Pali BJT12. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT12. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනියි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දියයුතු.
Pali BJT13. ඉධ පන, භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT13. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. (ඔවුන් අතරින්) ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණතෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
Pali BJT14. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT14. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මූලායපටිකස්සනය කළයුතු වේ. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවාසය ද දිය යුතු.
Pali BJT15. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි. තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT15. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවු ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවයාසය ද දිය යුතු.
Pali BJT16. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අසරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT16. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් නො සහවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවු ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
Pali BJT17. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT17. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, ඒ ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවත් පසු ව විමති නැති ව නො සඟවයි. ඒ මහණතෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
Pali BJT18. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT18. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
Pali BJT19. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT19. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, පසු ව ඒ ඇවැත් විමති නැති ව සඟවයි. පෙර විමතී ඇති ව යම් ඇවැත් නො සැඟවී ද, පසු ව විමති නැති ව ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
Pali BJT20. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො, තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT20. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. විමති නැති ඇවැත් සඟවයි. විමති ඇති ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව ද විමති නැති ව සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණතෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
Pali BJT[21-40.] ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා{1} සාමණෙරො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (41-60) උම්මත්තකො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (61-80) ඛිත්තචිත්තො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (81-100) වෙදනට්ටො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති -පෙ-. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති -පෙ- එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො, එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො වෙදනට්ටො හොති. සො පුන අවෙදනට්ටො හුත්වා යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJT[21-40.] මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරණුයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවත් ඇවද පිළිසන් නො කොට හෙරණක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [41-60] උමතුවෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [61-80] පෙරලුනු සිතැතියෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු] [81-100] වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද, පිළිසන් නො වූ ද ඇවැත් වේ ... [යට කී පරිදි විස්තර කට යුතු...] ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇතැම් ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වේ. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වේ. විමති නැති ඇවත් වසයි. විමති ඇති ඇවැත් නො වසයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි. පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැතිව වසයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග ඇවත් පිළිසන් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
Pali BJT[101-200.] ඉධ පන භික්ඛවෙ භික්ඛු මානත්තාරහො -පෙ- (අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති.) -පෙ-
Sinhala BJT[101-200.] මහණෙනි, මෙහි මහණෙක් මානතට නිසි වූයේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි] ...
Pali BJT[201-300] ඉධ පන භික්ඛවෙ භික්ඛු මානත්තං චරන්තො -පෙ- (අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති.) -පෙ-
Sinhala BJT[201-300.] මහණෙනි, මෙහි මහණෙක් මානත පුරන්නේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන්නොකොට උපැවිදි වෙයි.] ...
Pali BJT[301-400.] ඉධ පන භික්ඛවෙ භික්ඛු අබ්භානාරහො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ- (මානත්තාරහො ච මානත්තචාරී ච අබ්භානාරහො ච යථා පාරිවාසිකො තථා විත්ථාරෙතබ්බා.) ඉධ පන භික්ඛවෙ භික්ඛු අබ්භානාරහො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා සාමණෙරො හොති -පෙ-. උම්මත්තකො හොති -පෙ-. ඛිත්තචිත්තො හොති -පෙ-. වෙදනට්ටො හොති. -පෙ- තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි -පෙ- එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති -පෙ-. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති. -පෙ- එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො, එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති.
Sinhala BJT[301-400.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භාන කර්‍මයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ... [මානතට සුදුසු වූවහුත්, මානත පුරන්නාත්, අබ්භානයට සුදුසු වූවහුත් (මුල කී) පිරිවෙස් පුරන්නා මෙන් විතර කට යුතු.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භානයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද නො පිළිසන් කොට හෙරෙණක් වෙයි. ... උමතු වූවෙක් වෙයි ... පෙරලුනු සිතැත්තෙක් වෙයි ... වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ ... ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දැනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති රහිත ය. ඇතැම් ඇවැත්හි විමති සහිත ය. යම් ඇවැත්හි විමති රහිත ද ඒ ඇවැත් සඟවයි.
Pali BJTයාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො වෙදනට්ටො හොති. සො පුන අවෙදනට්ටො හුත්වා යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ-. යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති, යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
Sinhala BJTයම් ඇවැත්හි විමති සහිත ද ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වේ. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ... පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. ඒ මහණතෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඔහුට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු යි.
Pali BJTමූලායපටිකස්සනචතුස්සතතං නිට්ඨිතං.
Sinhala BJTමූලායපටිකස්සන සිවුසිය නිමි.
Pali BJT7. පරිමාණාදි වාරට්ඨකං
Sinhala BJT7. පරිමාණාදි වාර අට
Pali BJT1. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පරිමාණා{1} අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT1. මහණෙනි, මෙහි මහණෙක් ප්‍රමාණවත් (=ගණන් ඇති) බොහෝ සඟ වෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT2. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපරිමාණා{2} අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT2. මහණෙනි, මෙහි මහණෙක් පමණ නැති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT3. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා එකනාමා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT3. මහණෙනි, මෙහි මහණෙක් එක් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT4. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා නානානාමා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT4. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් නම් ඇති බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT5. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා සභාගා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT5. මහණෙනි, මෙහි මහණෙක් සභාග වූ (= සමාන) බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT6. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා විසභාගා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT6. මහණෙනි, මෙහි මහණෙක් විසභාග වූ බොහෝ සඟෙවෙසස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT7. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා වවත්ථිතා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT7. මහණෙනි, මෙහි මහණෙක් වෙන් වෙන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT8. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා සම්භින්නා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ-
Sinhala BJT8. මහණෙනි, මෙහි මහණෙක් මුසු වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ...
Pali BJT(යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං).
Sinhala BJT(යට කී පරිදි විතර කට යුතු යි.)
Pali BJTපරිමාණාදි වාරට්ඨකං නිට්ඨිතං.
Sinhala BJTපරිමාණාදි වාර අට නිමියේ ය.
Pali BJT8. ද්වෙ භික්ඛුවාර එකාදසකං
Sinhala BJT8. ද්වේභික්ඛුවාර එකොළොස
Pali BJT1. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස{1} පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT1. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙති. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT2. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ සඞ්ඝාදිසෙසෙ වෙමතිකා හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT2. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි විමති ඇත්තාහු වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා ඇවැත් දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT3. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ සඞ්ඝාදිසෙසෙ මිස්සකදිට්ඨිනො හොන්ති, එකො ඡාදෙති. එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT3. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT4. ද්වෙ භික්ඛූ මිස්සකං ආපන්නා හොන්ති. තෙ මිස්සකෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT4. මහණහු දෙදෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT5. ද්වෙ භික්ඛූ මිස්සකං ආපන්නා හොන්ති. තෙ මිස්සකෙ මිස්සකදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT5. දෙමහණ කෙනෙක් මුසු ඇවැත් අවන්හු වෙති. ඔහු මුසු ඇවැත්හි මුසුදිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් වසයි. එක් මහණෙක් නො වසයි. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දි දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT6. ද්වෙ භික්ඛූ සුද්ධකං ආපන්නා හොන්ති. තෙ සුද්ධකෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. උභොපි යථාධම්මං කාරාපෙතබ්බා.
Sinhala BJT6. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
Pali BJT7. ද්වෙ භික්ඛූ සුද්ධකං ආපන්නා හොන්ති. තෙ සුද්ධකෙ සුද්ධකදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. උභොපි යථාධම්මං කාරාපෙතබ්බා.
Sinhala BJT7. දෙමහණ කෙනෙක් නුමුසු ඇවැත් අවන්හු වෙති. ඔහු නුමුසු ඇවැත්හි නුමුසු දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. දෙදෙන ම දහම් වූ පරිදි කරවිය යුතුහ.
Pali BJT8. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. එකස්ස හොති ආරොචෙස්සාමීති, එකස්ස හොති න ආරොචෙස්සාමීති. සො පඨමම්පි යාමං ඡාදෙති, දුතියම්පි යාමං ඡාදෙති, තතියම්පි යාමං ඡාදෙති, උද්ධස්තෙ{2} අරුණෙ ඡන්නා හොති ආපත්ති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT8. මහණහු දෙදෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණකුට සැළකරන්නෙමි යි සිත් වෙයි. එක් මහණකුට නො සැළකරන්නෙමි යි සිත් වෙයි. හෙතෙමේ (රාත්‍රි) පළමු යම්හිත් සඟවයි. දෙවන යම්හිත් සඟවයි. තෙවන යම්හිත් සඟවයි. අරුණ නැගි කල අවැත සහවන ලද්දේ වේ. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT9. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති, තෙ සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. තෙ ගච්ඡන්ති ආරොචෙස්සාමාති. එකස්ස අන්තරාමග්ගෙ මක්ඛධම්මො උප්පජ්ජති න ආරොචෙස්සාමීති. සො පඨමම්පි යාමං ඡාදෙති. දුතියම්පි යාමං ඡාදෙති. තතියම්පි යාමං ඡාදෙති. උද්ධස්තෙ අරුණෙ ඡන්නා හොති ආපත්ති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT9. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සහ වෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. ඔහු සැළකරන්නෙමු යි යෙති. එක් මහණකුට අතරමග දී නො සැළකරන්නෙමි යි මකුදම් උපදී. හෙතෙමේ පළමු යම්හිත් වසයි. දෙවන යම්හිත් වසයි. තෙවන යම්හිත් වසයි. අරුණ නැගි කල ඇවත වැසුනේ වේ. යමෙක් වසා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදනාට ම මානත දිය යුතු.
Pali BJT10. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. තෙ උම්මත්තකා හොන්ති. තෙ පච්ඡා අනුම්මත්තකා හුත්වා එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT10. දෙමහණ කෙනෙක් සඟවෙසෙස් අවන්හු වෙති. ඔහු සඟවෙසෙස්හි සහවෙසෙස් දිටු ඇත්තෝ වෙති. ඔහු උමතු වූවෝ වෙත්. පසු ව ඔහු උමතු නො වූවෝ ව එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතු වේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු.
Pali BJT11. ද්වෙ භික්ඛූ සඞ්ඝාදිසෙසං ආපන්නා හොන්ති. තෙ පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙන්ති: “ඉදානෙව ඛො මයං ජානාම: අයම්පි කිර ධම්මො සුත්තාගතො සුත්තපරියාපන්නො අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡතී”ති. තෙ සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨිනො හොන්ති. එකො ඡාදෙති, එකො නච්ඡාදෙති. යො ඡාදෙති, සො දුක්කටං දෙසාපෙතබ්බො. යථාපටිච්ඡන්නඤ්චස්ස පරිවාසං දත්වා උභින්නම්පි මානත්තං දාතබ්බං.
Sinhala BJT11. දෙමහණ කෙනෙක් සඟවෙසස් අවන්හු වෙති. ඔහු පාමොක් උදෙසන කල්හි “මේ දහමත් පාමොක් සුතුරෙහි ආයේ ල, සුතුරෙහි ඇතුළත් ල, අඩමසක් පාසා උදෙසුමට පැමිණේ ල යි මේ දැන් ම අපි දැනුම්හ යි” මෙසේ කියත්. ඔහු සඟවෙසෙස්හි සඟවෙසෙස් දිටු ඇත්තෝ වෙත්. එක් මහණෙක් සඟවයි. එක් මහණෙක් නො සඟවයි. යමෙක් සඟවා නම් හේ දුකුළා දෙස්විය යුතුවේ. ඇවැත් පිළිසන් පමණින් ඔහුට පිරිවෙස ද දී දෙදෙනාට ම මානත දිය යුතු යි.
Pali BJTද්වෙභික්ඛුවාරඑකාදසකං නිට්ඨිතං.
Sinhala BJTද්වේභික්ඛුවාර එකොළොස නිමි.
Pali BJT9. මූලායපටිකස්සන අවිසුද්ධිනවකං
Sinhala BJT9. මූලායපටිකස්සන අවිසුද්ධි නවකය
Pali BJT1. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො අපටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං දෙති, අධම්මෙන මානත්තං දෙති, අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT1. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර ගණන් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන් සඳහා මූලායපටිකස්සනය යදි. සඞ්ඝ තෙමේ ඔහුට දැහැමි වූ අකෝප්‍ය වූ තැනට නිසි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස් දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් පිරිසිදු වූයේ නො වේ.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි, වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො පටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරාආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරාආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධාන පරිවාසං දෙති. අධම්මෙන මානත්තං දෙති. අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT2. මහණෙනි, මෙහි මහණෙක් ප්‍රමාණවත් වූ ද ප්‍රමාණ රහිත වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර ප්‍රමාණවත් වූ වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමෙන් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි, නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපතතින්ගෙන් අවිසුද්ධ වූයේ වෙයි.
Pali BJT3. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති. අධම්මෙන මානත්තං දෙති, අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද විවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ ඒ ඇවැත්නට සඞ්ඝයාගෙන් සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා ඔහුට සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ අතර ඇවැත්නට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීගෙන් විසුද්ධ වූයේ නො වේ.
Pali BJT4-7. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති අපරිමාණායො අපටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි අපටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං දෙති. අධම්මෙන මානත්තං දෙති, අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT4-7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයා ගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. සඟන තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර නො පමණ වූ නො වැසුනු ... නො පමණ වූ වැසුනු ... නො පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් ... පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනා වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සන කම් කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් පිරිසිදු වූයේ නො වෙයි.
Pali BJT8. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති.
Sinhala BJT8. මහණෙනි, මෙහි මහණෙක් ගණන් ඇත්තා වූ ද ගණන් නැත්තා වූ ද එක් නමක් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සමාන වූ ද අසමාන වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත් නට සමෝධාන පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පිරිවෙස දෙයි.
Pali BJTසො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති, අධම්මෙන මානත්තං දෙති, අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJTහෙතෙමේ පිරිවෙස් පුරන්නේ පමණ වූ ද අපමණ වූ ද වැසුනු බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් ඔහුට අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ නො වෙයි.
Pali BJT9. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති, අධම්මෙන මානත්තං දෙති, අධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහිති.
Sinhala BJT9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද එක් නම් වූ ද වෙන් වෙන් නම් වූ ද සභාග වූ ද විසභාග වූ ද වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට සමෝධානපරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධානපරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඞ්ඝාදිසේසාපත්තීන්ට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ආපත්තීන්ට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ ස්ථානාහී වූ ධාර්මික කර්‍මයෙන් ඔහුට ඒ ආපත්තීන් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. නො දැහැමින් මානත දෙයි. නො දැහැමින් අබ්භාන කර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන් ගෙන් විශුද්ධ වූයේ නො වේ යි.
Pali BJTමූලායපටිකස්සන අවිසුද්ධිනවකං නිට්ඨිතං.
Sinhala BJTමූලායපටිකස්සන අවිසුද්ධි නවකය නිමියේ යි.
Pali BJT10. මූලායපටිකස්සන විසුද්ධිනවකං
Sinhala BJT10. මූලායපටිකස්සන විසුද්ධි නවකය
Pali BJT1-3. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො අපටිච්ඡන්නායො -පෙ- පරිමාණායො පටිච්ඡන්නායො -පෙ- පරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති, ධම්මෙන මානත්තං දෙති, ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT1-3. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පරිවාසය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝධාන පරිවාසය දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර පමණ වූ නො වැසුනු ... පමණ වූ වැසුනු ... පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත්නට මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමි කර්‍මයෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනයනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT4-6. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති අපරිමාණායො අපටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති. ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති, ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT4-6. මහගණනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වවත්‍ථිත වූ ද සම්භින්න වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝධාන පිරිවෙස යදියි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර අපමණ වූ නො වැසුනු ... අපමණ වූ වැසුනු ... අපමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය යදියි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් අතර ඇවැත් සඳහා මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධාන පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT7-9. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි අපටිච්ඡන්නායො -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායො -පෙ- පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහීති.
Sinhala BJT7-9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙස් පුරන්නේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනු ... පමණ වූ ද නො පමණ වූ ද වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝ තෙමේ අකෝප්‍ය වු තැනට සුදුසු දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ යී.
Pali BJTමූලායපටිකස්සනවිසුද්ධිනවකං නිට්ඨිතං.
Sinhala BJTමූලායපටීකස්සනවිසුද්ධි නවකය නිමි.
Pali BJT11. දුතියමූලායපටිකස්සනවිසුද්ධිනවකං
Sinhala BJT11. දෙවන මූලායපටිකස්සන විසුද්ධි නවකය
Pali BJT1. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො අපටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො අපටිච්ඡන්නායො.{1}
Sinhala BJT1. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර ගණන් ඇති නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් පිණිස මුලට ඇදීම යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ (=ගැරහිය යුතු) තැනට නො නිසි නො දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
Pali BJTසො තස්මිං භූමියං ඨිතො පුරිමා{2} ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. තස්ස එවං හොති: “අහං ඛො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සොහං සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායො අපටිච්ඡන්නායො. සොහං සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සි අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායො අපටිච්ඡන්නායො. සොහං තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. යන්නූනාහං සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචෙය්යං ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං”ති.
Sinhala BJTහෙතෙමේ ඒ බිම සිටියේ පළමු ඇවැත්නට අතර ඇවැත් සමරයි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරයි. ඔහුව මෙසේ සිත් වේ. “මම් වූ කලි ගණන් සහිත වූ ද ගණන් රහිත වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යැදීම්, සඞ්ඝ තෙමේ ඒ මා කෝප්‍ය වූ තැනට නො නිසි නො දහැමිකමින් ඒ ඇවැත් සඳහා මුලට ඇදී ය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූ නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැත්නට අතර ඇවැත් සමරමි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරමි. අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
Pali BJTසො සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං තං සඞ්ඝො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ, භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJTහෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදී, සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් ඔහුට පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලාය පටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT2-3. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි පටිච්ඡන්නායො -පෙ- පරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි.
Sinhala BJT2-3 මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නො මුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදී. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන්ට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ පිළිසන් වූ ... පමණ වූ පිළිසන් වූත් පිළිසන් නො වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝ තෙමේ ඔහුට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී.
Pali BJTසො තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. තස්ස එවං හොති: “අහං ඛො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සොහං සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායො{1} පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සොහං සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සි, අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණා පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සොහං තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. යන්නූනාහං සඞ්ඝං පුරිමා{2} ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචෙය්යං ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භාන”න්ති.
Sinhala BJTහෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකෙරෙයි. ඔහුට මෙසේ සිත් වේ. “මම පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝතෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම් සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමිකමින් මූලාපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන්පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
Pali BJTසො සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං. තං සඞ්ඝො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලාය පටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJTහෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ අකෝප්‍ය වූ තැනට සුදුසු දැහැමිකමින් ඔහුට පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ.
Pali BJT4-6. ඉධ පන භික්ඛවෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති අපරිමාණායො අපටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායො -පෙ- අපරිමාණායො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි.{*}සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටික්කසං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලාය පටිකස්සති{1}. අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො -පෙ- ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT4-6. මහණෙනි, මෙහි මහණෙක් පමණ වු ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණේ. හෙතෙමේ ඒ ඇවැතුන්ට සඞ්ඝයාගෙන් සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන් සඳහා ඔහුට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ නො පමණ වූ නො පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූ ... නො පමණ වූ පිළිසන් වූත් නො පිළිසන් වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නො නිසි වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානාත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතින් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT7. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි අපටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන, අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො -පෙ- ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ භික්ඛු අවිසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJT7. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. ඔහුට සඞ්ඝතෙමේ ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟිමින් ... දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණතෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT8. ඉධ පන භික්ඛවෙ භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායො. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායො.
Sinhala BJT8. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූත් අපමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යදියි. සඞ්ඝතෙමේ ඔහු කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟෙන් අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
Pali BJTසො තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. තස්ස එවං හොති “අහං ඛො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සොහං සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායො පටිච්ඡන්නායො. සොහං සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචිං.
Sinhala BJTහෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහි කෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහි කෙරෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම වූ කලි නො පමණ වූත් පමණ වූත් ... නුමුසු වූත් මුසු වූත් බොහෝ වූ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවතුන්ට සමෝදහන්පිරිවෙස යැද්දෙමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැතුන් සඳහා සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූත් නො පමණ වූත් පිළිසන් වු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවතුන්ගේ මුලට ඇදීම යැද්දෙමි.
Pali BJTතං මං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සි අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායො. සොහං තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. යන්නූනාහං සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචෙය්යං ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං”ති.
Sinhala BJTසඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නිසි නො වූ නො දැහැමිකමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන්පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූත් අපමණ වූත් පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් ඉතා මැනවැ” යි.
Pali BJTසො සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං. තං සඞ්ඝො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ භික්ඛු විසුද්ධො තාහි ආපත්තීහි.
Sinhala BJTහෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ ඔහුට අකෝප්‍ය වූ තැනට නිසි වූ දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැත් පිණිසත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, එ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
Pali BJT9. ඉධ පන භික්ඛවෙ, භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණම්පි අපරිමාණම්පි -පෙ- වවත්ථිතම්පි සම්භින්නම්පි. සො සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං දෙති. සො පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සො සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචති. තං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සති අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන. අධම්මෙන සමොධානපරිවාසං දෙති. සො පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි.
Sinhala BJT9. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝතෙමේ ඔහුට ඒ ඇවත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ ද අපමණ වූ ද වැසුනා වූ ද නො වැසුනා වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ තැනට නො නිසි දැහැමිකමින් ඔහුට අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
Pali BJTසො තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති, අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරති. තස්ස එවං හොති: “අහං ඛො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණම්පි අපරිමාණම්පි එකනාමම්පි නානානාමම්පි සභාගම්පි විසභාගම්පි වවත්ථිතම්පි සම්භින්නම්පි. සොහං සඞ්ඝං තාසං ආපත්තීනං සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තාසං ආපත්තීනං සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සොහං සඞ්ඝං අන්තරා ආපත්තීනං මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා ආපත්තීනං මූලායපටිකස්සි අධම්මිකෙන කම්මෙන කුප්පෙන අට්ඨානාරහෙන:-
Sinhala BJTහෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරයි. පසු ඇවැතුන්ට අතර ඇවත් ද සිහිකරයි. ඔහුට මෙසේ සිත් වෙයි. “මම් පමණ වූ ද අපමණ වූ ද එක් නම් ඇත්තා වූ ද වෙන් වෙන් නම් ඇත්තා වූ ද සභාග වූ ද විසභාග වූ ද වෙන් වෙන් වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි, ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ ද අපමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමින් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙළේ ය:-
Pali BJTඅධම්මෙන සමොධානපරිවාසං අදාසි. සොහං පරිවසාමීති මඤ්ඤමානො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං පරිමාණායොපි අපරිමාණායොපි පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි. සොහං තස්මිං භූමියං ඨිතො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. අපරා ආපත්තීනං අන්තරා ආපත්තියො සරාමි. යන්නූනාහං සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචෙය්යං ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භාන”න්ති.
Sinhala BJTනො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ ද නො පමණ වූ ද පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සමරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සමරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද, යදනෙම් නම් මැනවැ”යි.
Pali BJTසො සඞ්ඝං පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච මූලායපටිකස්සනං යාචති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන, ධම්මෙන සමොධානපරිවාසං, ධම්මෙන මානත්තං, ධම්මෙන අබ්භානං. තං සඞ්ඝො පුරිමා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච අපරා ආපත්තීනං අන්තරා ආපත්තීනඤ්ච, මූලායපටිකස්සති ධම්මිකෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන. ධම්මෙන සමොධානපරිවාසං දෙති. ධම්මෙන මානත්තං දෙති. ධම්මෙන අබ්භෙති. සො භික්ඛවෙ භික්ඛු විසුද්ධො තාහි ආපත්තිහී’ති.
Sinhala BJTහෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි ධාර්මිකකර්‍මයෙන් පළමු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් පසු ආපත්තීන්ට අතර ආපත්තීන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝධානපරිවාසය ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද ඉල්ලයි. සඞ්ඝ තෙමේ ඔහුට අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ධාර්මිකකර්‍මයෙන් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය කෙරෙයි. දැහැමින් සමෝධානපරිවාසය දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානකර්‍මය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආපත්තීන්ගෙන් විශුද්ධ වූයේ වේ යි.
Pali BJTදුතියමූලායපටිකස්සනවිසුද්ධිනවකං නිට්ඨිතං.
Sinhala BJTදෙවන මූලායපටිකස්සනවිසුද්ධිනවකය නිමියේ ය.
Pali BJTසමුච්චයක්ඛන්ධකං තතියං.
Sinhala BJTසමුච්චයකඛන්‍ධකය තෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅපටිච්ඡන්නා එකාහ ද්වීහ තීහචතූහ ච, පඤ්චාහ පක්ඛදසානං ආපත්යාහ සුද්ධන්තො මුනි.
Sinhala BJTඅපටිච්ඡන්න ය, ඒකාහපටිච්ඡන්න ය, ද්වීහපටිච්ඡන්න ය, තීහපටිච්ඡන්නය, චතුහපටිච්ඡන්න ය, පඤ්චාහපටිච්ඡන්න ය, පක්ඛ- දසාහ- පටිච්ඡන්න ය යන ඇවැත් ද සුද්ධන්තපරිවාසය ද මුනීද්‍රයන් වහන්සේ වදාළ සේක.
Pali BJTවිබ්භන්තො පරිමාණාසු ද්වෙ භික්ඛූ තත්ථ සඤ්ඤිනො, ද්වෙ වෙමතිකා මිස්සකදිට්ඨිනො මිස්සකෙ ගරුකදිට්ඨිනො.
Sinhala BJTවීබ්හන්තාදිවාර (සිවුසිය) ද, පරිමාණාදිවාර අට ද, ද්වේභික්ඛුවාර එකොළොසෙහි - ආපත්තිසඤ්ඤී ද, වෙමතික දෙදෙන ද, මිස්සකදිටඨි ද, මිස්සකයෙහි ගරුකදිට්ඨි ද,
Pali BJTමිස්සකෙ මිස්සකදිට්ඨිනො සුද්ධකෙ ගරුකදිට්ඨිනො, සුද්ධදිට්ඨි ච ඡාදෙති අථ පක්කමිතෙන ච.
Sinhala BJTමිස්සකයෙහි මිස්සකදිට්ඨි ද, සුද්ධකයෙහි ගරුකදිට්ඨි ද, සුද්ධදිට්ඨි ද, ආපත්තිඡාදනය ද, යලි පක්කමිත (මක්බධම්ම විසින් ආරෝචනා නො කිරීම) සමග -
Pali BJTඋම්මත්තකදෙසනඤ්ච මූලායපටිවිසුද්ධකො, ආචරියානං විභජ්ජවාදීනං තම්බපණ්ණිදීප්පසාදකානං, මහාවිහාරවාසීනං වාචනා සද්ධම්මට්ඨිතියාති.{*}
Sinhala BJTඋම්මත්තක හා (පාමොක්) දේසනා ද, මූලායපටිකස්සන - අවිසුද්ධි - විසුද්ධි (නවක තුන) ද යන මොහු තාම්‍රපර්ණිද්වීපප්‍රසාදක වූ මහාවිහාරවාසී විභජ්ජවාදී ආචාර්‍ය්‍යවරයන්ගේ ශාසනස්ථිතිය පිණිස වූ (චුල්ලවග්ගසමුච්චයකඛන්‍ධකයෙහි) වාචනාමාර්‍ගයෝ යි.
Pali BJTසමුච්චයක්ඛන්ධකං නිට්ඨිතං.
Sinhala BJTසමුච්වයක්බන්‍ධකය නිමි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTසමථක්ඛන්ධකං
Sinhala BJTසමථක්‌ඛන්‌ධකය
Pali BJT1. සම්මුඛාවිනයො
Sinhala BJT1. සම්මුඛාවිනය
Pali BJTතෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරොන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරිස්සන්ති තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පී”ති.
Sinhala BJTඑසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වසන සේක. එකල්හි සවග මහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය ද නියස්ස ද පබ්බාජනීය ද පටිසාරණීය ද උක්ඛේපනීය ද යන කර්‍ම කෙරෙත්. අපිස් වූ සතොස් වූ ලජ්ජි වූ කුකුස් ඇති යම් ඒ මහණහු වෙත් ද, ඔහු කෙසේ නම් සවගමහණහු නො හමු වූ භික්‍ෂූන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි{*}:
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණ (ප්‍රස්තාව)යෙහි භික්‍ෂූ සඞ්ඝයා රැස් කරවා භික්‍ෂූන් පිළිවිසි සේක:
Pali BJTසච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරොන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පීති. ‘සච්චං භගවා{1}’ විගරහි බුද්ධො භගවා: අනනුච්ඡවිකං භික්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මානි කරිස්සන්ති: තජ්ජනීයම්පි නියස්සම්පි පබ්බාජනීයම්පි පටිසාරණීයම්පි උක්ඛෙපනීයම්පි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ-{†} ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTමහණෙනි, සැබෑ ද? සවගමහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, සැබව.’ භාග්‍යයවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නො නිසි ක්‍රියායෙකි. අනුලොම් නො වූවෙකි. පිළිරූ නො වූවෙකි. නො මහණකමෙකි. නො කැප වූවෙකි. නො කට යුත්තෙකි. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කළාහු ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වේ. ගරහා ... දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT“න භික්ඛවෙ අසම්මුඛීභූතානං භික්ඛූනං කම්මං කාතබ්බං තජ්ජනීයං වා නියස්සං වා පබ්බාජනීයං වා පටිසාරණීයං වා උක්ඛෙපනීයං වා, යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, මෙය හමු වූ මහණුන්ට තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපනීය හෝ කර්‍මය නො කළ යුතු. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා වේ”යි.
Pali BJTඅධම්මවාදීනවක :{2}
Sinhala BJTඅධර්‍මවාදීනවකය:
Pali BJTඅධම්මවාදී පුග්ගලො, අධම්මවාදී සම්බහුලා,{3} අධම්මවාදී සඞ්ඝො, ධම්මවාදී පුග්ගලො, ධම්මවාදී සම්බහුලා, ධම්මවාදී සඞ්ඝො.
Sinhala BJTඅධම්මවාදී පුග්ගල ය, අධම්මවාදී සම්බහුල ය, අධම්මවාදී සඞ්ඝ ය, ධම්මවාදී පුග්ගල ය, ධම්මවාදී සම්බහුල ය, ධම්මවාදී සඞ්ඝ ය (යි මාතිකා සයෙකි.)
Pali BJT1. අධම්මවාදී පුග්ගලො ධම්මවාදිං පුග්ගලං{4} සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT1. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍මය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”සි ධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
Pali BJT2. අධම්මවාදී පුග්ගලො ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT2. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍ම ය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු”යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි . පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
Pali BJT3. අධම්මවාදී පුග්ගලො ධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT3. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදීසඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
Pali BJT4. අධම්මවාදී සම්බහුලා ධම්මවාදිං පුග්ගලං{1} සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT4. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුද්ගලයාට හඟවත්, සිතවත්. පුනපුනා දක්වත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
Pali BJT5. අධම්මවාදී සම්බහුලා ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT5. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු” යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවත්, සිතවත්. දක්වත්. පුනපුනා දක්වත් පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
Pali BJT6. අධම්මවාදී සම්බහුලා ධම්මවාදිං සඞ්ඝං{2} සඤ්ඤාපෙන්ති නිජ්ඣාපෙන්ති පෙක්ඛෙන්ති අනුපෙක්ඛෙන්ති දස්සෙන්ති අනුදස්සෙන්ති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT6. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. දක්වත්, පුනපුනා දක්වත් පෙන්වත් පුනපුනා පෙන්වත් . ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
Pali BJT7. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT7. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුඟුලාට හඟවයි සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
Pali BJT8. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT8. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු. මෙය රුස්වවු”යි. ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් ඒ අධිකරණය මෙසේ සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
Pali BJT9. අධම්මවාදී සඞ්ඝො ධම්මවාදිං සඞ්ඝං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, අධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයපතිරූපකෙන.
Sinhala BJT9. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ යි.
Pali BJTඅධම්මවාදිනවකං නිට්ඨිතං.
Sinhala BJTඅධර්‍මවාදීනවකය නිමි.
Pali BJTධම්මවාදීනවකං:
Sinhala BJTධර්‍මවාදීනවකය
Pali BJT1. ධම්මවාදී පුග්ගලො අධම්මවාදිං පුග්ගලං සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හාහි, ඉමං රොචෙහී”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT1. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. බලවයි. පුනපුනා බලවයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.
Pali BJT2. ධම්මවාදී පුග්ගලො අධම්මවාදී සම්බහුලෙ සඤ්ඤාපෙති නිජ්ඣාපෙති පෙක්ඛෙති අනුපෙක්ඛෙති දස්සෙති අනුදස්සෙති: අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති. එවඤ්චෙ තං අධිකරණං වූපසම්මති, ධම්මෙන වූපසම්මති සම්මුඛාවිනයෙන.
Sinhala BJT2. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය මේ විනය ය මේ ශාස්තෘශාසන ය මෙය ගණිවු මෙය රුස්වවු” යි අධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. දක්වයි. පුනපුනා දක්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.