Pali BJT3. ධම්මවාදී පුග්ගලො අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT3. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය දැහැමින් සන්හිඳේ.
Pali BJT4. ධම්මවාදී සම්බහුලා අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT4. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT5. ධම්මවාදී සම්බහුලා අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT5. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම් ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවත්. සිතවත්. පෙන්වත්, පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT6. ධම්මවාදී සම්බහුලා අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT6. ධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. දක්වත්. පුනපුනා දක්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT7. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT7. ධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT8. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT8 ධර්‍මවාදී සඞ්ඝතෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු”යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT9. ධම්මවාදී සඞ්ඝො අධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙනාති.
Sinhala BJT9. ධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාසතාශාසන ය මෙය ගණුව මෙය රුස්ව”යි අධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ යී.
Pali BJTධම්මවාදීනවකං නිට්ඨිතං.
Sinhala BJTධර්‍මවාදීනවකය නිමි.
Pali BJT2. සතිවිනයො
Sinhala BJT2. සතිවිනය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා දබ්බමල්ලපුත්තෙන ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං හොති. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තෙන අනුප්පත්තං හොති. නත්ථි චස්ස කිඤ්චි උත්තරිං කරණීයං{1}, කතස්ස වා පතිචයො. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස{2} එවං චෙතසො පරිවිතක්කො උදපාදි: මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි: “යන්නූනාහං{3} සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං{4} භත්තානි ච උද්දිසෙය්ය”න්ති.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනවාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි උපතින් සත්වස් ඇති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර විසින් රහත්බව පසක් කරණ ලද්දේ වෙයි. සව්වකු විසින් පැමිණිය යුතු (ලැබිය යුතු) යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල උහු විසින් ලබන ලද්දේ වෙයි. උහුට මත්තෙහි කටයුතු කිසිවක් ද නැත. කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. ඉක්බිති එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “උපතින් සත් වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදී. සව්වකු විසින් ලැබිය යුතු යම් කිසිවක් වේ නම් මවිසින් ඒ සියල්ල ලබන ලදි. මට මතු කටයුතු කිසිවක් ද, කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟහට වතාවතක් කරනෙම් නම් කිම්දෝයි ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්හට මෙබඳු සිතෙක් විය: මම සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මනාමැනු” යි.
Pali BJT2. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්යා, භත්තානි ච උද්දිසෙය්ය”න්ති. ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙතුං, භත්තානි ච උද්දිසිතුන්ති. “සාධු සාධු දබ්බ, තෙන හි ත්වං දබ්බ, සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙහි, භත්තානි ච උද්දිසාහී”ති. එවං භන්තෙති ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සවස්කල පිළිසලනින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් මල්ලපුත් ආයුෂ්මත් දබ්බ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු සිත්හසරෙක් පහළ විය: උපතින් සත්වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදි. සව්වකු විසින් යම් කිසිවක් ලැබිය යුතු නම් ඒ සියල්ල මවිසින් ලබන ලදි. මතු කිසි කටයුත්තෙක් ද මට නැත කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟනට වතාවතක් කරම් නම් කිම්දැ” යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් විය: “මම සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැනු”යි. “වහන්ස, මම සඟනට සෙනසුන් පනවන්නට ද බත් උදෙසන්නට ද කැමැත්තෙමි”යි. “දබ්බ මැනැවි. මැනැවි. දබ්බ එසේ නම් සඟනට සෙනසුන් ද පනවවු, බතුදු උදෙසවු” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දිනි.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. පඨමං දබ්බො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු පළමු කොට දබ්බ යැද්ද යුතු. යැද වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන් අසාවා: ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරන්නෙන් ය. මේ දැන්වීම යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සෙනාසනපඤ්ඤාපකස්ස ච භත්තුද්දෙසකස්ස ච සම්මුති{1}. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වදන අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරෙයි. ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කිරීම යම් ආයුෂ්මතකුහට රුස්නේ නම් හෙ තෙමේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හෙ තෙමේ බණන්නේ ය.
Pali BJTසම්මතො සඞ්ඝෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සෙනාසනපඤ්ඤාපකො ච භත්තුද්දෙසකො ච. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
Sinhala BJTසඟ විසින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරණ ලදි. සඟහට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
Pali BJT4. සම්මතො ච පනායස්මා දබ්බො මල්ලපුත්තො සභාගානං සභාගානං භික්ඛූනං{2} එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති: යෙ තෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සඞ්ගායිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ විනයධරා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං විනයං විනිච්ඡිනිස්සන්තී”{3}ති. යෙ තෙ භික්ඛූ ධම්මකථිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ඣායිනො තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං න ව්යාබාධිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ තිරච්ඡානකථිකා කායදඩ්ඪිබහුලා{4} විහරන්ති, තෙසම්පි එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “ඉමායපිමෙ{5} ආයස්මන්තො{6} රතියා අච්ඡිස්සන්තී”ති. යෙපි තෙ{7} භික්ඛූ විකාලෙ ආගච්ඡන්ති, තෙසම්පි තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙනෙව ආලොකෙන සෙනාසනං පඤ්ඤාපෙති.
Sinhala BJT4. සම්මත කරණ ලද ආයුෂ්මත් දබ්බ මල්ලපුත් තෙමේ සභාග සභාග භික්‍ෂුන්ට එක්තැනෙක සෙනසුන් පනවයි: යම් භික්‍ෂූහු සූත්‍රාන්තිකයෝ නම් ‘ඔහු ඔවුනොවුන් සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු විනයධරයෝ නම් ‘ඔහු ඔවුනොවුන් විනය විසඳන්නාහු ය’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධම්කථිකයෝ (ආභිධම්මිකයෝ) නම් ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධාන්‍යලාභිහු නම් ‘ඔහු ඔවුනොවුන් නො පෙළන්නාහ’ යි ඔවුනට එක්තැනෙක හෝ සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු තිරශ්චීන කථා ඇති ව කය තරකිරීමෙහි තත්පර ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරශ්චීන කථා රතියෙනුදු වෙසෙන්නාහ’ යි ඔවුනට ද එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු නො කල්හි පැමිණෙත් නම් ඔවුනට ද තේජෝධාතුවට සමවැද ඒ ආලෝකයෙන් ම සෙනසුන් පනවයි.
Pali BJT5. අපිස්සු භික්ඛූ සඤ්චිච්ච විකාලෙ ආගච්ඡන්ති “මයං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස ඉද්ධිපාටිහාරියං පස්සිස්සාමා”ති. තෙ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “අම්හාකං ආවුසො දබ්බ සෙනාසනං පඤ්ඤාපෙහී”ති. තෙ ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං වදෙති: කත්ථ ආයස්මන්තා ඉච්ඡන්ති? කත්ථ පඤ්ඤාපෙමීති? තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්ති: “අම්හාකං ආවුසො දබ්බ ගිජ්ඣකූටෙ පබ්බතෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො චොරපපාතෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ඉසිගිලිපස්සෙ කාළසිලායං සෙනාසනං පඤ්ඤපෙහි. අම්හාකං ආවුසො වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ගොතමකන්දරායං{8} සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තින්දුකකන්දරායං{9} සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තපොදකන්දරායං{10} සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තපොදාරාමෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤපෙහි. අම්හාකං ආවුසො මද්දකුච්ඡිස්මිං{11} මිගදායෙ සෙනාසනං පඤ්ඤාපෙහී”ති.
Sinhala BJT5. භික්‍ෂූහු දැන දැන ‘අපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුගේ ඉදුපෙළහර දක්නමෝ’ යි නොකල්හි නිතර පැමිණෙත්, ඔහු ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹ ඇවැත්නි, දබ්බයෙනි, අපට සෙනසුන් පනවාලව යි. මෙසේ කියත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට ‘ආයුෂ්මත්හු කොතැන්හි කැමැති වෙද්ද, මේ කොතැන්හි පනවම් දැ’යි මෙසේ කියයි. ඔහු දැන දැන දුර තැන් දක්වත්, “ඇවැත්නි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපවයින්පවුවෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපස කළුගල්තලායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපවුපස සත්පත්ගොහෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සීතවෙනෙහි නාකෙම්බෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම් කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරි කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝද කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට හුණුදිය අරමෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹවෙනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ජි නම් මුවලැව්හි සෙනසුන් පනවාලව”යි.
Pali BJT6. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො තෙජොධාතුං සමාපජ්ජිත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡති. තෙපි තෙනෙව ආලොකෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙති: අයං මඤ්චො, ඉදං පීඨං, අයං භිසි, ඉදං බිම්බොහනං{1}, ඉදං වච්චට්ඨානං, ඉදං පස්සාවට්ඨානං, ඉදං පානීයං, ඉදං පරිභොජනීයං, අයං කත්තරදණ්ඩො, ඉදං සඞ්ඝස්ස කතිකසණ්ඨානං{2}, ඉමං කාලං පවිසිතබ්බං, ඉමං කාලං නික්ඛමිතබ්බන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡති.
Sinhala BJT6. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ තේජෝධාතුවට සමවැද ඇගිල්ල දැල්වෙන එළියෙන් ඔවුන්ට පෙරටු ව පෙරටු ව යෙයි. ඔහු ද ඒ එළියෙන් ම ආයුෂ්මත් දබ්බ මල්ලපුතුගේ පිටුපස පිටුපස යෙත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුන්ට මෙසේ සෙනසුන් පනවයි. මේ ඇඳ ය, මේ පුටුව ය, මේ බිස්ස ය, මේ කොට්ටය ය, මේ වැසිකිළිය ය, මේ කෙසකිළිය ය, මේ පැන් ය, මේ පිරිබොදුනී ජල ය, මේ සැරයටිය, මේ සඟුන්ගේ කතිකවත ය, මෙ කල පිවිසිය යුතු, මෙ කල නික්මිය යුතු යි. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට මෙසේ සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා{3} භික්ඛූ නවකා චෙව හොන්ති අප්පපුඤ්ඤා ච. යානි සඞ්ඝස්ස ලාමකානි සෙනාසනානි තානි තෙසං පාපුණන්ති ලාමකානි ච භත්තානි. තෙන ඛො පන සමයෙන රාජගහෙ මනුස්සා ඉච්ඡන්ති ථෙරානං භික්ඛූනං අභිසඞ්ඛාරිකං පිණ්ඩපාතං දාතුං – සප්පිම්පි, තෙලම්පි, උත්තරිභඞ්ගම්පි. මෙත්තියභුම්මජකානං පන භික්ඛූනං පාකතිකං දෙන්ති - යථාරද්ධං{4} කණාජකං{5} බිලඞ්ගදුතියං. තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා ථෙරෙ භික්ඛූ පුච්ඡන්ති: ‘තුම්හාකං ආවුසො භත්තග්ගෙ කිං අහොසි, තුම්හාකං කිං අහොසී’ති. එකච්චෙ ථෙරා එවං වදෙන්ති: ‘අම්හාකං ආවුසො සප්පි අහොසි. තෙලං අහොසි. උත්තරිභඞ්ගං අහොසී’ති. මෙත්තියභුම්මජකා පන භික්ඛූ එවං වදෙන්ති: අම්හාකං ආවුසො න කිඤ්චි අහොසි – පාකතිකං යථාරද්ධං කණාජකං බිලඞ්ගදුතියන්ති.
Sinhala BJT7. එසමයෙහි මෙත්තියභුම්මජක මහණහු නවකයෝ ද මඳ පිණැත්තෝ ද වෙති. සඞ්ඝයාගේ යම් ලමු සෙනසුන් ද ලමු බත් ද වෙත් නම් ඔහු ඔවුන්ට පැමිණෙති. එ සමයෙහි රජගහනුවර මිනිස්සු තෙර මහණුන්ට නොයෙක් දැයින් මැනැවින් සකස් කළ බොජුන් - ගිතෙල් ද තෙල් ද මසවුළු ද දෙන්නට කැමැති වෙත්. මෙත්තියභුම්මජක මහණුන්ට කාඩිකලකැඳ දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිවුඩුසාලේ පියවි බත දෙත්. ඔහු පසු බත පිණ්ඩපාතයෙන් වැළකුණහු “ඇවැත්නි, තොපගේ බත්හලෙහි කිමෙක් වී ද තොපගේ බත්හලෙහි කිමෙක් වී දැ” යි තෙරමහණුන් පුළුවුසිත්. ඇතැම් තෙරහු “ඇවැත්නි, අපට ගිතෙල් වී ය. තෙල් වී ය. මසවුළුවී” යයි මෙසේ කියත්. මෙත්තියභුම්මජක මහණහු “ඇවැත්නි, අපට කාඩි දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිමුඩුසාලේ පියවි බත හැර කිසිවක් නො වී ය” යි මෙසේ කියත්.
Pali BJT8. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකො ගහපති සඞ්ඝස්ස චතුක්කභත්තං දෙති නිච්චභත්තං. සො භත්තග්ගෙ සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසති – අඤ්ඤෙ ඔදනෙන පුච්ඡන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡන්ති. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං ස්වාතනාය මෙත්තියභුම්මජකානං භික්ඛූනං උද්දිට්ඨං හොති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. සො යෙනායස්මා දබ්බො මල්ලපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කල්යාණභත්තිකං ගහපතිං ආයස්මා දබ්බො මල්ලපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි.
Sinhala BJT8. එ සමයෙහි කල්‍යාණභත්තික ගැහැවිතෙමේ සඟනට නිතිබත් කොට බත් සතරක් දෙයි. හෙ තෙමේ අඹුදරුවන් සමඟ බත්හලෙහි එළඹ සිට වළඳවයි. අන්නු බතින් පුළුවුසිත්, අන්නු සූපයෙන් පුළුවුසිත්. අන්නු තෙලින් පුළුවුසිත්. අන්නු මසවුළින් පුළුවුසිත්. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවියාගේ සෙට පිණිස බත (වාර විසින්) මෙත්තියභුම්මජක භික්‍ෂූන් සඳහා උදෙසුයේ වෙයි. ඉක්බිති ව කල්‍යාණභත්තික ගැහැවි තෙමේ කිසියම් කටයුත්තක් සඳහා අරමට ගියේ ය. හෙ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් කල්‍යාණභත්තික ගැහැවිහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ දැහැමි කථාවෙන් කරුණු දැක්වී ය සමාදන් කරවී ය. තෙ ද ගැන්වී ය. සතුටු කරවී ය.
Pali BJT9. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: කස්ස භන්තෙ අම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨන්ති? මෙත්තියභුම්මජකානං ඛො ගහපති භික්ඛූනං තුම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨන්ති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති අනත්තමනො අහොසි. කථං හි නාම පාපභික්ඛූ අම්හාකං ඝරෙ භුඤ්ජිස්සන්තීති. ඝරං ගන්ත්වා දාසිං ආණාපෙසි: “යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා”ති. “එවං අය්යාති ඛො සා දාසී කල්යාණභත්තිකස්ස ගහපතිනො පච්චස්සොසි.
Sinhala BJT9. ඉක්බිති කල්‍යාණභත්තික ගැහැවි තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු විසින් කරුණු දක්වන ලදුයේ සමාදන් කරවනු ලදුයේ තෙද ගන්වනු ලදුයේ සතුටු කරවනු ලදුයේ ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට “වහන්ස, අපගේ ගෙයි සෙට පිණිස බත කවරකුට උදෙසන ලද්දේ දැ” යි මෙය කී ය. ගැහැවි ය, තොපගේ ගෙයි සෙට පිණිස වූ බත මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට උදෙසන ලදැ යි. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවි තෙමේ “කෙසේ නම් ලාමකභික්‍ෂූහු අපගේ ගෙයි වළඳන්නාහු දැ”යි නො සතුටු සිත් ඇත්තේ විය. ගෙට ගොස් “එම්බල දැස්ස, දෙසට බත්ගන්නා යම් කෙනෙක් පැමිණෙත් නම් දොරකොටුයෙහි අසුන් පණවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් වළඳව” යි දැස්ස ඇණවී ය. ‘එසේ ය හිමියනි’ යි ඒ දැස්ස කල්‍යාණභත්තික ගැහැවියාට පිළිවදන් ඇස්වූ ය.
Pali BJT10. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො අම්හාකං කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං උද්දිට්ඨං. ස්වෙ අම්හෙ කල්යාණභත්තිකො ගහපති සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසිස්සති: අඤ්ඤෙ ඔදනෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ සූපෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ තෙලෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡිස්සන්තී”ති. තෙ තෙනෙව සොමනස්සෙන න චිත්තරූපං රත්තියා සුපිංසු.
Sinhala BJT10. එ කල්හි මෙත්තිය භුම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභත්තික ගැහැවිහුගේ බත උදෙසන ලදි. සෙට අඹුදරුවන් සහිත කල්‍යාණභත්තික ගැහැවි තෙමේ එළඹ සිට අප වළඳවන්නේ ය: කෙනෙක් බතින් පුළුවුස්නාහ. කෙනෙක් සූපයෙන් පුළුවුස්නාහ. කෙනෙක් තෙලින් පුළුවුස්නාහ. කෙනෙක් මසවුළින් පුළුවුස්නාහ” යි ඔහු ඒ සොම්නසින් ම සිතුසේ රෑ නිදි නොගත්හ.
Pali BJT11. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සා දාසී මෙත්තියභුම්මජකෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: නිසීදථ භන්තෙති. අථ ඛො මෙත්තියභුම්මජකානං භික්ඛූනං එතදහොසි: නිස්සංසයං ඛො න තාව භත්තං සිද්ධං භවිස්සති යථා මයං කොට්ඨකෙ නිසීදාපියාමාති{1} අථ ඛො සා දාසී කණාජකෙන{2} බිලඞ්ගදුතියෙන උපගඤ්ඡි භුඤ්ජථ භන්තෙති. ‘මයං ඛො භගිනි නිච්චභත්තිකා’ති. “ජානාමි අය්යා නිච්චභත්තිකාති. අපි චාහං හිය්යොව ගහපතිනා ආණත්තා: ‘යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා’ති. භුඤ්ජථ භන්තෙ”ති.
Sinhala BJT11. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ කල්‍යාණභත්තික ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. ඒ දැස්ස එන්නා වූ මෙත්තිය භුම්මජක මහණුන් දුරදී ම දුටු දැක දොරකොටුයෙහි අසුන් පණවා “වහන්ස, හුන මැනැවැ” යි මෙත්තිය භුම්මජක මහණුන්ට මෙය කියූ. එ කල්හි මෙත්තිය භුම්මජක මහණුන්ට “එකැත්නෙන් ම බත නො නිමියේ වන, එහෙයින් අපි කොටුයෙහි හිඳුවනු ලබමෝ” යි මේ සිත විය. එ කල ඒ දැස්ස “වහන්ස, වළඳනු මැනැවැ” යි කාඩි දෙවෙනි කොට ඇති කුඩු සහිත (නිවුඩු) බතින් යුතුව එළඹ සිටියා ය. “නැඟනියෙනී, අපි මෙහි නිතිබත් ඇත්තමෝ වම්හ” යි. “හිමිනු ‘නිතිබත් ඇත්තහ’ යි දනිමි. එහෙත් මම ඊයේ ම ගැහැවිහු විසින් ‘එම්බා දැස්ස, හෙට බත් ගන්නා යම් කෙනෙක් එද්ද, කොටුයෙහි අසුන් පණවා කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සාලේ බතින් (ඔවුන්) වළඳව’යි අණවන ලද්මු. වහන්ස, වළඳනු මැනවැ” යි.
Pali BJT12. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො, කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි දබ්බස්ස මල්ලපුත්තස්ස සන්තිකෙ. නිස්සංසයං ඛො මයං දබ්බෙන මල්ලපුත්තෙන ගහපතිනො අන්තරෙ{3} පරිභින්නා”ති. තෙ තෙනෙව දොමනස්සෙන න චිත්තරූපං භුඤ්ජිංසු. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තා ආරාමං ගන්ත්වා පත්තචීවරං පටිසාමෙත්වා බහාරාමකොට්ඨකෙ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදිංසු - තුණ්හීභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා.
Sinhala BJT12. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ කල්‍යාණභත්තික ගැහැවි තෙමේ අරමට දබ්බමල්ලපුතු ලඟට ගියේ ය. එකැතින් ම දබ්බමල්ලපුතු විසින් අපි ගැහැවිහු කෙරෙහි බිඳුවන ලද්දමෝ” යි. ඔහු ඒ දොම්නසින් ම සිතු සේ නො වැළඳුහ. එ කල්හි මෙත්තියභුම්මජක මහණහු බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු අරමට ගොස් පාසිවුරු තැන්පත් කොට තබා - නිහඬ වූවාහු මකු වූවාහු නැමුනු කඳැට ඇත්තාහු යටිහුරු කළ මුව ඇත්තාහු සිතිවිලි සිතමින් කිසිවක් නො වැටහෙන්නාහු බිහි දොරකොටුවෙහි සඟළසිවුරින් අකවටු අවුලුවා ගෙණ හුන්හ.
Pali BJT13. අථ ඛො මෙත්තියා භික්ඛුනී යෙන මෙත්තියභුම්මජකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. එවං වුත්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. තතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. ‘ක්යාහං අය්යානං අපරජ්ඣාමි, කිස්ස මං අය්යා නාලපන්තී’ති? “තථා හි පන ත්වං භගිනි, අම්හෙ දබ්බෙන මල්ලපුත්තෙන විහෙඨියමානෙ අජ්ඣුපෙක්ඛසී”ති. ‘ක්යාහං අය්යා කරොමී’ති. “සචෙ ඛො ත්වං භගිනි, ඉච්ඡෙය්යාසි, අජ්ජෙ ව භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං නාසාපෙය්යා”ති. ‘ක්යාහං අය්යා කරොමි, කිං මයා සක්කා කාතුන්ති?’
Sinhala BJT13. ඉක්බිති මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන් වෙත එළඹියා ය. එළඹ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’යි. මෙය කියූ. එසේ කී කල්හි මෙත්තියභුම්මජක මහණහු නො බිණුහ. දෙවන වටදු ... තෙවන වටදු මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’ යි මෙය කියූ. තෙවන වටදු මෙත්තියභුම්මජක මහණහු නො බිණුහු, “ආර්‍ය්‍යයනට මම කිනම් අපරාධයක් කෙළෙමේ ද? ආර්‍ය්‍යයෝ කුමක් හෙයින් මා හා නො බෙණෙත් දැ” යි. “නැඟනියෙනි, ඒ එසේ ම ය. දබ්බමල්ලපුතු විසින් අප වෙහෙසනු ලබනුවන් තී උපෙක‍්ෂා කෙරෙහි” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුමක් කෙරෙම් දැ’ යි. නැඟනියෙනි, ඉදින් තී රිසියවු නම් අද ම භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු නසාලන සේකැ” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරමේ ද? මවිසින් කිමෙක් කට හැක්කේ දැ’ යි.
Pali BJT14. “එහි ත්වං භගිනි, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එවං වදෙහි: ඉදං භන්තෙ, නච්ඡන්නං නප්පතිරූපං. යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා. යතො නිවාතං තතො පවාතං{1}. උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා”ති. එවං අය්යාති ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකානං භික්ඛූනං පටිස්සුත්වා{2} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මෙත්තියා භික්ඛුනී භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ, නච්ඡන්නං නප්පතිරූපං. යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා. යතො නිවාතං තතො පවාතං. උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා”ති.
Sinhala BJT14. “නැඟනියෙනි, එවු. තෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙව. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව: වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත නම් උවදුරු රහිත නම් පීඩා රහිත නම් ඒ මේ දිශාව බිය සහිත ය, උවදුරු සහිත ය, පීඩා සහිත ය. යම් තැනෙක මද සුළඟෙකුදු නැද්ද එහි මහ සුළං නැගිණ. දිය ඇවිලගත්තාක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්ලපුත්‍ර හිමියන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේ ය, ආර්‍ය්‍යයෙනි’ යි මෙත්තිය මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියා ය. එකත් පස් ව සිටි ඒ මෙත්තිය මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය: “වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත ද පීඩා රහිත ද උවදුරු රහිත ද ඒ මේ දිශාව බිය සහිත ය. පීඩා සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක සුළඟෙක් නොවී ද එහි සැඩ සුළං නැගිණි. දිය ඇවිල ගත්තාක් මෙනි. ආර්‍ය්‍යදබ්බමල්ලපුත්‍රයන් විසින් දූෂිතයමු”යි.
Pali BJT15. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ, භගවා ජානාතී”ති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. න ඛො දබ්බ, දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං, කතන්ති වදෙහි, සචෙ අකතං, අකතන්ති වදෙහීති. “යතොහං භන්තෙ, ජාතො නාභිජානාමි සුපිනන්තෙනපි{3} මෙථුනං ධම්මං පටිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ, මෙත්තියං භික්ඛුනිං නාසෙථ. ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථාති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟ රැස් කරවා ආයුෂ්මත් දබ්බ මල්ලපුතු පුළුවුත් සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද (- එසේ මම් දතයුතු වෙමියි )” දෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ල පුතුට මෙය වදාළ සේක: “දබ්බ, මේ මෙහෙණ යම්සේ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ” යි. “වහන්ස,භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නා සේක් ද (-එසේ මම් දතයුතු වෙමියි.)” තෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මෙය වදාළ සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි? “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක්ද (-එසේ මම් දතයුතු වෙමියි.)” දබ්බ, දබ්බ (පණ්ඩිත)යෝ මෙසේ පරප්‍රත්‍යයෙන් (අනුන් පිහිටෙන්) නිරවුල් නොකෙරෙත්. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව, ඉදින් නො කරණලද නම් නො කරණ ලදැ යි කියව යි. “වහන්ස, මම උපන් තැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවුනමේ නො ම දනිමි. පිබිදියෙම් කියනු ම කවරේ දැ” යි. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් මෙත්තියා මෙහෙණ (ශ්‍රමණලිංග නාසනායෙන්) නසවු. මේ (මෙහෙයු) මහණුන් ද විමසවු”යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක.
Pali BJT16. අථ ඛො තෙ භික්ඛූ මෙත්තියං භික්ඛුනිං නාසෙසුං. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: “මා ආවුසො, මෙත්තියං භික්ඛුනිං නාසෙථ, න සා කිඤ්චි අපරජ්ඣති. අම්හෙහි සා උස්සංහිතා කුපිතෙහි අනත්තමනෙහි චාවනාධිප්පායෙහී”ති. “කිං පන තුම්හෙ ආවුසො, ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙථා”ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙස්සන්තී”ති.
Sinhala BJT16. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියා මෙහෙණ නැසූහ. (සිවුරු හැරවූහ). එ කල්හි මෙත්තියභුම්මජක මහණහු ඒ භික්‍ෂුන්ට මෙය කීහු: “ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි අපරාධයක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති නෙරණ අදහස් ඇති අප විසින් ඕ උත්සාහවත් කරණ ලදු” යි. ඇවැත්නි, කිමෙක් ද? තෙපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කරවු දැ යි? ‘ඇවැත්නි, එසේ’ යි. යම් ඒ මහණහු අපිස් වූවාහු ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: කෙසේ නම් මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙත් දැ යි.
Pali BJT17. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ, මෙත්තියභුම්මජකා භික්ඛූ දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්තීති? ‘සච්චං භගවා’. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා -පෙ- භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT17. ඉක්බිති. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද, මෙත්තියභුම්මජක මහණහු දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙද් දැ යි? ‘භාග්‍යවතුන් වහන්ස, සැබැවි’. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... භික්‍ෂූන්ට එයට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT18. තෙන හි භික්ඛවෙ, සඞ්ඝො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ දබ්බෙන මල්ලපුත්තෙන සඞ්ඝං උපසඞ්කමිත්වා, එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා, උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉමෙ මං භන්තෙ, මෙත්තියභුම්මජකා භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං භන්තෙ සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො: “ඉමෙ මං භන්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං සතිවෙපුල්ලප්පත්තො. තතියම්පි භන්තෙ සඞ්ඝං සතිවිනයං යාචාමී”ති.
Sinhala BJT18. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ සිහියෙන් විපුලබවට පැමිණි දබ්බ මල්ලපුතුට සති විනය දේවා මහණෙනි, මෙසේ දිය යුතු: මහණෙනි, ඒ දබ්බමල්ලපුතු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මේ මෙත්තිය භූම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම ස්මෘතිවිපුලත්‍වයට (ස්මෘතිඅවිප්‍රවාසයට) පැමිණියෙම් සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි. දෙවන වටදු යැද්ද යුතු .... තෙවන වටදු යැද්ද යුතු. වහන්ස, මේ මෙත්තිය භුම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙති. ඒ මම ස්මෘතිවිපුලත්‍වයට පැමිණියෙම්. වහන්ස, තෙවන වටදු සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි.
Pali BJT19. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT19. වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා නඟත්. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සිහිවිපුල බවට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදි. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ සිහිවිපුල බවට පැමිණ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට සතිවිනය දෙන්නේය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මුල් නැති සිල්විපතින් චෝදනා නඟත්, ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් ස්මෘතිවිනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයාට ස්මෘතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයාට ස්මෘතිවිනය දීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නෙන් ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං. අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවන වටදු මේ අරුත කියම් ... තෙවන වටදු මේ අරුත කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු මුල් නැති සිල්විපතින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට චෝදනා නගත්. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදියි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දිම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නේ ය.
Pali BJTදින්නො සඞ්ඝෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සඞ්ඝයා විසින් සතිවිනය දෙන ලදි. සඞ්ඝයාට රිසියේ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානි: සුද්ධො හොති භික්ඛු අනාපත්තිකො, අනුවදන්ති ච නං, යාචති ච, තස්ස සඞ්ඝො සතිවිනයං දෙති ධම්මෙන සමග්ගෙන{1} ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මිකානි සතිවිනයස්ස දානානී”ති.{*}
Sinhala BJTමහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසෙකි: මහණ තෙමේ ඇවැත් නැත්තේ පිරිසිදු වූයේ වෙයි. ඔහුට චෝදනාත් කෙරෙයි. (හෙතෙමේත්) යදී. ඔහුට සඞ්ඝ තෙමේ සතිවිනය දෙයි. දැහැමින් සමඟ ව දෙයි මහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසයි.{*}
Pali BJTසතිවිනයො නිට්ඨිතො.
Sinhala BJTසතිවිනය නිමියේ ය.
Pali BJT3. අමූළ්හවිනයො
Sinhala BJT3. අමූළ්හවිනය
Pali BJT1. තෙන ඛො පන සමයෙන ගග්ගො භික්ඛු උම්මත්තකො හොති චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං.{2} භික්ඛූ ගග්ගං භික්ඛුං උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති: “සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා”ති. සො එවං වදෙති: “අහං ඛො ආවුසො, උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කත”න්ති. එවම්පි නං වුච්චමානා චොදෙන්තෙව: “සරතායස්මා එවරූපං ආපත්තිං ආපජ්ජිතා”ති.
Sinhala BJT1. එ සමයෙහි ගග්ග මහණ තෙමේ සිත් පෙරළියෙන් වූ උමතු ඇතියේ වෙයි. සිත් පෙරළීමෙන් උමතු වූ ඔහු විසින් බසින් බිණු කයින් මැඩූ බොහෝ නො සරුප්කම් කරණ ලද්දේ වෙයි. සිත් පෙරළුනු උමතුවූවහු විසින් කරණ ලද නො සරුප් කම් හේතු කොට ගෙණ භික්‍ෂූහු ගග්ග මහණහට “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙමේ මෙසේ කියයි: “ඇවැත් නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ මා විසින් වචනයෙන් කියූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළා වූ මා විසින් මෙය කරණ ලදැ” යි. මෙසේ කියනු ලබන්නාහු ද “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා”යි ඔහුට චෝදනා කෙරෙත් ම ය.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ ගග්ගං භික්ඛුං උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙස්සන්ති: ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’{3}ති. සො එවං වදෙති: ‘අහං ඛො, ආවුසො, උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කත’න්ති. එවම්පි නං වුච්චමානා චොදෙන්තෙව: “සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා”ති? අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. සච්චං කිර භික්ඛවෙ -පෙ- සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ-. විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT2. යම් මහණහු අපිස් වූවාහු නම් ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: “සිත් පෙරළීමෙන් උමතු වූවහු විසින් කළ කම් හේතු කොට ගෙණ භික්‍ෂූහු කෙසේ නම් ගග්ග මහණහට ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’යි ඇවැතින් චෝදනා කළාහු ද - හෙ තෙමේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් බිණූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළාවූ මා විසින් මෙය කරණ ලදැ’ යි. මෙසේ කියනු ලබන්නාහු ද ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙත් ම ය. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද ... ‘භාග්‍යවතුන් වහන්ස, සැබවි.’ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT3. තෙන හි භික්ඛවෙ, සඞ්ඝො ගග්ගස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ, ගග්ගෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා, අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ, උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. මං භික්ඛූ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති: “සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා”ති. ත්යාහං එවං වදාමි:
Sinhala BJT3 මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ගග්ග මහණහට අමූළ්හවිනය දේවා. මහණෙනි, මෙසේ දිය යුතු; මහණෙනි, ගග්ග මහණහු විසින් සඟ වෙත එළඹ උතුරු සඟල එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ ය: වහන්ස, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් කියනලද කයින් මඬනා ලද බොහෝ නො සරුප්කම් කරණ ලදි. සිත් පෙරළුනු උමතු වූවහු විසින් කරණ ලද නො සරුප්කම් හේතු කොට ගෙණ “මෙබඳු ඇවැතකට පැමිණි ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි භික්‍ෂූහු මට ඇවතින් චෝදනා කෙරෙත් ඔවුන්ට මම මෙසේ කියමි: -
Pali BJT“අහං ඛො ආවුසො, උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති. එවම්පි මං වුච්චමානා චොදෙන්තෙව: ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සොහං භන්තෙ අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො: “අහං භන්තෙ උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. මං භික්ඛූ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති. ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. ත්යාහං එවං වදාමි: අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො, තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං නාහන්තං සරාමි. මූළ්හෙන මෙ එතං කත”න්ති. එවම්පි මං වුච්චමානා චොදෙන්තෙව: ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සොහං භන්තෙ අමූළ්හො. තතියම්පි භන්තෙ, සඞ්ඝං අමූළ්හවිනයං යාචාමී”ති.
Sinhala BJT“ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් විමි, සිත් පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද, කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නො කටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී යනුවෙනි.” මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහු මට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තමේ (සිහිමුළායෙන් මිදුනෙම්) සංඝයා වෙතින් අමූළ්හ විනය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු. දෙවෙනි වර ද ... යාච්ඤා කළ යුතු. තෙවෙනි වර ද. “වහන්ස, මම් සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නො සරුප්කම්) කරණ ලදි. සිත් පෙරැළීමට පත් උමතුවකු වූ මා විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන, “ආයුෂ්මත්තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි මට ඇවැතින් චෝදනා කෙරෙත්. මම් ඔවුනට මෙසේ කියමි: “ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී” යනුවෙනි. මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහුමට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා”යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තෙම් (සිහි මුළායෙන් මිදුණෙම්) තුන්වැනි වරද සංඝයා වෙතින් අමූළ්හ විනයය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු.
Pali BJT4. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වීය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ගග්ගො භික්ඛු උම්මත්තකො අහොසි චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. භික්ඛූ ගග්ගං භික්ඛුං උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්ති: ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සො එවං වදෙති: ‘අහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. නාහං තං සරාමි, මූළ්හෙන මෙ එතං කතන්ති. එවම්පි නං වුච්චමානා චොදෙන්තෙව. ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සො අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ගග්ගස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයං දදෙය්ය එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්‍ග මහණ තෙම උමතු වූයේ සිත් පෙරැළීමට පැමිණියේ විය. උමතු වූ සිත් පෙරැළියට පත් වචනයෙන් කියන ලද්දාවූද කයින් කරණ ලද්දාවූ ද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුනට නො සරුප් වූ බොහෝ දෑ) කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පැමිණ කරණ ලද දෑ කරණ කොට ගෙන ගර්‍ග මහණහට “ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙම ඇවැත්නි, මම් වූ කලි උමතු වූයමේ සිත් පෙරැළියට පැමිණියෙම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් ද කයින් ද බොහෝ අශ්‍රාමණක නොසරුප් කම් කරණ ලදි. මම් ඒ දෑ නො සමරමි. ඒ දෑ සිහි මුළා වූ මා විසින් කරණ ලද්දේ යැ” යි මෙසේ කියයි. ඔහු මෙසේ කියනු ලබන්නාහු ද ඒ මහණහට ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’යි චෝදනා කෙරෙත් ම ය. සිහි මුළායෙන් මිදුණු හෙතෙම සංඝයා වෙතින් අමූළ්හ විනය යදී. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සංඝතෙමේ සිහිමුළා බැවින් මිදුණු ගර්‍ග මහණහට අමූළ්හ විනය දෙන්නේ ය. මේ ඥප්ති යි (දැනුම් දීම යි).
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ගග්ගො භික්ඛු උම්මත්තකො අහොසි චිත්තවිපරියාසකතො තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. භික්ඛූ ගග්ගං භික්ඛුං උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන අජ්ඣාචිණ්ණෙන ආපත්තියා චොදෙන්තෙව ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සො එවං වදෙති:
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්‍ග මහණ තෙම සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් විය. සිත් පෙරැළියට පත් උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ (මහණුනට නො සරුප් දෑ) කරණ ලදී. මහණහු සිත් පෙරැළියට පැමිණි උමතු වූ මොහු විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි ගර්‍ග මහණහට ඇවැතින් චෝදනා කෙරෙත් ම ය. (එවිට) හෙ තෙමේ මෙසේ කියයි:
Pali BJTඅහං ඛො ආවුසො උම්මත්තකො අහොසිං චිත්තවිපරියාසකතො. තෙන මෙ උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. නාහං තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති. එවම්පි නං වුච්චමානා චොදෙන්තෙව ‘සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා’ති. සො අමූළ්හො සඞ්ඝං අමූළ්හවිනයං යාචති. සඞ්ඝො ගග්ගස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයං දෙති. යස්සායස්මතො ඛමති ගග්ගස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJT‘ඇවැත්නි, සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වීමි...’ යනුවෙනි. හේ සිහි මුළාවෙන් මිදුනේ සංඝයා වෙතින් අමූළ්හවිනයය ඉල්ලයි, සංඝ තෙමේ සිහිමුළාවෙන් මිදුණු ගගර් මහණහට අමූළ්හවිනයය දෙයි. ගගර් මහණහට අමූළ්හ විනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක් හට නො රිසියෙයි නම් හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- දින්නො සඞ්ඝෙන ගග්ගස්ස භික්ඛුනො අමූළ්හස්ස අමූළ්හවිනයො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTදෙවනු ව ද මෙ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් සිහිමුළාවෙන් මිදුණු ගර්‍ග මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ නුවණින් සලකමි”.
Pali BJT5. තීණිමානි භික්ඛවෙ අධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි, තීණි ධම්මිකානි.
Sinhala BJT5. මහණෙනි, මේ නො දැහැමි වූ අමූළ්හවිනයය දීම් තුනෙකි. දැහැමි වූ අමූළ්හවිනයය දීම් තුනෙකි.
Pali BJTකතමානි තීණි අධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි? ඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො සරමානොව එවං වදෙති: න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. අධම්මිකං අමූළ්හවිනයස්ස දානං.
Sinhala BJTනොදැහැමි වූ අමූළ්හවිනය දාන තුන කවර? යත්: මහණෙනි, මෙහි මහණ තෙම ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ භික්‍ෂුහු හෝ එක් පුඟුලෙක් හෝ “ආයුෂ්මත් තෙමේ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙමි’යි සිහි කෙරේ වා” යි චෝදනා කෙරෙයි. හේ සිහි කරන්නේ ම “ඇවැත්නි මෙබඳු ඇවැතකට පැමිණියෙම් වෙමියි නො ම සිහි කරමි” යි මෙසේ කියයි. සඞ්ඝයා ඔහුට අමූළ්හවිනය දෙයි. මේ නො දැහැමි වූ අමූළ්හවිනය දීමෙකි.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො සරමානොව එවං වදෙති: සරාමි ඛො අහං ආවුසො යථා සුපිනන්තෙනාති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. අධම්මිකං අමූළ්හවිනයස්ස දානං.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙමි යි ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි කරන්නේ ම ‘ඇවැත්නි, සිහිනයෙකින් මෙන් සිහි කරමි’යි මෙසේ කියයි. ඔහුට සංඝයා අමූළ්හ විනය දෙයි. මේ නොදැහැමි වූ අමූළ්හවිනයය දීමෙකි.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු ආපත්තිං ආපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා, සම්බහුලා වා එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො අනුම්මත්තකො උම්මත්තකාලයං කරොති: අහම්පි ඛො එවං කරොමි, තුම්හෙපි එවං කරොථ, මය්හම්පි එතං කප්පති, තුම්හාකම්පෙතං කප්පතීති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. අධම්මිකං අමූළ්හවිනයස්ස දානං. ඉමානි තීණි අධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් ඇවැතකට පැමිණියේ වෙයි. සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුද්ගලයෙක් හෝ ‘මෙබඳු ඇවැතකට පැමිණියෙම් වෙමි’යි ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි, හේ උමතු නොවන්නේ ම ‘මමත් මෙසේ කෙරෙමි, තෙපිත් මෙසේ කරහු, මටත් මෙය කැප ය, තොපටත් මෙය කැප වේ’ යැ යි උමතුවක්හු සේ කථා කෙරෙයි. සංඝයා ඔහුට අමූළ්හවිනයය දෙයි. මේ නොදැහැමි වූ අමූළ්හවිනය දානයෙකි. මෙසේ අමූළ්හවිනයයා ගේ මේ නොදැහැමි වූ දීම් තුනෙකි.
Pali BJT6. කතමානි තීණි ධම්මිකානි අමූළ්හවිනයස්ස දානානි? ඉධ පන භික්ඛවෙ භික්ඛු උම්මත්තකො හොති චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො අසරමානොව එවං වදෙති. න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. ධම්මිකං අමූළ්හවිනයස්ස දානං.
Sinhala BJT6. දැහැමි වූ අමූළ්හ විනයයා ගේ දීම් තුන කවර යත්: මහණෙනි, මෙහි මහණෙක් සිත් පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට ගිය උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්‍ෂූහු හෝ එක් පුඟුලෙක් හෝ ‘තමා මෙබඳු ඇවැතකට පැමිණෙන්නා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි නොකරන්නේ ම ‘ඇවැත්නි, මෙබඳු ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කෙරෙමි’යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට අමූළ්හවිනයය දෙයි. අමූළ්හවිනයයා ගේ ඒ දීම දැහැමි ය.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු උම්මත්තකො හොති චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො අස්සරමානොව එවං වදෙති: සරාමි ඛො අහං ආවුසො යථා සුපිනන්තෙනාති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. ධම්මිකං අමූළ්හවිනයස්ස දානං.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් වනාහි සිත් පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි. සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ තමා මෙබඳු ඇවැතකට පැමිණියා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙයි. හේ සිහි නො කරනුයේ ම ‘ඇවැත්නි, මම් සිහිනෙන් මෙන් සිහි කෙරෙමි’ යි මෙසේ කියයි. සංඝයා ඔහුට අමූළ්හවිනය දෙයි. ඒ අමූළ්හවිනයයා ගේ දානය දැහැමි යි.
Pali BJTඉධ පන භික්ඛවෙ භික්ඛු උම්මත්තකො හොති චිත්තවිපරියාසකතො. තෙන උම්මත්තකෙන චිත්තවිපරියාසකතෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තමෙනං චොදෙති සඞ්ඝො වා, සම්බහුලා වා, එකපුග්ගලො වා: සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතාති. සො උම්මත්තකො උම්මත්තකාලයං කරොති: අහම්පි එවං කරොමි. තුම්හෙපි එවං කරොථ. මය්හම්පි එතං කප්පති. තුම්හාකම්පෙතං කප්පතීති. තස්ස සඞ්ඝො අමූළ්හවිනයං දෙති. ධම්මිකං අමූළ්හවිනයස්ස දානං.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් වනාහි සිහි පෙරැළියට ගිය උමතුවෙක් වෙයි. සිහිපෙරළියට ගිය උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක දැ කරන ලද්දේ වෙයි සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් (එක් මහණෙක්) හෝ ඔහුට ‘මෙබඳු ඇවැතකට තමා පැමිණියා ආයුෂ්මත් තෙමේ සිහි කෙරේවා’ යි චෝදනා කෙරෙයි. හේ උමතු වූයේ ‘මමත් මෙසේ කරමි, තෙපිත් මෙසේ කරවු, මටත් මෙය කැප ය, තොපටත් මෙය කැප යැ’යි උමතු අයුරක් කරයි. සංඝතෙමේ. ඔහුට අමූළ්හවිනයය දෙයි. අමූළ්හවිනයයාගේ ඒ දීම දැහැමි යි.
Pali BJTඉමානි තීණි ධම්මිකානි අමූළ්හවිනයස්ස දානානීති.
Sinhala BJTමේ දැහැමි වූ අමූළ්හවිනය දීම් තුන ය.”
Pali BJT4. පටිඤ්ඤාතකරණං
Sinhala BJT4. ප්‍රතිඥාතකරණය
Pali BJT7. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අපටිඤ්ඤාය භික්ඛූනං කම්මානි කරොන්ති තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අපටිඤ්ඤාය භික්ඛූනං කම්මානි කරිස්සන්ති තජ්ජනීයම්පි නියස්සම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පීති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ -පෙ-
Sinhala BJT7. එ සමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්‍ෂුහු අප්‍රතිඥායෙන් (වරද කළම්හ යි චුදිතයන්ගේ ප්‍රතිඥාවක් නැති ව) මහණුනට තජ්ජනීය කර්‍මය ද නියස්සකර්‍මය ද පබ්බාජනියකර්‍මය ද පටිසාරණීයකර්‍මය ද උක්ඛේපනීය කර්‍මය ද කරත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු කෙසේ නම් සවැගි මහණහු ප්‍රතිඥා රහිත ව මහණුනට තජ්ජනීයකර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනියකර්‍මයත් පටිසාරණීයකර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ’යි අවමන් කෙරෙත් දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ... මහණෙනි, ඒ සැබෑ ද? ... අසා වදාළ සේක.
Pali BJTසච්චං භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ අපටිඤ්ඤාය භික්ඛූනං කම්මං කාතබ්බං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා. යො කරෙය්ය{1} ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT‘සැබැව, භාග්‍යවතුන්වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කතා කොට, “මහණෙනි, ප්‍රතිඥා නැති වැ මහණුනට තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනිය කර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ නො කළ යුතු. යමෙක් එය කරන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
Pali BJT8. එවං ඛො භික්ඛවෙ අධම්මිකං හොති පටිඤ්ඤාතකරණං: එවං ධම්මිකං. කථඤ්ච භික්ඛවෙ අධම්මිකං හොති පටිඤ්ඤාතකරණං? භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: පාරාජිකං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: න ඛො අහං ආවුසො පාරාජිකං අජ්ඣාපන්නො සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති. තං සඞ්ඝො සඞ්ඝාදිසෙසෙන කාරෙති. අධම්මිකං පටිඤ්ඤාතකරණං.
Sinhala BJT8. මහණෙනි, පටිඤ්ඤාතකරණය මෙසේ (මතු දැක්වෙන පරිදි) නො දැහැමි වේ, මෙසේ දැහැමි වේ. මහණෙනි, පටිඤ්ඤාතකරණය කෙසේ නො දැහැමි වේ ද යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. එවිට හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නොපැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට සඟවෙසෙස් ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ නො දැහැමි ප්‍රතිඥාතකරණ යි.
Pali BJTභික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා, එකපුග්ගලො වා පාරාජිකං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: න ඛො අහං ආවුසො පාරාජිකං අජ්ඣාපන්නො ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නො’ති. තං සඞ්ඝො දුබ්භාසිතෙන කාරෙති අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: දුබ්භාසිතං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: න ඛො අහං ආවුසො, දුබ්භාසිතං අජ්ඣාපන්නො පාරාජිකං අජ්ඣාපන්නොති. තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති. අධම්මිකං පටිඤ්ඤාතකරණං.
Sinhala BJTමහණෙක් පරිජි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නො පැමිණියෙමි. මම් තුලැසි ඇවැතට පැමිණියෙමි. පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට ... දුබැසි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට දුබැසි ඇවැතින් විනයකර්‍ම කරවයි. මේ ද නොදැහැමි ප්‍රතිඥාතකරණ යි.
Pali BJTභික්ඛු දුබ්භාසිතං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: දුබ්භාසිතං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: න ඛො අහං ආවුසො දුබ්භාසිතං අජ්ඣාපන්නො සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති -පෙ- ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං අජ්ඣාපන්නොති. තං සඞ්ඝො දුක්කටෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. එවං ඛො භික්ඛවෙ අධම්මිකං හොති පටිඤ්ඤාතකරණං.
Sinhala BJTමහණෙක් දුබැසි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ දුබැසි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. ඒ මහණ තෙම ‘ඇවැත්නි මම් දුබැසි ඇවැතට නො පැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි ... ‘තුලැසි ඇවැතට පැමිණියෙමි’ යි ... ‘පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ හේ කියයි. සංඝ තෙමේ ඔහුට දුකුළා ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඥාතකරණය නො දැහැමි වේ. මහණෙනි, මෙසේ ම ප්‍රතිඥාතකරණය නොදැහැමි වේ.
Pali BJT9. කථඤ්ච භික්ඛවෙ ධම්මිකං හොති පටිඤ්ඤාතකරණං: භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: පාරාජිකං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: ආමාවුසො පාරාජිකං අජ්ඣාපන්නොති. තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති. ධම්මිකං පටිඤ්ඤාතකරණං.
Sinhala BJT9. මහණෙනි, ප්‍රතිඥාතකරණය කෙසේ නම් දැහැමි වේ ද? යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. හෙ තෙම ‘එසේ ය, ඇවැත්නි, පරිජි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට පරිජි ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඤ්ඤාතකරණය දැහැමි වේ.
Pali BJTභික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නො හොති. තමෙනං චොදෙති සඞ්ඝො වා සම්බහුලා වා එකපුග්ගලො වා: දුබ්භාසිතං ආයස්මා අජ්ඣාපන්නොති. සො එවං වදෙති: ආම වුසො දුබ්භාසිතං අජ්ඣාපන්නොති. තං සඞ්ඝො දුබ්භාසිතෙන කාරෙති. ධම්මිකං පටිඤ්ඤාතකරණං.
Sinhala BJTමහණෙක් සඟවෙසෙස් ඇවැතට ... ථුලැසි ඇවැතට ... පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට ... දුබැසි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝ තෙමේ හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ දුබැසි ඇවැතට පැමිණියේ යැ’ යි චෝදනා කෙරෙයි. හේ ‘එසේ යැ ඇවැත්නි දුබැසි ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ කියයි. ඔහුට සංඝ තෙමේ දුබැසි ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඥාතකරණය දැහැමි වේ.
Pali BJTඑවං ඛො භික්ඛවෙ ධම්මිකං හොති පටිඤ්ඤාතකරණන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ම ප්‍රතිඥාතකරණය දැහැමි වේ.
Pali BJT5. යෙභුය්යසිකා
Sinhala BJT5. යේභුය්‍යසිකාව
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තව ද එය කරන සැටි මෙසේ ද වදාළ සේක.)
Pali BJT10. තෙන ඛො පන සමයෙන භික්ඛූ සඞ්ඝමජ්ඣෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. න සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං යෙභුය්යසිකාය වූපසමෙතුං.
Sinhala BJT10. එ සමයෙහි වනාහි භික්‍ෂුහු සංඝයා මැදදී උපන් කලහ ඇත්තාහු, හටගත් ඩබර ඇත්තාහු, විවාදාපන්න වූවාහු ඔවු නොවුන් මුඛ නැමැති අඩයැටිවලින් විදුනෝ වැ වෙසෙත්. ඒ අධිකරණය සන්හිඳුවන්නට (භික්‍ෂූහු) සමත් නො වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙබඳු අධිකරණය යේභුය්‍යසිකායේන් (ධර්‍මවාදීන් වැඩිතරම් දෙනකුගේ මඟින් කරන ශමථයෙන්) සන්හිඳුවන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT11. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සලාකගාහාපකො සම්මන්නිතබ්බො: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය: එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT11. “මහණෙනි, යම් මහණෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද මෙ කී අංග පසින් යුත් මහණ තෙම සලාකා ගන්වන්නෙක් කොට සම්මත කටයුතු. මහණෙනි, මෙසේ වනාහි සම්මත කටයුතු. පළමු කොට මහණෙක් යැදියැ යුතු: යැද, ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT‘වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් (මෙයට සුදුසු කාලය යැ යි හැඟේ නම්) සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය (දැනුම් දීම) යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සලාකගාහාපකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සලාකගාහාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. මෙ මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙන්නේ නම්, හේ කියා වා. සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සලාකා ගන්වන්වන්නෙක් කොට සම්මත විය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි”) යනුවෙනි.
Pali BJT12. දස ඉමෙ භික්ඛවෙ අධම්මිකා සලාකගාහා, දස ධම්මිකා
Sinhala BJT12. “මහණෙනි, මේ නො දැහැමි සලාකා ගැන්වීම් දසයෙක, දැහැමි සලාකා ගැන්වීම් දසයෙක.
Pali BJTකතමෙ දස අධම්මිකා සලාකගාහා: ඔරමත්තකඤ්ච අධිකරණං හොති. න ච ගතිගතං හොති. න ච සරිතසාරිතං හොති. ජානාති ‘අධම්මවාදී බහුතරා’ති, අප්පෙව නාම අධම්මවාදී බහුතරා අස්සූති. ජානාති සඞ්ඝො භිජ්ජිස්සතීති අප්පෙව නාම සඞ්ඝො භිජ්ජෙය්යාති. අධම්මෙන ගණ්හන්ති. වග්ගා ගණ්හන්ති, න ච යථාදිට්ඨියා ගණ්හන්ති, ඉමෙ දස අධම්මිකා සලාකගාහා.
Sinhala BJTනොදැහැමි සලාකා ගැන්වීම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර එකෙක් වෙයි, ආවාස දෙක තුනකට නො ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය නො කරන ලද්දේ වෙයි). දෙතුන් වරක් ඒ මහණුන් විසින් සිහි නො කරන ලද්දේ ද අනුන් ලවා සිහි නොකරවන ලද්දේ ද වෙයි. අධර්‍මවාදීහු වැඩිතරම් යැ යි දනී. අධර්‍මවාදීහු වැඩිතරම් වන්නාහු නම් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. සඞ්ඝයා බිඳෙතැ යි දනී. සංඝයා බිඳෙතොත් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. නො දැහැමින් (අධර්‍මවාදී අපි වඩා බලවත් වන්නමු. යි සිතා සලාකා දෙක දෙක බැගින්) ගනිත්. ව්‍යග්‍ර වැ (ධර්‍මවාදී) සලාකා අඩු වනු පිණිස ධර්‍මවාදී දෙදෙනෙක් එක් සලාකාව බැගින් ගනිත්. තමන් ගේ දෘෂ්ටිය වූ පරිදි සලාකා නො ගනිත්. මේ නොදැහැමි සලාකා ගැනුම් දසය යැ.
Pali BJTකතමෙ දස ධම්මිකා සලාකගාහා: න ච ඔරමත්තකං අධිකරණං හොති, ගතිගතඤ්ච හොති, සරිතසාරිතඤ්ච හොති, ජානාති ධම්මවාදී බහුතරාති. අප්පෙව නාම ධම්මවාදී බහුතරා අස්සූති. ජානාති සඞ්ඝො න භිජ්ජිස්සතීති අප්පෙව නාම සඞ්ඝො න භිජ්ජෙය්යාති. ධම්මෙන ගණ්හන්ති, සමග්ගා ගණ්හන්ති, යථාදිට්ඨියා ච ගණ්හන්ති, ඉමෙ දස ධම්මිකා සලාකගාහාති.
Sinhala BJTදැහැමි සලාකා ගැනුම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර නො වෙයි, ආවාසයනට ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය කරන ලද්දේ වෙයි, ඒ මහණුන් විසින් දෙතුන් වරක් සිහි කරන ලද්දේ ද අනුන් ලවා සිහි කරවන ලද්දේ ද වෙයි. ධර්‍මවාදීන් ඉතා වැඩිතරම් ගණනෙක් වෙති යි දනී, සංඝයා නො බිඳෙන්නේ යැ යි, සංඝයා නො බිඳෙන්නේ නම් ඉතා යෙහහෙකැ යි දනී. දැහැමින් සලාකා ගනිත්, (දෙදෙනෙක් එක සලාකාවක් නො ගෙන) සමග වැ සලාකා ගනිත්, (පක්‍ෂය තර කැරැ ගැන්ම පිණිස නො වැ) තමන් ගේ දෘෂ්ටිය පරිදි සලාකා ගනිත්. මේ දැහැමි සලාකා ගැනුම් දසය යැ’ යි ද වදාළ සේක.
Pali BJT6. තස්සපාපිය්යසිකා
Sinhala BJT6. තස්සපාපිය්‍යසිකාව
Pali BJT13. තෙන ඛො පන සමයෙන උවාළො{1} භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අවජානිත්වා පටිජානාති, පටිජානිත්වා අවජානාති, අඤ්ඤෙන අඤ්ඤං පටිචරති, සම්පජානමුසා භාසති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම උවාළො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අවජානිත්වා පටිජානිස්සති, පටිජානිත්වා අවජානිස්සති, අඤ්ඤෙන අඤ්ඤං පටිචරිස්සති, සම්පජානමුසා භාසිස්සතීති.
Sinhala BJT13. එ සමයෙහි වනාහි උවාළ නම් මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි. ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන බොරු කියයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද, ඔහු ... උවාළ මහණ තෙම කෙසේ නම් සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ කෙසේ නම් අවඥා කොට ප්‍රතිඥා කරන්නේ ද, ප්‍රතිඥා කොට අවඥා කරන්නේ ද, එකෙකින් අනෙකක් වසාලන්නේ ද, දැන දැන බොරු කියන්නේ දැ” යි පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
Pali BJT14. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. ‘සච්චං කිර භික්ඛවෙ -පෙ-’ ‘සච්චං භගවා -පෙ-’ විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: – තෙන හි භික්ඛවෙ සඞ්ඝො උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං කරොතු. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං උවාළො භික්ඛු චොදෙතබ්බො: චොදෙත්වා සාරෙතබ්බො: සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බො: ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT14. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ‘මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබැව වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. ... භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා, ‘මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය (පාපෝත්සන්න පුද්ගලයාට කළ යුතු විනයකර්‍මය) කෙරේ වා. මහණෙනි, මෙසේ එය කළ යුතු: පළමු කොට, උවාළ තෙම චෝදයිතව්‍ය ය. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු, සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උවාළො භික්ඛු සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අවජානිත්වා පටිජානාති, පටිජානිත්වා අවජානාති, අඤ්ඤෙන අඤ්ඤං පටිචරති. සම්පජානමුසා භාසති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබන්නේ, අවමන් කොට පිළින කෙරෙයි, පිළින කොට අවමන් කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන දැන බොරු කියයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ (සුදුසු කල් ඇත්තේ) වී නම්, සංඝ තෙමේ උවාළ මහණ හට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උවාළො භික්ඛු -පෙ- සම්පජානමුසා භාසති. සඞ්ඝො උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං කරොති. යස්සායස්මතො ඛමති උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මස්ස කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම ... දැන දැන බොරු කියයි. සංඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි. උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කිරීම යම් මහණකුහට රිසියෙයි ද හේ නිහඬ වේවා. යම් මහණකුට නොරිසියෙයි ද හේ කියාවා. දෙවැනි වර ද මෙ කරුණ කියමි. ... තෙවෙනි වර ද මෙ කරුණ කියමි......
Pali BJTකතං සඞ්ඝෙන උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා, විසින් උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදී. එය සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනුවෙනි.
Pali BJT“පඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි තස්සපාපිය්යසිකාකම්මස්ස කරණානි: අසුචි ච හොති අලජ්ජී ච සානුවාදො ච, තස්ස සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරොති ධම්මෙන සමග්ගො. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච ධම්මිකානි තස්සපාපිය්යසිකාකම්මස්ස කරණානි.
Sinhala BJTමහණෙනි, දැහැමි වූ මේ තස්සපාපිය්‍යසිකාකර්‍ම කිරීම් පසෙකි. මහණ තෙම අපිරිසිදු වූ කාය වාක් කර්‍ම ඇත්තේ වේ ද, අලජ්ජි වේ ද (දැන දැන ඇවැත් අවදනා සුලුවේ ද), උපවාද සහිත වේ ද, ඔහුට සංඝ තෙමේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි ද, එ ද සමග වූ සංඝ තෙමේ ධර්‍මය වූ පරිදි කෙරෙයි ද - මහණෙනි, මේ දැහැමි වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම් පස ය.
Pali BJTඅධම්මකම්ම ද්වාදසකං
Sinhala BJTඅධර්‍ම කර්‍ම දොළොස
Pali BJT15. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං තස්සපාපිය්යසිකා කම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අප්පටිඤ්ඤාය කතං හොති.
Sinhala BJT15. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකාකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනය කර්‍මයෙක් ද නොමනාසේ සන්සිඳුනෙක් ද වෙයි. (කවර අංග තුනෙකින් ද? යත්:) නො හමුයෙහි කරණ ලද්දේ වේ ද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙන කරණ ලද්දේ වේ ද, මේ අඞ්ග තුනින් සමන්‍විත තස්සපාපිය්‍යසිකාකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනය කර්‍ම ද නොමනා ලෙස සන්හිඳුනෙක් ද වෙයි. ...
Pali BJTආපත්තිං අනාරොපෙත්වා කතං හොති අධම්මෙන කතං හොති වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තස්සපාපිය්යසිකාකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච. (යථා තජ්ජනීයකම්මං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJTඇවැත නො නඟා කරණ ලද්දේ වේ ද, නො දැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වේ ද මේ අංග තුනින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය අධර්‍ම කර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සන්හිඳුනෙක් ද වෙයි.
Pali BJTධම්මකම්ම ද්වාදසකං
Sinhala BJTධර්‍ම කර්‍ම දොළොස
Pali BJT16. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං තස්සපාපිය්යසිකා කම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවූපසන්තඤ්ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තස්සපාපිය්යසිකාකම්මං ධම්මකම්මඤ්ච හොති විනය කම්මඤ්ච සුවූපසන්තඤ්ච. (යථා තජ්ජනීයකම්මෙ සුක්කපක්ඛං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT16. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද මොනොවට සංහිඳුනෙක් ද වෙයි. (කවර අඞ්ග තුනෙකින් සමන්‍විත කර්‍මයෙක් ද යත්:) හමුයෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, ප්‍රතිඥායෙන් (ප්‍රතිඥා ගෙන) කරණ ලද්දේ වේ ද - මේ අඞ්ග තුනෙන් සමන්‍විත කර්‍මය යි. ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද - මහණෙනි, මේ අංග තුනින් සමන්‍විත තස්සපාපිය්‍යසිකා කර්‍මය ධර්‍මකර්‍මයක් ද විනය කර්‍මයෙක් ද මොනොවට සංසිඳුනු කර්‍මයෙක් ද වෙයි. [තජ්ජනීය කර්‍මයෙහි ශුක්ල පක්‍ෂය යම්සේ ද එසේ විස්තර කළ යුතු.]
Pali BJTආකඞ්ඛමාන ඡක්කං
Sinhala BJTආකාංක්‍ෂමාණ ෂට්කය
Pali BJT17. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්ති බහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි: ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය.
Sinhala BJT17. මහණෙනි, අඞ්ග තුනෙකින් සමන්‍විත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ ‘කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ වේ ද, සංඝයා විෂයයෙහි අධිකරණ උපදවන්නේ වේ ද, අනුවණ වූයේ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ සස්නට අනුලොම් නොවූ ගෘහී සංසර්‍ගයෙන් ගිහියන් හා මිශ්‍ර ව වෙසේ ද, මහණෙනි, මෙසේ වූ අඞ්ග තුනෙකින් යුත් මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය.
Pali BJTඅපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති. අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි -පෙ-3
Sinhala BJTමහණෙනි, අන් අඞ්ග තුනෙකින් ද සමන්‍විත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: අධිශීල විෂයයෙහි (උපසම්පදා ශීලයෙහි) විපන් සිල් ඇත්තේ වේ ද, උත්තම ආචාර විෂයයෙහි (ශ්‍රමණාචාරයෙහි) විපන් ආචාර ඇත්තේ වේද, උත්තම දෘෂ්ටි විෂයයෙහි (සම්‍යග්දෘෂ්ටියෙහි) විපන් දෘෂ්ටි ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වූ අඞ්ග තුනෙකින් යුත් මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 2
Pali BJTඅපරෙහිපි භික්ඛවෙ තීහි -පෙ- බුද්ධස්ස අවණ්ණං භාසති: ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති: ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය.4
Sinhala BJTමහණෙනි, අන් අඞ්ග තුනෙකින් ද සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය; බුදුනට දොස් නඟා ද, දහමට දොස් කියා ද සඟනට දොස් කියා ද මහණෙනි, මේ අඞ්ග තුනින් යුත් මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම්, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 3
Pali BJTතිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො. එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහි: ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය.4
Sinhala BJTමහණෙනි, සංඝ තෙමේ කැමැත්තේ තුන් මහණ කෙනකුනට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ වෙයි ද ... එක් මහණෙක් සංඝයා කෙරෙහි අධිකරණ කරන්නේ. වෙයි ද ... එක් මහණෙක් අඥානත් අව්‍යක්තත් වේ ද, ආපත්තී බහුල කොටැත්තේ ආපත්තිපරිචේඡදය ද නො දන්නේ වේ ද ... එක් මහණෙක් පැවිද්දනට අනුලොම් නොවූ ගෘහීසංසර්‍ගයෙන් ගිහියන් හා මිශ්‍ර වැ වෙසේ ද මහණෙනි, සංඝ තෙමේ කැමැත්තේ නම් මේ තුන් මහණුනට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය.4
Pali BJTඅපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකාකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං -පෙ-5
Sinhala BJTමහණෙනි, අන් තුන් මහණ කෙනකුනට සංඝ තෙමේ කැමැති වන්නේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. එක් මහණෙක් අධිශීලයෙහි ශීලවිපන්න වෙයි, එකෙක් අධ්‍යාචාරයෙහි (උතුම් ශ්‍රමණාචාරයෙහි) ආචාරවිපන්න වෙයි, එකෙක් අතිදෘෂ්ටියෙහි (සම්‍යග්දෘෂ්ටියෙහි) දෘෂ්ටිවිපන්න වෙයි. මහණෙනි, මේ තුන් මහණුනට සංඝ තෙමේ කැමැත්තේ නම් තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 5
Pali BJTඅපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං -පෙ- එකො බුද්ධස්ස අවණ්ණං භාසති. එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති, ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තස්සපාපිය්යසිකා කම්මං කරෙය්ය.6
Sinhala BJTමහණෙනි, අන් තුන් මහණ කෙනකුනට සංඝ තෙමේ කැමැති වන්නේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුනට දොස් කියයි, එකෙක් දහමට දොස් කියයි, එකෙක් සංඝයාට දොස් කියයි. මහණෙනි, මේ තුන් මහණුනට සංඝ තෙමේ කැමැත්තේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. 6
Pali BJTආකඞ්ඛමාන ඡක්කං නිට්ඨිතං.
Sinhala BJTආකාංක්‍ෂමාණ ෂට්කය නිමියේ ය.
Pali BJTඅට්ඨාරස වත්තං
Sinhala BJTඅටළොස් වත
Pali BJT18. තස්සපාපිය්යසිකාකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙන පි භික්ඛුනියො න ඔවදිතබ්බා -පෙ- න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT18. මහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතියැ යුතු. එහි ලා මේ මනා පැවැත්ම යි: ඔහු විසින් තමා උපාධ්‍යාය ව උපසම්පදා නො කළ යුතු යි, (තමා ආචාර්‍ය්‍ය ව) නිස නො දිය යුතු යි, හෙරණකු තමා වෙත නො තබා ගත යුතු යි, භික්ඛුනීඕවාදක සම්මතිය. නො ඉවැසිය යුතු යි, සම්මතිය ලද මහණහු විසින් ද මෙහෙණනට ඔවා නො දිය යුතු යි, ... භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහ පිණිස නො යෙදවිය යුතු යි.{1}
Pali BJTඅථ ඛො සඞ්ඝො උවාළස්ස භික්ඛුනො තස්සපාපිය්යසිකාකම්මං අකාසි.
Sinhala BJTඉක්බිති සංඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කළේ ය.
Pali BJT7. තිණවත්ථාරකං
Sinhala BJT7. තෘණාවස්තාරකය
Pali BJT19. තෙන ඛො පන සමයෙන භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: අම්හාකං ඛො භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම, සියා පි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය: කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJT19. එ සමයෙහි වනාහි උපන් ඩබර ඇති, උපන් කලහ ඇති, විවාදාපන්න ව වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක කම් කරණ ලද්දේ වෙයි. එ කල වනාහි ඒ මහණුනට මේ සිත විය; “උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්න ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක දෑ කරණ, ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, භේදය පිණිස පවතින්නේ ය. මෙහි අප විසින් කෙසේ පිළිපැදිය යුතු වන්නේ ද?” යනුවෙනි.
Pali BJT20. භගවතො එතමත්ථං ආරොචෙසුං. ඉධ පන භික්ඛවෙ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං . තත්ර චෙ භික්ඛූනං එවං හොති අම්හාකං ඛො භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම සියා පි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්යාති අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං තිණවත්ථාරකෙන වූපසමෙතුං.
Sinhala BJT20. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, මෙහි උපන් ඩබර ඇති ව, උපන් කළහ. ඇති ව විවාදාපන්නව වසනා මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වේ ද, ඉදින් එහි මහණුනට උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්නව වසන අප විසින් වාචසික වූත් කායික වූත් බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පවත්නේ ය යන්න වීය හැක්කැ’යි මෙසේ සිතෙක් වන්නේ නම්, මහණෙනි, මෙබඳු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් (තණකොළින් කසළ වසාලන්නාක් මෙන් කිරීමෙන්) සන්සිඳුවන්නට අනුදනිමි”යි යනු යි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ වූපසමෙතබ්බං: සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං: සන්නිපතිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං භණ්ඩනජාතානං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං -පෙ- සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම, සියා පි තං අධිකරණං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්ය යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමං අධිකරණං තිණවත්ථාරකෙන වූපසමෙය්ය ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ එය සංසිඳුවිය යුතු: “සියලු දෙනා ම එක් තැනෙක රැස් විය යුතු, රැස් වැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම්, ඒ අධිකරණය ඇතැම් විට කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සංඝයාට ප්‍රාප්ත කාලය ඇත්තේ වේ නම් සංඝ තෙමේ දළ වරද හැර, ගිහියනට ගැරැහුම් ආදියෙන් යුත් වරද හැර, ඉතිරි මේ සියලු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් සංසිඳුවන්නේ යැ’යි මෙසේ සංඝ තෙමේ දැන්විය යුතු.