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් විසින් නො පණවන ලදැ යි. කියා හෝ මේ ඇවැතැ යි කියා හෝ මේ නො ඇවැතැ යි කියා හෝ මේ ලුහු ඇවැතැ යි කියා හෝ මේ ගරු ඇවැතැයි කියා හෝ මේ සාවශේෂ ඇවැතැයි කියා හෝ මේ අනවශේෂ ඇවැතැයි කියා හෝ මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානා වාදයෙක් අන්‍යථාවාදයෙක් විරුද්ධ ව්‍යවහාරයෙක් (පරුෂවචනයෙක්) කල බැගෑනියෙක් වෙයි ද මේ විවාදාධිකරණ යැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අනුවාදාධිකරණං? ඉධ පන භික්ඛවෙ භික්ඛූ භික්ඛුං අනුවදන්ති සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා, යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං, ඉදං වුච්චති අනුවාදාධිකරණං.
Sinhala BJTඑහි අනුවාදාධිකරණ නම් කවර යැ? මහණෙනි, මෙහි මහණහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්), අනුවදනයෙක්, පුන පුනා දොස් නැඟීමෙක් පුන පුනා දොස් කීමෙක් පුන පුනා අවනත කරන බවෙක්, දිරිගන්වා කීමෙක්, අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණ නමැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ආපත්තාධිකරණං? පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං: ඉදං වුච්චති ආපත්තාධිකරණං.
Sinhala BJTඑහි ආපත්තාධිකරණ නම් කවර යැ? ඇවැත් කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත්කඳු සත ම ආපත්තාධිකරණ යි. මේ ආපන්නාධිකරණ නමැයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කිච්චාධිකරණං? යා සඞ්ඝස්ස කිච්චයතා කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං ඉදං වුච්චති කිච්චාධිකරණං.
Sinhala BJTඑහි කිච්චාධිකරණ නම් කවර යැ ? අපලෝකනකර්‍ම ය, ඥප්තිකම් ය, ඥප්තිද්වීතීයකම් ය, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම යැ යි සංඝයාගේ යම් ඒකාන්තයෙන් කර්‍ම කළ යුතු බවෙක්, කාර්‍ය භාවයෙක් වේ ද, මේ කිච්චාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJT25. විවාදාධිකරණස්ස කිං මූලං? ඡ විවාදමූලානි විවාදාධිකරණස්ස මූලං, තීණිපි අකුසලමූලානි විවාදාධිකරණස්ස මූලං තීණිපි කුසලමූලානි විවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT25. විවාදාධිකරණයාගේ මුල කවර යැ? විවාද මූල සය විවාදාධිකරණයට මුල් ය. තුන් අකුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය. තුන් කුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය.
Pali BJTකතමානි ඡ විවාදමූලානි විවාදාධිකරණස්ස මූලං? ඉධ පන භික්ඛවෙ භික්ඛු කොධනො හොති උපනාහී. යො සො භික්ඛවෙ භික්ඛු කොධනො හොති උපනාහී. සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි -පෙ- සඞ්ඝෙපි -පෙ- සික්ඛාය පි න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජනඅහිතාය බහුජන අසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJTකවර විවාද මුල් සයෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බද්ධ වෛර ඇත්තේ වේ ද, හේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී (සම්පූර්‍ණ කරන්නේ) නො වෙයි, මහණෙනි, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ... ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු විවාද මූලය ඉදින් තමා කෙරෙහි හෝ තමාගෙන් පිටත්හි හෝ දක්නේ නම්, මහණෙනි, එහි තෙපි ලාමක වූ ඒ විවාදමූලයේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි එබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ (අනුන් කෙරෙහි හෝ) නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ලා ඒ විවාදමූලයාගේ ම මත්තෙහි තමන් කෙරෙහි පහළ නොවන්නට පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වේ.
Pali BJT26. පුන ච පරං භික්ඛවෙ භික්ඛු මක්ඛී හොති පළාසී -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨී -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යො සො භික්ඛවෙ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ පි අගාරවො විහරති අප්පතිස්සො. සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ පි -පෙ- සඞ්ඝෙපි -පෙ- සික්ඛාය පි න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති. යො හොති විවාදො බහුජන අහිතාය බහුජන අසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඡ විවාදමූලානි විවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT26. තවද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ වේ ... ඊර්‍ෂ්‍යා ඇත්තේ මසුරු වේ, ... ශඨ වූයේ මායා සහිත වේ, ... ලාමක ඊප්සා ඇත්තේ මිසදිටු වේ, ... තමා ගත් දෘෂ්ටිය දැඩි කොට ගත්තේ ආධානගාහී වූයේ තමාගේ දෘෂ්ටිය දුරැලිය නො හැක්කේ වේ. මහණෙනි, යම් මහණෙක් තමාගේ දෘෂ්ටි දැඩි කොට ගත්තේ ආධානගාහී (දෘඪග්‍රාහී වූයේ) ත් දුක සේ බැහැර කළයුතු දෘෂ්ටි ඇත්තේත් වේ නම්, හේ ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යමෙක් ශාස්තෘහු කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ධර්‍මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, සඞ්ඝයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වේ නම්, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තෙපි තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත් හි හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ විවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ තෙපි නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක විවාදමූලයාගේ ම මත්තෙහි තමන් සතන්හි නො පහළ වනුවට පිළිපදිවු. මෙසේ ඒ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ විවාදමූල සය විවාදාධිකරණයට මුල ය.
Pali BJT27. කතමානි තීණි අකුසලමූලානි විවාදාධිකරණස්ස මූලං? ඉධ පන භික්ඛවෙ භික්ඛූ ලුද්ධචිත්තා විවදන්ති, දුට්ඨචිත්තා විවදන්ති, මූළ්හචිත්තා විවදන්ති, ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා භාසිතං ලපිතං තථාගතෙනාති වා අභාසිතං අලපිතං තථාගතෙනාති වා, ආචිණ්ණං තථාගතෙනාති වා අනාචිණ්ණං තථාගතෙනාති වා, පඤ්ඤත්තං තථාගතෙනාති වා අප්පඤ්ඤත්තං තථාගතෙනාති වා, ආපත්තීති වා අනාපත්තීති වා, ලහුකාපත්තීති වා ගරුකාපත්තීති වා, සාවසෙසා ආපත්තීති වා අනවසෙසා ආපත්තීති වා, දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා. ඉමානි තීණි අකුසලමූලානි විවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT27. කවර අකුසල් මුල් තුනෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ‘දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ විනයයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණලද්දේ ය, පවසන ලද්දේ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේ ය. නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් ආචීර්‍ණ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් අනාචීර්‍ණ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නො ඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ ලුබ්ධ සිතැත්තෝ විවාද කෙරෙත් ද, විෂ්ට සිතැත්තේ විවාද කෙරෙත් ද, මූඪ සිතැත්තෝ විවාද කෙරෙත් ද, මෙසේ මේ තුන් අකුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
Pali BJTකතමානි තීණි කුසලමූලානි විවාදාධිකරණස්ස මූලං? ඉධ භික්ඛවෙ භික්ඛූ අලුද්ධචිත්තා විවදන්ති, අදුට්ඨචිත්තා විවදන්ති, අමූළ්හචිත්තා විවදන්ති: ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලං ආපත්තීති වා ඉමානි තීණි කුසලමූලානි විවාදාධිකරණස්ස මූලං.
Sinhala BJTකවර කුසල්මුල් තුනෙක් විවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ ලුබ්ධ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, විෂ්ට නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මූඪ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මෙහි මේ තුන් කුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
Pali BJT28. අනුවාදාධිකරණස්ස කිං මූලං? ඡ අනුවාදමූලානි අනුවාදාධිකරණස්ස මූලං. තීණි පි අකුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං, තීණි පි කුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං. කායො පි අනුවාදාධිකරණස්ස මූලං, වාචාපි අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT28. අනුවාදාධිකරණයට මුල කවර යැ? අනුවාදයට (චෝදනාවට) මුල් වූ දෑ සය අනුවාදාධිකරණයට මුල් වේ. තුන් අකුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. තුන් කුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. කය ද අනුවාදාධිකරණයට මුල් වේ, වචනය ද අනුවාදාධිකරණයට මුල් වේ.
Pali BJTකතමානි ඡ අනුවාදමූලානි අනුවාදාධිකරණස්ස මූලං? ඉධ භික්ඛවෙ, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො භික්ඛවෙ, භික්ඛු කොධනො හොති උපනාහී සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ පි -පෙ- සඞ්ඝෙ පි -පෙ- සික්ඛාය පි න පරිපූරකාරී. සො සඞ්ඝෙ අනුවාදං ජනෙති. යො හොති අනුවාදො බහුජන අහිතාය බහුජන අසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපඤ්චෙ තුම්හෙ භික්ඛවෙ අනුවාදමූලා අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.{1}
Sinhala BJTකවර නම් අනුවාදමූල සයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ, බැඳගත් වෛර ඇත්තේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ක්‍රෝධ කරන්නේ, බද්ධ වෛර ඇත්තේ වේ ද, හෙ තෙම ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද,ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හෙ තෙම සඞ්ඝයා කෙරෙහි චෝදනා උපදවයි. ඒ චෝදනාව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස ද වේ මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම මත්තෙහි නොඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි.
Pali BJT29. පුන ච පරං භික්ඛවෙ භික්ඛු මක්ඛී හොති පළාසී -පෙ- ඉස්සුකී හොති මච්ඡරී සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨී -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යො සො භික්ඛවෙ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ පි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය පි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි පි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ පි -පෙ- සඞ්ඝෙ පි -පෙ- සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ අනුවාදං ජනෙති. සො හොති{1} අනුවාදො බහුජන අහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ අනුවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස අනුවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඡ අනුවාදමූලානි අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT29. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ ඊර්‍ෂය්‍යා කරණුයේ මසුරු වූයේ වෙයි, ශඨ වූයේ මායා ඇත්තේ ... ලාමක ඊප්සා ඇත්තේ ... මිසදිටු වෙයි ... තමාගේ දෘෂ්ටිය දැඩි කොට ගන්නා සුලු වූයේ ආධානගාහී දුපපටිනිග්ගී (දුරැලීමට දුෂ්කර දෘෂ්ටි ඇත්තේ) වෙයි. හේ ශාස්තාහු කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත්පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේද, ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේ ද, ශික්‍ෂායෙහි පරිපූරකාරී නොවන්නේ ද, හේ සඞ්ඝයා කෙරෙහි අනුවාද (චෝදනා) උපදවයි. ඒ අනුවාදය බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමා කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා ඒ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය පිණිස වෑයම් කරවු, මහණෙනි,ඉදින් මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්,මහණෙනි, තෙපි එහි ලා ඒ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නො ඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ අනුවාදමූල සය අනුවාදාධිකරණයේ මුල ය:
Pali BJT30. කතමානි තීණි අකුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං? ඉධ භික්ඛවෙ භික්ඛූ භික්ඛුං ලුද්ධචිත්තා අනුවදන්ති, දුට්ඨචිත්තා අනුවදන්ති, මූළ්හචිත්තා අනුවදන්ති, සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා, දිට්ඨිවිපත්තියා වා, ආජීවවිපත්තියා වා. ඉමානි තීණි අකුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT30. කවර තුන් අකුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්; මහණෙනි, මෙහි මහණ කෙනෙක් ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ මහණකුට ලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, ද්විෂ්ට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, මූඪ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙහිලා) මේ තුන් අකුසල් මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
Pali BJTකතමානි තීණි කුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං? ඉධ භික්ඛවෙ භික්ඛූ භික්ඛුං අලුද්ධචිත්තා අනුවදන්ති, අදුට්ඨචිත්තා අනුවදන්ති, අමූළ්හචිත්තා අනුවදන්ති, සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා, දිට්ඨිවිපත්තියා වා, ආජීවවිපත්තියා වා. ඉමානි තීණි කුසලමූලානි අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJTකවර තුන් කුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ අලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, අද්විෂට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද අමූඪ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙසේ) මේ තුන් කුසල්මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
Pali BJT31. කතමො කායො අනුවාදාධිකරණස්ස මූලං? ඉධෙකච්චො දුබ්බණ්ණො හොති දුද්දස්සිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා යෙන නං අනුවදන්ති. අයං කායො අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJT31. කවර කයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කරන්නාහු නම් එසේ වූ නොමනා පැහැ ඇත්තේ, නොමනා දැකුම් ඇත්තේ, අඟුටුමිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ කොරෙක් හෝ පිළෙක් හෝ පක්‍ෂාඝාතියෙක් හෝ වෙයි. මේ ඔහුගේ කය (මෙසේ) අනුවාදාධිකරණයට මුල් වෙයි.
Pali BJTකතමා වාචා අනුවාදාධිකරණස්ස මූලං? ඉධෙකච්චො දුබ්බචො හොති මම්මනො එළගලවාචො යාය නං අනුවදන්ති, අයං වාචා අනුවාදාධිකරණස්ස මූලං.
Sinhala BJTකවර වචනයෙක් අනුවාදාධිකරණයට මුල් වෙයි ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කෙරෙද්ද එසේ වූ දුර්‍වචයෙක්, මුමුනන්නෙක්, කෙලතොලුවෙක් වෙයි. මෙහි මේ වචනය අනුවාදාධිකරණයට මුල් වන නියා යි.
Pali BJT32. “ආපත්තාධිකරණස්ස කිං මූලං? ඡ ආපත්තිසමුට්ඨානා ආපත්තාධිකරණස්ස මූලං. අත්ථාපත්ති කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො. අත්ථාපත්ති වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො. අත්ථාපත්ති කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො. අත්ථාපත්ති කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො. අත්ථාපත්ති වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො. අත්ථාපත්ති කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. ඉමෙ ඡ ආපත්තිසමුට්ඨානා ආපත්තාධිකරණස්ස මූලං.
Sinhala BJT32. ආපත්‍යධිකරණයට මුල කවර යැ ආපත්තිසමුත්‍ථාන සය ආපත්‍යධිකරණයට මුල් වෙයි. යම් ඇවැතෙක් කයෙන් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙන් නැඟේ ද, කයින් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් නැඟේ ද, සිතින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් සිතිනුත් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, කයින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. මේ ආපත්තිසමුත්‍ථාන සය ආපත්‍යධිකරණයට මුල් ය.
Pali BJT33. කිච්චාධිකරණස්ස කිං මූලං? කිච්චාධිකරණස්ස එකං මූලං: සඞ්ඝො.
Sinhala BJT33. කෘත්‍යාධිකරණයට මුල කවර යැ? කෘත්‍යාධිකරණයට එක් මුලෙකි. ඒ සඞ්ඝ තෙමේ ය.
Pali BJT34. විවාදාධිකරණං කුසලං අකුසලං අව්යාකතං. විවාදාධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්යාකතං. තත්ථ කතමං විවාදාධිකරණං කුසලං? ඉධ භික්ඛවෙ භික්ඛූ කුසලචිත්තා විවදන්ති ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා. යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධගං ඉදං වුච්චති විවාදාධිකරණං කුසලං.
Sinhala BJT34. විවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? නැතහොත් අව්‍යාකෘත වේ ද? යත්: විවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය. ඔවුන් අතුරෙන් කුසල් වූ විවාදාධිකරණය කවර යැ ? මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තාහු මේ ධර්‍මයැ යි කියා හෝ අධර්‍මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නො දුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් පරුෂ ව්‍යවහාරයෙක් අරගලයෙක් වේ ද, මේ කුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විවාදාධිකරණං අකුසලං? ඉධ භික්ඛවෙ භික්ඛූ අකුසලචිත්තා විවදන්ති ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා. යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධගං ඉදං වුච්චති විවාදාධිකරණං අකුසලං.
Sinhala BJTඑහි අකුසල් වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණකෙනෙක් අකුසල් සිතැත්තාහු ධර්‍මයැ යි කියා හෝ අධර්‍මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මේ අකුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විවාදාධිකරණං අව්යාකතං? ඉධ භික්ඛවෙ භික්ඛූ අව්යාකතචිත්තා විවදන්ති ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා. යං තත්ථ භණ්ඩනං කලහො -පෙ- වොහාරො මෙධගං ඉදං වුච්චති විවාදාධිකරණං අව්යාකතං.
Sinhala BJTඑහි අව්‍යාකෘත වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණහු අව්‍යාකෘත සිතැත්තාහු, මේ දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක්, කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මෙය අව්‍යාකෘත විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJT35. අනුවාදාධිකරණං කුසලං, අකුසලං, අව්යාකතං. අනුවාදාධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්යාකතං.
Sinhala BJT35. අනුවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? අනුවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
Pali BJTතත්ථ කතමං අනුවාදාධිකරණං කුසලං? ඉධ භික්ඛවෙ භික්ඛූ භික්ඛුං කුසලචිත්තා අනුවදන්ති සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා. යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං ඉදං වුච්චති අනුවාදාධිකරණං කුසලං.
Sinhala BJTඔවුන් අතුරෙන් කුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද? යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් චෝදනාවෙක්, දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණීමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ කුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අනුවාදාධිකරණං අකුසලං? ඉධ භික්ඛවෙ භික්ඛූ භික්ඛුං අකුසලචිත්තා අනුවදන්ති සීලවිපත්තියා වා -පෙ- ආජීවවිපත්තියා වා, යො තත්ථ අනුවාදො -පෙ-අබ්භුස්සහනතා අනුබලප්පදානං ඉදං වුච්චති අනුවාදාධිකරණං අකුසලං.
Sinhala BJTඑහි අකුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් අකුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනාවෙක් ... උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ අකුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අනුවාදාධිකරණං අව්යාකතං? ඉධ භික්ඛවෙ භික්ඛූ භික්ඛුං අව්යාකතචිත්තා අනුවදන්ති සීලවිපත්තියා වා -පෙ- ආජීවවිපත්තියා වා. යො තත්ථ අනුවාදො -පෙ- අනුබලප්පදානං ඉදං වුච්චති අනුවාදාධිකරණං අව්යාකතං.
Sinhala BJTඑහි අව්‍යාකෘත වූ අනුවාදාධිකරණය කවරේ වේ ද? මහණෙනි, මෙහි මහණ කෙනෙක් අව්‍යාකෘත සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද. එහි යම් චෝදනාවෙක් ... අනුබල දීමෙක් වේ ද, මෙය අව්‍යාකෘත අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJT36. ආපත්තාධිකරණං අකුසලං අව්යාකතං? ආපත්තාධිකරණං සියා අකුසලං සියා අව්යාකතං. නත්ථි ආපත්තාධිකරණං කුසලං.
Sinhala BJT36. ආපත්‍යධිකරණය අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? කිසි ආපත්‍යධිකරණයෙක් (ඇවැත් පිළිබඳ නඩුවෙක්) අකුසල් වන්නේ ය, කිසි ආපත්‍යධිකරණයෙක් අව්‍යාකෘත වන්නේ ය. කුසල් වූ ආපත්‍යධිකරණයෙක් නැත.
Pali BJTතත්ථ කතමං ආපත්තාධිකරණං අකුසලං? යං ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො ඉදං වුච්චති ආපත්තාධිකරණං අකුසලං.
Sinhala BJTඑහි අකුසල් වූ ආපත්‍යධිකරණය කවරේ ද? දන්නේ, හඳුනන්නේ, සිතා, උපක්‍රම විසින් මැඩ යම් සිකපදයක්හු පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අකුසල් වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ආපත්තාධිකරණං අව්යාකතං? යං අජානන්තො අසඤ්ජානන්තො අචෙච්ච අනභිවිතරිත්වා වීතික්කමො, ඉදං වුච්චති ආපත්තාධිකරණං අව්යාකතං.
Sinhala BJTඑහි අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණය කවරේ ද යත්; නොදන්නේ, නොහඳුනන්නේ, නො සිතා, උපක්‍රම නො කොට යම් සිකපදයක් පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJT37. කිච්චාධිකරණං කුසලං අකුසලං අව්යාකතං? කිච්චාධිකරණං සියා කුසලං, සියා අකුසලං, සියා අව්යාකතං.
Sinhala BJT37. කෘත්‍යාධිකරණය කුසල් ද අකුසල් ද අව්‍යාකෘත ද යත්: ඇතැම් කෘත්‍යාධිකරණයෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
Pali BJTතත්ථ කතමං කිච්චාධිකරණං කුසලං? යං සඞ්ඝො කුසලචිත්තො කම්මං කරොති අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං වුච්චති කිච්චාධිකරණං කුසලං.
Sinhala BJTඑහි කුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද සඞ්ඝ තෙමේ කුසල් සිතැත්තේ අපලෝකනකර්‍ම ඥප්තිකර්‍ම, ඥප්තිද්වීතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථ කර්‍ම යන යම් කර්‍මයක් කරන්නේ ද, මේ කුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කිච්චාධිකරණං අකුසලං? යං සඞ්ඝො අකුසලචිත්තො කම්මං කරොති අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං වුච්චති කිච්චාධිකරණං අකුසලං.
Sinhala BJTඑහි අකුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද? සඞ්ඝ තෙමේ අකුසල් සිතැත්තේ අපලෝකනකර්‍ම, ඥප්තිකර්‍ම, ඥප්තිද්විතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථකර්‍ම යන යම් කර්‍මයක් කරන්නෙන් ද, මේ අකුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කිච්චාධිකරණං අව්යාකතං? යං සඞ්ඝො අව්යාකතචිත්තො කම්මං කරොති අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං වුච්චති කිච්චාධිකරණං අව්යාකතං.
Sinhala BJTඑහි අව්‍යාකෘත කෘත්‍යාධිකරණය කවරේද? සඞ්ඝ තෙමේ අව්‍යාකෘත සිතැත්තේ ආලෝකනකර්‍ම, ඥප්තිකර්‍ම, ඥප්තිද්වීතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථ කර්‍ම යන යම් කර්‍මයක් කරන්නේ ද, මෙය අව්‍යාකෘත වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
Pali BJT38. “විවාදො විවාදාධිකරණං, විවාදො නො අධිකරණං, අධිකරණං නො විවාදො, අධිකරණඤ්චෙව විවාදො ච. සියා විවාදො විවාදාධිකරණං, සියා විවාදො නො අධිකරණං, සියා අධිකරණං නොවිවාදො, සියා අධිකරණඤ්චෙව විවාදො ච.
Sinhala BJT38. විවාදයෙක් වූ විවාදාධිකරණයෙකි, විවාදයෙක් වූ අධිකරණ නො වූවෙකි, අධිකරණයෙක් වූ විවාද නො වූයෙකි, අධිකරණ ද විවාද ද වූවෙකි. ඇතැම් විවාදයෙක් විවාදාධිකරණ වන්නේ ය, ඇතැම් විවාදයෙක් අධිකරණ නො වන්නේය, ඇතැම් අධිකරණයෙක් විවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද විවාද ද වන්නේ ය.
Pali BJTතත්ථ කතමො විවාදො විවාදාධිකරණං? ඉධ භික්ඛවෙ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා -පෙ- දුට්ඨුල්ලා ආපත්තීති වා අදුට්ඨුල්ලා ආපත්තීති වා. යං තත්ථ භණ්ඩනං කලහො විග්ගහො විවාදො නානාවාදො අඤ්ඤථාවාදො විපච්චතාය වොහාරො මෙධගං අයං විවාදො විවාදාධිකරණං.
Sinhala BJTඑහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ධර්‍ම යැ යි කියා හෝ අධර්‍ම යැයි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් අරගලයෙක්, කලහයෙක්, උනුනට විරුද්ධ නැන්මෙක්, විරුද්ධ වාදයෙක්, නානාවාදයෙක්, අන් පරිද්දෙකින් වූ වාදයෙක්, සිතැ දුක් පහළ කරනු පිණිස වූ වචනයෙක්, රළු බස් දෙඩුමෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වෙයි.
Pali BJTතත්ථ කතමො විවාදො නො අධිකරණං? මාතාපි පුත්තෙන විවදති, පුත්තො පි මාතරා විවදති, පිතා පි පුත්තෙන විවදති, පුත්තො පි පිතරා විවදති, භාතා පි භාතරා විවදති, භාතා පි භගිනියා විවදති, භගිනී පි භාතරා විවදති, සහායො පි සහායෙන විවදති. අයං විවාදො නො අධිකරණං.
Sinhala BJTඑහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: මව ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද පියා හා විවාද කෙරෙයි, බෑයා ද බිහිනිය හා විවාද කෙරෙයි, බිහිනි ද බෑයා හා විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා විවාද කෙරෙයි. මේ විවාදය යි, අධිකරණයෙක් නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො විවාදො? අනුවාදාධිකරණං ආපත්තාධිකරණං, කිච්චාධිකරණං, ඉදං අධිකරණං නො විවාදො.
Sinhala BJTඑහි කවර දැයෙක් අධිකරණ වේ ද? විවාදයෙක් නො වේ ද? යත්: අනුවාදාධිකරණය ද ආපත්‍යාධිකරණය ද යන කෘත්‍යාධිකරණය ද යන මෙය අධිකරණ වෙයි, විවාදයෙක් නො වෙයි.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව විවාදො ච? විවාදාධිකරණං අධිකරණඤ්චෙව විවාදො ච.
Sinhala BJTඑහි කවරෙක් අධිකරණයත් විවාදයත් වේ ද යත්: විවාදාධිකරණය අධිකරණයත් විවාදයත් වේ.
Pali BJT39. අනුවාදො අනුවාදාධිකරණං, අනුවාදො නො අධිකරණං, අධිකරණං නො අනුවාදො, අධිකරණඤ්චෙව අනුවාදො ච, සියා අනුවාදො අනුවාදාධිකරණං, සියා අනුවාදො නො අධිකරණං, සියා අධිකරණං නො අනුවාදො, සියා අධිකරණඤ්චෙව අනුවාදො ච.
Sinhala BJT39. අනුවාද වූ අනුවාදාධිකරණයෙකි, අනුවාදවූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ අනුවාද නොවූයෙකි, අධිකරණ ද අනුවාද වූයෙකි, ඇතැම් අනුවාදයෙක් අනුවාදාධිකරණ වන්නේ ය, ඇතැම් අනුවාදයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් අනුවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද අනුවාද ද වන්නේ ය.
Pali BJTතත්ථ කතමො අනුවාදො අනුවාදාධිකරණං? ඉධ භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං අනුවදන්ති සීලවිපත්තියා වා ආචාරවිපත්තියා වා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා. යො තත්ථ අනුවාදො අනුවදනා අනුල්ලපනා අනුභණනා අනුසම්පවඞ්කතා අබ්භුස්සහනතා අනුබලප්පදානං අයං අනුවාදො අනුවාදාධිකරණං.
Sinhala BJTඑහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්) දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණීමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වෙයි ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
Pali BJTතත්ථ කතමො අනුවාදො නො අධිකරණං? මාතාපි පුත්තං අනුවදති, පුත්තොපි මාතරං අනුවදති, පිතාපි පුත්තං අනුවදති, පුත්තොපි පිතරං අනුවදති, භාතා පි භාතරං අනුවදති, භාතා පි භගිනිං අනුවදති, භගිනී පි භාතරං අනුවදති, සහායො පි සහායං අනුවදති, අයං අනුවාදො නො අධිකරණං.
Sinhala BJTඑහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ද යත්; මව ද පුතුට චෝදනා කෙරෙයි, පුතා ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතාට චෝදනා කෙරෙයි, පුතා ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බිහිනියට චෝදනා කෙරෙයි, බිහිනි ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරෙයි. මේ අනුවාදය යි (චෝදනාව යි), අධිකරණයෙක් නො වෙයි.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො අනුවාදො? ආපත්තාධිකරණං කිච්චාධිකරණං විවාදාධිකරණං ඉදං අධිකරණං නො අනුවාදො.
Sinhala BJTඑහි කිමෙක් අධිකරණ වේ ද? අනුවාද නො වේ ද යත්: ආපත්‍යධිකරණය, කෘත්‍යාධිකරණය, විවාදාධිකරණය යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වෙයි.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව අනුවාදො ච? අනුවාදාධිකරණං අධිකරණඤ්චෙව අනුවාදො ච.
Sinhala BJTඑහි කවරෙක් අධිකරණයත් අනුවාදයත් වේ ද යත්: අනුවාදාධිකරණය අධිකරණ ද වේ අනුවාද ද වේ.
Pali BJT40. ආපත්ති ආපත්තාධිකරණං, ආපත්ති නො අධිකරණං, අධිකරණං නො ආපත්ති, අධිකරණඤ්චෙව ආපත්ති ච, සියා ආපත්ති ආපත්තාධිකරණං, සියා ආපත්ති නො අධිකරණං, සියා අධිකරණං නො ආපත්ති, සියා අධිකරණඤ්චෙව ආපත්ති ච.
Sinhala BJT40. ආපත්ති වූ ආපත්‍යධිකරණයෙකි, ආපත්ති වූ අධිකරණ නොවූ එකෙක, අධිකරණ වූ ආපත්ති නොවූ එකෙක, අධිකරණ ද ආපත්ති ද වූ එකෙක, ඇතැම් ආපත්තියෙක් ආපත්‍යධිකරණ වන්නේ ය, ඇතැම් ආපත්තියෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් ආපත්ති නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණත් ආපත්තිත් වන්නේ ය.
Pali BJTතත්ථ කතමං ආපත්ති ආපත්තාධිකරණං? පඤ්ච පි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, අයං ආපත්ති ආපත්තාධිකරණං.
Sinhala BJTඑහි ආපත්ති වූ ආපත්‍යධිකරණය කවරේ ද ආපත්තිස්කන්‍ධ පස ම ආපත්‍යධිකරණ යි, ආපත්තිස්කන්‍ධ සත ම ආපත්‍යපධිකරණ යි. මේ ආපත්ති ද ආපත්‍යධිකරණ ද වූ දැය යි.
Pali BJTතත්ථ කතමං ආපත්ති නො අධිකරණං? සොතාපත්ති සමාපත්ති, අයං ආපත්ති නො අධිකරණං .
Sinhala BJTඑහි කවර එකෙක් ආපත්ති වේ ද, අධිකරණ නො වේ ද යත්: ශ්‍රෝත ආපත්තිය ද සමාපත්තිය ද යන මේ ආපත්ති යි, අධිකරණ නො වෙයි.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො ආපත්ති? කිච්චාධිකරණං විවාදාධිකරණං අනුවාදාධිකරණං ඉදං අධිකරණං නො ආපත්ති.
Sinhala BJTඑහි කවර එකෙක් අධිකරණ වේ ද, ආපත්ති නො වේ ද? යත්: කෘත්‍යාධිකරණය විවාදාධිකරණය අනුවාදාධිකරණය යන මෙය අධිකරණයි, ආපත්ති නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව ආපත්ති ච? ආපත්තාධිකරණං අධිකරණඤ්චෙව ආපත්ති ච.
Sinhala BJTඑහි කවරෙක් අධිකරණත් ආපත්තිත් වේ ද යත්: ආපත්‍යධිකරණය අධිකරණ ද ආපත්ති ද වේ.
Pali BJT41. කිච්චං කිච්චාධිකරණං, කිච්චං නො අධිකරණං, අධිකරණං නො කිච්චං, අධිකරණඤ්චෙව කිච්චඤ්ච සියා කිච්චං කිච්චාධිකරණං, සියා කිච්චං නො අධිකරණං, සියා අධිකරණං නො කිච්චං, සියා අධිකරණඤ්චෙව කිච්චඤ්ච.
Sinhala BJT41. කෘත්‍යය වූ කෘත්‍යාධිකරණයෙකි, කෘත්‍යය වූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ කෘත්‍යය නොවූයෙකි, අධිකරණ ද කෘත්‍ය ද වූයෙකි. ඇතැම් කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වන්නේ ය, ඇතැම් කෘත්‍යයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් කෘත්‍ය නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද කෘත්‍ය ද වන්නේ ය.
Pali BJTතත්ථ කතමං කිච්චං කිච්චාධිකරණං? යා සඞ්ඝස්ස කිච්චයතා, කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්මං, ඉදං කිච්චං කිච්චාධිකරණං.
Sinhala BJTඑහි කවර කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වේ ද යත්: අපලෝකන කර්‍ම, ඥප්ති කර්‍ම, ඥප්තිද්විතීයකර්‍ම, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම යන සංඝයාගේ යම් කෘත්‍ය කරන බවෙක් කටයුතු කරන බවෙක් වේ ද, මේ කෘත්‍ය ද කෘත්‍යාධිකරණ ද වේ.
Pali BJTතත්ථ කතමං කිච්චං නො අධිකරණං? ආචරියකිච්චං උපජ්ඣායකිච්චං සමානුපජ්ඣායකිච්චං සමානාචරියකිච්චං ඉදං කිච්චං නො අධිකරණං.
Sinhala BJTඑහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ ද යත්: ඇදුරන් පිළිබඳ කිස, උපාධ්‍යායයා පිළිබඳ කිස, සමාන උපාධ්‍යායයා පිළිබඳ කිස, සමානාචාර්‍ය්‍යා පිළිබඳ කිස යන මේ අධිකරණ නොවූ කෘත්‍යය ය.
Pali BJTතත්ථ කතමං අධිකරණං නො කිච්චං? විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං, ඉදං අධිකරණං නො කිච්චං.
Sinhala BJTඑහි කවරෙක් කෘත්‍ය නොවූ අධිකරණයෙක් වේ ද යත්: විවාදාධිකරණ අනුවාදාධිකරණ ආපත්‍යධිකරණ යන මෙය අධිකරණ ය, කෘත්‍ය නො වේ.
Pali BJTතත්ථ කතමං අධිකරණඤ්චෙව කිච්චඤ්ච? කිච්චාධිකරණං අධිකරණඤ්චෙව කිච්චඤ්ච.
Sinhala BJTඑහි කවර එකෙක් අධිකරණයත් කෘත්‍යයත් වේ ද යත්; කෘත්‍යාධිකරණය, අධිකරණය ද වේ, කෘත්‍යය ද වේ.
Pali BJTඅධිකරණ වූපසමනං
Sinhala BJTඅධිකරණ සන්හිඳුවීම
Pali BJT42. විවාදාධිකරණං කතිහි සමථෙහි සම්මති? විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති සම්මුඛා විනයෙන ච යෙභුය්යසිකාය ච.
Sinhala BJT42. විවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේද? සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද යන ශමථ දෙකින් සන්හිඳේ.
Pali BJTසියා විවාදාධිකරණං එකං සමථං අනාගම්ම යෙභුය්යසිකං එකෙන සමථෙන සම්මෙය්ය සම්මුඛාවිනයෙනා?ති. සියාති’ස්ස වචනීයං. යථා කථං විය? ඉධ භික්ඛූ විවදන්ති ධම්මො ති වා අධම්මො ති වා. විනයො ති වා අවිනයො ති වා, භාසිතං ලපිතං තථාගතෙනාති වා, අභාසිතං අලපිතං තථාගතෙනාති වා, ආචිණ්ණං තථාගතෙනාති වා, අනාචිණ්ණං තථාගතෙනාති වා, පඤ්ඤත්තං තථාගතෙනාති වා, අපඤ්ඤත්තං තථාගතෙනාති වා, ආපත්තීති වා අනාපත්තීති වා, ලහුකාපත්තීති වා ගරුකා ආපත්තීති වා, සාවසෙසාපත්තීති වා, අනවසෙසාපත්තීති වා, දුට්ඨුල්ලාපත්තීති වා, අදුට්ඨුල්ලාපත්තීති වා, තෙ චෙ භික්ඛවෙ භික්ඛූ සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං, ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන.
Sinhala BJTවිවාදාධිකරණය භූය්‍යසිකා නම් එක් ශමථයට නො පැමිණ සම්මුඛාවිනය නම් වූ එක් ශමථයෙන් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැක්කැ යි ඔහුට කිය යුතු. ඒ කෙසේ ද යත්: මෙහි මහණහු ධර්‍මයැ යි හෝ අධර්‍මයදැ යි හෝ විනයයැ යි හෝ අවිනය යැ යි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නොඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත් ද, මහණෙනි, ඉදින් එ මහණහු මේ අධිකරණය සන්හිඳුවන්නට හැකි වෙත් ද, මහණෙනි, එසේ කලැ මේ අධිකරණය සන්හිඳුවන ලදැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද්දේ ද යත්: සම්මුඛාවිනයයෙන් සංඝිඳුවන ලද්දේ ය.
Pali BJT43. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා.
Sinhala BJT43. එහි සම්මුඛාවිනය යනු කිමෙක් ද? සංඝ සම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන මොහු ය.
Pali BJTකා ච තත්ථ සඞ්ඝසම්මුඛතා? යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, අයං තත්ථ සඞ්ඝසම්මුඛතා.
Sinhala BJTඑහි සංඝසම්මුඛතාව කවර යැ? යම් පමණ භික්‍ෂු කෙනෙක් විනය කර්‍මයට සුදුසු වෙත් ද, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙත් ද මෙය එහි සඞ්ඝ සම්මුඛතාව වේ.
Pali BJTකා ච තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා? යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති අයං තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා.
Sinhala BJTඑහි ධර්‍මසම්මුඛතා විනය සම්මුඛතා කවුරු යැ? යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිඳේ ද, මේ ධර්‍ම විනය දෙක එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් වේ.
Pali BJTකා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච විවදති, යෙන ච විවදති, උභො අත්තපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා.
Sinhala BJTඑහි පුද්ගල සම්මුඛතා නම් කවර යැ.? යමෙකුත් විවාද කෙරේ ද, යමකු හාත් විවාද කෙරේ ද, ඒ දෙ පසෙහි වූවෝ හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතා යි.
Pali BJTඑවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, මෙසේ සංසිඳුවන ලද අධිකරණය ඉදින් කාරක මහණෙක් (එයට සම්බන්‍ධ වූ මහණෙක්) උත්කෝටනය කරන්නේ ද, (යලිත් විසඳනු පිණිස මතු කරන්නේ ද), ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දය දුන් මහණෙක් විනිශ්චයට දොස් නඟයි ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතෙ චෙ භික්ඛවෙ, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසෙ වූපසමෙතුං, තෙහි භික්ඛවෙ භික්ඛූහි යස්මිං ආවාසෙ සම්බහුලා බහුතරා{1} භික්ඛූ සො ආවාසො ගන්තබ්බො. තෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං ආවාසං ගච්ඡන්තා අන්තරාමග්ගෙ සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයෙහි දී ඒ අධිකරණය සන්හිඳුවන්නට නොහැකි වන්නාහු නම්, යම් ආවාසයෙක ගණනින් වැඩිතරම් මහණ කෙනෙක් වෙත් නම්, ඒ මහණුන් විසින් එකී ආවාසය කරා යෑ යුතු වෙයි. මහණෙනි, ඉදින් ඒ මහණහු අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුවන ලදැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද ද යත්: සම්මුඛයාවිනයයෙනි. එහි සම්මුඛා විනයය කිමෙක් ද? සංඝසම්මුඛතා ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා පුද්ගලසම්මුඛතා යන සතර ය.
Pali BJT44. කා ච තත්ථ සඞ්ඝසම්මුඛතා? යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති, අයං තත්ථ සඞ්ඝසම්මුඛතා.
Sinhala BJT44. එහි සඞ්ඝසම්මුඛතා නම් කවර යැ? යම් පමණ මහණ කෙනෙක් ඒ විනයකර්‍මයට සුදුසු නම් ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන්ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙද්ද. (නො වළකාලත් ද) මේ එහි සඞ්ඝ සම්මුඛතා යි.
Pali BJTකා ච තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා? යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, අයං තත්ථ ධම්මසම්මුඛතා විනයසම්මුඛතා.
Sinhala BJTඑහි ධර්‍මසම්මුඛතා විනායසම්මුඛතා නම් කවුරු යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිදෙන්නේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා යි.
Pali BJTකා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච විවදති, යෙන ච විවදති, උභො අත්ථපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා. එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං, ඡන්දදායකො ඛීයති, ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTඑහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමක් හු හාත් විවාද කෙරෙයි ද, දෙපසැ වූවෝත් හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යි. මහණෙනි. මෙසේ සංඝිඳුවන ලද අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද (යලි මතු කරන්නේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වෙයි, ඡන්‍දය දුන් මහණ තෙම දොස් නඟන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං ආවාසං ගච්ඡන්තා{2} අන්තරාමග්ගෙ න සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං, තෙහි භික්ඛවෙ, භික්ඛූහි තං ආවාසං ගන්ත්වා ආවාසිකා භික්ඛූ එවමස්සු වචනීයා: ඉදං ඛො ආවුසො අධිකරණං එවං ජාතං එවං සමුප්පන්නං, සාධායස්මන්තො ඉදං{3} අධිකරණං වූපසමෙන්තු ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන, යථයිදං අධිකරණං සුවූපසන්තං අස්සාති.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයට යන්නාහු, අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට නො හැකිවන්නාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් ඒ ආවාසයට ගොස්, “ඇවැත්නි, මේ අධිකරණය වූකලි මෙසේ උපන, මෙසේ පහළ වීය. ඇවැත්නි, යාච්ඤා කරම්හ, යම්සේ මේ අධිකරණය මොනොවට සන්හිඳුණේ වන්නේ ද, එසේ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවත් වා” යි ඒ මහණහු කියයුතු වන්නාහ (ඒ මහණුනට කිය යුතු වන්නේය).
Pali BJTසචෙ භික්ඛවෙ ආවාසිකා භික්ඛූ වුඩ්ඪතරා හොන්ති, ආගන්තුකා භික්ඛූ නවකතරා, තෙහි භික්ඛවෙ ආවාසිකෙහි භික්ඛූහි ආගන්තුකා භික්ඛූ එවමස්සු වචනීයා: ඉඞ්ඝ තුම්හෙ ආයස්මන්තො මුහුත්තං එකමන්තං හොථ යාව මයං මන්තෙමාති. සචෙ පන භික්ඛවෙ ආවාසිකා භික්ඛූ නවකතරා හොන්ති ආගන්තුකා භික්ඛූ වුඩ්ඪතරා තෙහි භික්ඛවෙ ආවාසිකෙහි භික්ඛූහි ආගන්තුකා භික්ඛූ එවමස්සු වචනීයා: තෙන හි තුම්හෙ ආයස්මන්තො මුහුත්තං ඉධෙව තාව හොථ යාව මයං මන්තෙමාති.
Sinhala BJTමහණෙනි, ඉදින් ආවාසයෙහි වැසි මහණහු වඩා මහලුත් ආගන්තුක මහණහු වඩා නවකත් වෙත් ද, මහණෙනි, ඒ ආවාසවාසී මහණුන් විසින් “ආයුෂ්මත්නි, එසේ නම් අපි යම්තාක් මන්ත්‍රණය කරන්නමු ද ඒ තාක් තෙපි මොහොතක් එක් පසෙක හිඳිවු” යැ යි මෙසේ ආගන්තුක මහණුනට කිය යුතු වන්නේ ය. [missing trans]
Pali BJT45. සචෙ පන භික්ඛවෙ ආවාසිකානං භික්ඛූනං මන්තයමානානං එවං හොති: න මයං සක්කොම ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙනාති, න තං අධිකරණං ආවාසිකෙහි භික්ඛූහි සම්පටිච්ඡිතබ්බං.
Sinhala BJT45. මහණෙනි, ඉදින් මන්ත්‍රණ කරන්නාවූ ආවාසික මහණුනට “අපි මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට නො හැකි වන්නමෝ” යි මෙසේ සිතෙක් වන්නේ නම්, ආවාසවාසී මහණුන් විසින් ඒ අධිකරණය (සන්හිඳුවීමට) නො පිළිගත යුතු.
Pali BJTසචෙ පන භික්ඛවෙ ආවාසිකානං භික්ඛූනං මන්තයමානානං එවං හොති: සක්කොම මයං ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙනාති, තෙහි භික්ඛවෙ ආවාසිකෙහි භික්ඛූහි ආගන්තුකා භික්ඛූ එවමස්සු වචනීයා “සචෙ තුම්හෙ ආයස්මන්තො අම්හාකං ඉමං අධිකරණං යථාජාතං යථාසමුප්පන්නං ආරොචෙස්සථ, යථා ච මයං ඉමං අධිකරණං වූපසමෙස්සාම ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන තථා සුවූපසන්තං භවිස්සති. එවං මයං ඉමං අධිකරණං සම්පටිච්ඡිස්සාම. නො චෙ තුම්හෙ ආයස්මන්තො අම්හාකං ඉමං අධිකරණං යථාජාතං යථාසමුප්පන්නං ආරොචෙස්සථ, යථා ච මයං ඉමං අධිකරණං වූපසමෙස්සාම ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන තථා න සුවූපසන්තං භවිස්සති, න මයං ඉමං අධිකරණං සම්පටිච්ඡිස්සාමාති. එවං සුපරිග්ගහිතං ඛො භික්ඛවෙ කත්වා ආවාසිකෙහි භික්ඛූහි තං අධිකරණං සම්පටිච්ඡිතබ්බං.
Sinhala BJTමහණෙනි, ඉදින් මන්ත්‍රණය කරන ආවාසික මහණුනට “අපි මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට හැකි වන්නමෝ” යි මෙසේ සිතෙක් වන්නේ නම්, “ආයුෂ්මත්නි ඉදින් තෙපි අපගේ මේ අධිකරණය උපන් පරිදි පහළ වූ පරිදි දන්වන්නහු නම්, යම්සේ අපි මේ අධිකරණය ධර්‍මය වූ පරිදි විනය වූ පරිදි, ශාස්තෘශාසනය වූ පරිදි සන්හිඳුවන්නමෝ නම්, එසේ මොනොවට සන්හිඳුවන ලද්දේ වන්නේ නම්, මෙලෙස් ඇති කල්හි අපි මේ අධිකරණය පිළිගන්නමු ආයුෂ්මතුනි, ඉදින් තෙපි මේ අධිකරණය උපන් පරිදි පහළ වූ පරිදි අපට නො දන්වන්නහු නම්, යම්සේත් අපි ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නමෝ නම්, එය එසේ මොනොවට සන්හිඳුවන ලද්දෙක් නො වන්නේ නම් එසේ කල, අපි මේ අධිකරණය නො පිළිගන්නමු” යි ඒ ආගන්තුක මහණුනට කිය යුතු වන්නේ ය. මහණෙනි, මෙසේ ආවාසික මහණුන් විසින් මනාව පිරිසිඳ ගන්නා ලද්දක් කොට, ඒ අධිකරණය පිළිගත යුතු.
Pali BJT46. තෙහි භික්ඛවෙ ආගන්තුකෙහි භික්ඛූහි ආවාසිකා භික්ඛූ එවමස්සු වචනීයා: “යථාජාතං යථා සමුප්පන්නඤ්ච මයං ඉමං අධිකරණං ආයස්මන්තානං ආරොචෙස්සාම. සචෙ ආයස්මන්තා සක්කොන්ති එත්තකෙන වා එත්තකෙන වා අන්තරෙන ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන තථා සුවූපසන්තං භවිස්සති. එවං මයං ඉමං අධිකරණං ආයස්මන්තානං නිය්යාදෙස්සාම. නො චෙ ආයස්මන්තා සක්කොන්ති එත්තකෙන වා එත්තකෙනවා අන්තරෙන ඉමං අධිකරණං වූපසමෙතුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන. තථා න සුවූපසන්තං භවිස්සති, න මයං ඉමං අධිකරණං ආයස්මන්තානං නිය්යාදෙස්සාම. මයමෙව ඉමස්ස අධිකරණස්ස සාමිනො භවිස්සාමාති.
Sinhala BJT46. මහණෙනි, ඒ ආගන්තුක මහණුන් විසින් ආවාසික මහණහු මෙසේ කිය යුතු වන්නාහ (ආවාසික මහණුනට මෙසේ කිය යුතු වන්නේ ය): “උපන් පරිදි හටගත් පරිදි අපි මේ අධිකරණය ආයුෂ්මතුනට දන්වන්නමු. ඉදින් ආයුෂ්මත්හු මෙතෙක් හෝ කෙතෙක් හෝ අතරෙකින් (කලෙකින්) ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සංසිඳුවන්නට හැකි වන්නාහු නම්, එසේ මොනොවට සන්හිඳුවන ලදුයේ වන්නේ ය. මෙසේ අපි ආයුෂ්මතුනට මේ අධිකරණය පවරන්නමු. ඉදින් ආයුෂ්මත්හු මෙතෙක් හෝ මෙතෙක් හෝ කලෙකින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට නො හැකි වන්නාහු නම්, එසේ මොනොවට සන්හිඳුවන ලද්දෙක් නො වන්නේ නම්; අපි මේ අධිකරණය ආයුෂ්මත්නට නො ම පවරන්නමු. අපි ම මේ අධිකරණයේ ස්වාමීහු වන්නමු” යනු යි.
Pali BJTඑවං සුපරිග්ගහිතං ඛො, භික්ඛවෙ, කත්වා ආගන්තුකෙහි භික්ඛූහි තං අධිකරණං ආවාසිකානං භික්ඛූනං නිය්යාදෙතබ්බං. තෙ චෙ භික්ඛවෙ භික්ඛූ සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං, ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං සුවූපසන්තං.
Sinhala BJTමහණෙනි, මෙසේ මනාව පිරිසිඳ ගන්නා ලද්දක් කොට ආගන්තුක භික්‍ෂූන් විසින් ඒ අධිකරණය ආවාසික භික්‍ෂුනට පැවැරිය යුතු, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය මොනොවට සන්හිඳුවන ලදැයි කියනු ලැබේ.
Pali BJTකෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං ඡන්දදායකො ඛීයති ඛීයනකං පාචිත්තියං.
Sinhala BJTකිමෙකින් සන්හිඳුවනලද්දේ ද යත්: සම්මුඛාවිනයයෙනි. එහි සම්මුඛාවිනය නම් කවර යැ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර ය ... මහණෙනි, මෙසේ සන්හිඳුවන ලද අධිකරණයක් ඉදින් කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වෙයි. ඉදින් ඡන්‍දදායක මහණෙක් එයට දොස් නඟන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTඋබ්බාහිකාය වූපසමනං
Sinhala BJTඋබ්බාහිකායෙන් සන්හිඳුවීම
Pali BJT47. තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනන්තානි{1} චෙව භස්සානි ජායන්ති න චෙතස්ස{2} භාසිතස්ස අත්ථො විඤ්ඤායති, අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං.
Sinhala BJT47. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථාප්‍රතිකථාවෝ) උපදින්නාහු ද, මේ කියන ලද වචනයෙහි අර්‍ත්‍ථය නොහැඟෙන්නේ ද, මහණෙනි, මෙබඳු වූ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට අනුදනිමි.
Pali BJTදසහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො: සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතෙ විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛා පදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{3} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො. විනයෙ ඛො පන ඨිතො{4} හොති අසංහීරො පටිබලො හොති උභො අත්තපච්චත්ථිකෙ අඤ්ඤාපෙතුං අස්සාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසීදිතුං{5} පසාදෙතුං අධිකරණ සමුප්පාද වූපසමනකුසලො හොති අධිකරණං ජානාති. අධිකරණසමුදයං ජානාති. අධිකරණනිරොධං ජානාති. අධිකරණනිරොධගාමිනීපටිපදං ජානාති. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි දසහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං උබ්බාහිකාය සම්මන්නිතුං.
Sinhala BJTමහණෙනි, උබ්බාහිකාව පිණිස අඞ්ග දශයෙකින් සමන්‍විත වූ මහණෙක් සම්මත කටයුතු ය. මහණ තෙම සිල්වත් වෙයි ද, පාතිමෝක්ඛසංවර සීලයෙන් හැවුරුනේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ අල්පමාත්‍ර වූ ද වරදවලැ( බිය දක්නා සුලු වූයේ වෙසෙයි ද (1), ශික්‍ෂා පදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි ද (2) බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වේ ද, ඇසූ පිරූ දෑ සිතින් දරන්නේ, ඇසූ පිරූ දෑ සිතෙහි රැස් කොට ඇත්තේ වෙයි ද (3) ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ, පර්‍ය්‍යවසානයෙහි යහපත් වූ යම් ධම් කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ හැම අයුරින් ම පිරිපුන් වූ පිරිසිදු මඟ බඹසර මොනොවට පවසත් නම්, එ බඳු වූ ධමීයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු (සිතින්) දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් ද (4), ඔහු විසින් උභය පාතිමෝක්ඛයෝ විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු, සූත්‍ර වශයෙන් අනුව්‍යංජන වශයෙන් මොනොවට බෙදන ලද්දාහු, මොනොවට පිහිටුවන ලද්දාහු මොනොවට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද (5), විනයයෙහි තර වැ පිහිටියේ නො හැකුලුනේ වේ ද, තම පසෙහි වූවනටත් විරුද්ධ පක්‍ෂයෙහි වූවනටත් (කරුණු) හඳුන්වන්නට, කරුණු සිතන්නට, සලකා බලවන්නට, කරුණු තමාත් දකින්නට, දෙපස ම පහදවන්නට සමර්‍ත්‍ථ වෙයි ද (6), අධිකරණ ඉපැදීමෙහි හේතුව සංසිඳුවීමෙහි දක්‍ෂ ද වේ ද (7), අධිකරණය දනී ද, අධිකරණයේ හේතුව දනී ද, අධිකරණයේ නිරුද්ධිය දනී ද, අධිකරණ නිරුද්ධිය පිණිස යෑ යුතු මඟ දනී ද, මහණෙනි, මේ අංග දශයෙන් සමන්‍විත වූ මහණහු උබ්බාහිකාව පිණිස සම්මත කරන්නට අනුදනිමි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, මේ මතු කියන පරිදි සම්මත කටයුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්ලිය යුතුය. ඉල්ලා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙතස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුං සම්මනෙය්ය උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථා ප්‍රතිකථාවෝ) උපදනාහු ද වෙත්. (එයින්) මේ කියන ලද වචනයා ගේ අදහස ද නො හැගෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සංඝ තෙමේ මෙනම් මහණහු ද මෙනම් මහණහු ද මේ අධිකරණය සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ. (දැන්වීම යැ).
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති, න චෙතස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුං සම්මන්නති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ච ඉත්ථන්නාමස්ස ච භික්ඛුනො සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTසංඝ තෙමේ මාගේ වචනය අසාවා. අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස්හු උපදනාහු වෙත්. (එයින් මේ කියන ලද වචනයේ අර්‍ත්‍ථ ද නො හැඟෙයි. (එ බැවින්) සංඝ තෙමේ මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතකුට මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කිරීම රිසියෙයි ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි ද හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛු උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTමේ නඩුව සන්හිඳුවන්නට මෙනම් මහණ ද උබ්බාහිකාව පිණිස සංඝයා විසින් සම්මත විය. සංඝයාට එය රිසි දෙයයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි. (පිළිගනිමි)” යනු යි.
Pali BJTතෙ චෙ භික්ඛවෙ භික්ඛූ සක්කොන්ති තං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං. ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛා විනයස්මිං? සඞ්ඝසම්මුඛතා{1} ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති-උක්කොටනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණහු උබ්බාහිකායෙන් ඒ නඩුව සන්හි වන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ නඩුව සන්හිඳුනේ යැ යි යනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛ්‍ය විනයය කිමෙක් ද? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ...... මහණෙනි, මෙසේ සන්හිඳුනු නඩුව කාරකයෙක් (ඒ නඩුවට සම්බන්‍ධ වූයෙක්) යලිදු විසඳනු පිණිස උත්කෝටනය කරන්නේ නම් (මතු කරන්නේ නම්) උත්කෝටනක පචිති ඇවැත් වෙයි.
Pali BJTතෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ තත්රාස්ස භික්ඛු ධම්මකථිකො, තස්ස නෙව සුත්තං ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා:
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ නඩුව විනිසනු ලබන කල්හි එහි ධර්‍මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (පාතිමොක්ඛය) ප්‍රගුණ ව නොආයේ ද සූත්‍ර විභංගය පුහුණු ව නොම ආයේ ද හේ අර්‍ත්‍ථය නොසලකන්නේ ව්‍යංජනච්ඡායායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහනය කෙරෙයි ද, (එබඳු තැන) ව්‍යක්ත වූ ප්‍රතිබල වූ ඒ මහණහු මෙසේ දැන්වියැ යුත්තාහු ය:
Pali BJTසුණන්තු මෙ ආයස්මන්තා. අයං ඉත්ථන්නාමො භික්ඛු ධම්මකථිකො. ඉමස්ස නෙව සුත්තං ආගතං හොති, නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො බ්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. යදායස්මන්තානං පත්තකල්ලං ඉත්ථන්නාමං භික්ඛුං වුට්ඨාපෙත්වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්යාමාති.
Sinhala BJT“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්‍මකථික ය, මොහුට සූත්‍රය (උභයමාතෘකාව) ප්‍රගුණ වැ නො ආයේ ය. සූත්‍ර විහඞ්ගය ප්‍රගුණ ව නොම ආයේ ය. හේ අර්‍ත්‍ථය නො සලකන්නේ ව්‍යංජනච්ඡායායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහන කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (හෙවත් බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුවෙනි.
Pali BJTතෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං වුට්ඨාපෙත්වා සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං- ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, (එසේ කල්හි) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙනි. එහි සම්මුඛාවිනයය කවරේ ද? ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව ... යී. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTතෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ තත්රාස්ස භික්ඛු ධම්මකථිකො. තස්ස සුත්තං හි ඛො ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා:{1}
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිසනු ලබන කල්හි එහි ධර්‍මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (උභය මාතෘකාව) ප්‍රගුණ ව ආයේ වේ නම්, සූත්‍රවිහඞ්ගය ප්‍රගුණ වැ නො ආයේ වේ නම්, හේ අර්‍ත්‍ථය නො සලකන්නේ ව්‍යංජනච්ඡයායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහන කෙරේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඒ මහණහු මෙසේ දැන්විය යුත්තාහ:
Pali BJTසුණන්තු මෙ ආයස්මන්තා, අයං ඉත්ථන්නාමො භික්ඛු ධම්මකථිකො. ඉමස්ස සුත්තං හි ඛො ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. යදායස්මන්තානං පත්තකල්ලං ඉත්ථන්නාමං භික්ඛුං වුට්ඨාපෙත්වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්යාමාති.
Sinhala BJT“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්‍මකථිකයෙක් ය. මොහුට සූත්‍රය (උභය මාතෘකාව) වූ කලි ප්‍රගුණ වැ ආයේ වෙයි, සූත්‍රවිභඞ්ගය ප්‍රගුණ ව නො ආයේ ය. හෙ තෙම අරුත් නො සලකන්නේ ව්‍යංජනච්ඡයායෙන් අරුත බැහැර කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුයෙනි.
Pali BJTතෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං වුට්ඨාපෙත්වා සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛාවිනයය කවරේ යැ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව ... යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ වී නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
Pali BJTයෙභුය්යසිකා විනයං
Sinhala BJTයේභුය්‍යසිකා විනය