Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා ගෙන් මූලායපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව මේ කළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පළමු ඇවැත පටන් කොට) සමෝධාන පිරිවෙස යදි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJT3. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJT3. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් පක්‍ෂ පිරිවෙස යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙයි. උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට පිරිවෙස දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
Pali BJTදින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙය දරමි”.
Pali BJTසමොධානපරිවාසො නිට්ඨිතො.
Sinhala BJTසමෝධාන පිරිවෙස නිමියේ ය.
Pali BJT16. මානත්තාරහමූලායපටිකස්සනාදි
Sinhala BJT16. මානත්තාරහමූලායපටිකස්සනාදිය
Pali BJT1. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට යෝග්‍ය වැ සිටියේ, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය ව සිටියෙම්, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො -පෙ-. එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො. -පෙ-
Sinhala BJT2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, පළමු ඇවැතට මෙසේ සමෝධාන පිරිවෙස දිය යුතු:
Pali BJTව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ දැන්විය යුතු:
Pali BJT3. “සුණාතු මෙ භන්තෙ -පෙ- සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති -පෙ- සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJT3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා ... සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනා කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දෙයි ... යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නොරිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
Pali BJTදින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
Pali BJTමානත්තාරහමූලායපටිකස්සනාදි නිට්ඨිතො.
Sinhala BJTමානත්තාරහ මූලායපටිකස්සනාදිය නිමියේ ය.
Pali BJT17. තිකාපත්තිමානත්තං
Sinhala BJT17. තිකාපත්තික මානත
Pali BJT1. සො පරිවුත්ථපරිවාසො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා -පෙ- පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො, -පෙ- පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං -පෙ- පඤ්චාහපටිච්ඡන්නං, සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා -පෙ- පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා -පෙ- පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං -පෙ- පඤ්චාහපටිච්ඡන්නං සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා -පෙ- පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා -පෙ- පඤ්චාහපටිච්ඡන්නාය -පෙ- සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං:
Sinhala BJT1. හේ වුසූ පිරිවෙස් ඇතියේ, භික්‍ෂූනට “ඇවැත්නි, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් ... එක් ඇවැතට පක්‍ෂ පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ ... පක්‍ෂ පිරිවෙස දුන. ඒ මම් පිරිවෙස් වසනුයෙම් ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට ... මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ... එක් ඇවැතට සඞ්ඝයාගෙන් පළමු ඇවැත හා එක් කොට සමෝධාන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ... ඇවැතට ... සමෝධාන පිරිවෙස දුන. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ.
Pali BJTතෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ මෙය කිය යුතු: “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදිමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු.
Pali BJT2. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇතියේ තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙම උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇතියේ, තුන් ඇවැත්නට සඞ්ඝයාගෙන් සරැයක මානත යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
Pali BJTතිකාපත්තිමානත්තං නිට්ඨිතං.
Sinhala BJTතිකාපත්තික මානත නිමියේ ය.
Pali BJT18. මානත්තචාරිකමූලායපටිකස්සනාදි
Sinhala BJT18. මානත්තචාරිකමූලායපටිකස්සනාදිය
Pali BJT1. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්වා ඡාරත්තං මානත්තං දෙතු.
Sinhala BJT1. හෙ තෙම මානත පුරණුයේ, ඒ අතරැ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ මහණුනට “ඇවැත්නි, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් මානත පූරණයෙම් අතරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. ඒ මහණහු මේ පවත් භාගසවතුන් වහන්සේට සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙන්ම උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී, සරැයක මානත දේවා.
Pali BJT2. එවං ච පන භික්ඛවෙ මූලායපටිකස්සිතබ්බො. -පෙ- එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො. -පෙ- එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං -පෙ-. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො ඡාරත්තං මානත්තං දෙති. -පෙ-.
Sinhala BJT2. මහණෙනි, මෙසේත් මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේත් පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දියැ යුතු ... මහණෙනි, මෙසේත් සරැයක මානත දියැ යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණහට සරැයෙක මානත දෙයි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
Pali BJTමානත්තචාරිකමූලායපටිකස්සනාදයො නිට්ඨිතා.
Sinhala BJTමානත්තචාරික මූලායපටිකස්සනාදීහු නිමියහ.
Pali BJT19. අබ්භානාරහමූලායපටිකස්සනාදි
Sinhala BJT19. අබ්භානාරහමූලායපටිකස්සනාදිය
Pali BJT1. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්වා ඡාරත්තං මානත්තං දෙතු. එවං ච පන භික්ඛවෙ මූලායපටිකස්සිතබ්බො -පෙ-. එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො -පෙ-. එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං -පෙ- සඞ්ඝො උදායිස්ස භික්ඛුනො ඡාරත්තං මානත්තං දෙති-පෙ-.
Sinhala BJT1. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට යෝග්‍ය වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “එසේ නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී සරැයක මානත දේවා. මහණෙනි, මෙසේ ම මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ම පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දිය යුතු ... මහණෙනි, මෙසේ ම සරැයක මානත දිය යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණට සරැයක මානත දෙයි ...
Pali BJTදින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTඅබ්භානාරහමූලායපටිකස්සනාදයො නිට්ඨිතා.
Sinhala BJTඅබ්භානාරහ මූලායපටිකස්සනාදීහු නිමියහ.
Pali BJT20. පක්ඛපටිච්ඡන්නඅබ්භානං
Sinhala BJT20. පක්ඛපටිච්ඡන්න අබ්භානය
Pali BJT1. සො චිණ්ණමානත්තො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙතු.
Sinhala BJT1. හෙ තෙමේ පිරූ මානත ඇතියේ, මහණුනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරේවා.
Pali BJT2. එවං ච පන භික්ඛවෙ අබ්භෙතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි.
Sinhala BJT2. මහණෙනි, මෙසේ අබ්භානය කටයුතු ය: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුකව හිඳ, දොහොත් මුදුන් තබා, මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පක්‍ෂපරිවාසය යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, එයතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙම් ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝයා පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය වැ සිටියෙම් එයතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස ඇතියෙම්, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ තුන් ඇවැත්නට සරැයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරණුයෙම්, අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය.
Pali BJT“සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං සඞ්ඝං{1} අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං{2} චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහ පටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො’හං{3} සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො’හං භන්තෙ චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචාමී”ති.
Sinhala BJT“ඒ මම් සංඝයා (ගෙන්) අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි, අබ්භානයට යෝග්‍ය වැ සිටියෙම්, පස් දිනක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට අතරැ පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායාපටිකස්සනාව කෙළේ ය. ඒ මම සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට් සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයයා (ගෙන්) අබ්භානය යදිමි”යනු යි.
Pali BJTදුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJTදෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය.
Pali BJTසඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි.
Sinhala BJTසඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, මානතට යෝග්‍ය වැ සිටියේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇතියේ, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ග තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන්නේ ය.
Pali BJTසො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචි.
Sinhala BJTහේ මානත පුරණුයේ, එයතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙමේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්යා (ගෙන්) පස් දිනක් පිළිසන්, අතරැ අවන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙම උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, එයතරු පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාසපටිකසනාව කෙළේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැද්දේ ය.
Pali BJTසඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJTසඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත යැද්දේ ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයෙක මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇතියේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කරන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො චිණ්ණමානත්තො සඞ්ඝං අබ්භානං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අබ්භෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අබ්භානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTසඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා; මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයා (ගෙන්) අබ්භානය යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහු පිළිබඳ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ-. තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනුවද මෙ කරුණ කියමි ... තෙවනුව ද මෙ කරුණ කියමි ...
Pali BJTඅබ්භිතො සඞ්ඝෙන උදායී භික්ඛු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTසඞ්ඝයා විසින් උදායී මහණ තෙම් අබ්භිත ය. සඞ්ඝයාට ඒ රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
Pali BJTපක්ඛපටිච්ඡන්නඅබ්භානං නිට්ඨිතං.
Sinhala BJTපක්ඛපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
Pali BJTසුක්කවිසට්ඨි සමත්තා.
Sinhala BJTසුක්කවිසට්ඨි ඇවැතට පිළියම් සමාප්ත ය.
Pali BJT2. පරිවාසො
Sinhala BJT2. පිරිවෙස
Pali BJT1. අග්ඝසමොධානපරිවාසො
Sinhala BJT1. අග්ඝසමෝධාන පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා, එකා ආපත්ති ද්වීහපටිච්ඡන්නා, එකා ආපත්ති තීහපටිච්ඡන්නා, එකා ආපත්ති චතූහපටිච්ඡන්නා, එකා ආපත්ති පඤ්චාහපටිච්ඡන්නා, එකා ආපත්ති ඡාහපටිච්ඡන්නා, එකා ආපත්ති සත්තාහපටිච්ඡන්නා, එකා ආපත්ති අට්ඨාහපටිච්ඡන්නා, එකා ආපත්ති නවාහපටිච්ඡන්නා, එකා ආපත්ති දසාහපටිච්ඡන්නා.
Sinhala BJT1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සිවුදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් පස්දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සත් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් අටදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් නවදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය.
Pali BJT2. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො සම්බහුලාසඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- එකා ආපත්ති දසාහපටිච්ඡන්නා. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං: තෙන හි භික්ඛවෙ සඞ්ඝො තස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා තස්සා අග්ඝෙන සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- එකා ආපත්ති දසාහපටිච්ඡන්නා. සො’හං භන්තෙ සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා, තස්සා අග්ඝෙන සමොධානපරිවාසං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. -පෙ- තතියම්පි යාචිතබ්බො. -පෙ-
Sinhala BJT2. හෙ තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මහණුනට සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ:) “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ඒ ඇවැතේ ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණහු විසින් සංඝයා වෙත එළඹ මෙසේ කිය යුතු: “වහන්ස මම බොහෝ සඟවෙසෙස් ඇවැත් වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- එකා ආපත්ති දසාහපටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා, තස්සා අග්ඝෙන සමොධානපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා, තස්සා අග්ඝෙන සමොධානපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් දිනක් පිළිසන් එක් ඇවැතෙකි … එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පිරිවෙස සඟහු යදියි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල කර්‍මයෙක් වී නම්, සඞ්ඝ තෙම් මේ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- එකා ආපත්ති දසාහපටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා, තස්සා අග්ඝෙන සමොධානපරිවාසං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා තස්සා අග්ඝෙන සමොධානපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා තස්සා අග්ඝෙන සමොධානපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙනම් මහණ තෙම බොහෝ සහ වෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. ඒ මහණ එ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, එ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදී. සඞ්ඝ තෙම මෙ නම් මහණහට යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසදානය යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා, යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ-. තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මෙ කරුණ කියමි ...
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්ති දසාහපටිච්ඡන්නා, තස්සා අග්ඝෙන සමොධානපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”
Pali BJTඅග්ඝසමොධානපරිවාසො නිට්ඨිතො.
Sinhala BJTඅග්ඝසමෝධානය පරිවාසය නිමි.
Pali BJT2. චිරපටිච්ඡන්නඅග්ඝසමොධානපරිවාසො
Sinhala BJT2. චිරපටිච්ඡන්නඅග්ඝසමෝධාන පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති: එකා ආපත්ති එකාහපටිච්ඡන්නා, ද්වෙ ආපත්තියො ද්වීහපටිච්ඡන්නායො, තිස්සො ආපත්තියො තීහපටිච්ඡන්නායො, චතස්සො ආපත්තියො චතූහපටිච්ඡන්නායො, පඤ්ච ආපත්තියො පඤ්චාහපටිච්ඡන්නායො, ඡ ආපත්තියො ඡාහපටිච්ඡන්නායො, සත්ත ආපත්තියො සත්තාහපටිච්ඡන්නායො, අට්ඨ ආපත්තියො අට්ඨාහපටිච්ඡන්නායො, නව ආපත්තියො නවාහපටිච්ඡන්නායො, දස ආපත්තියො දසාහපටිච්ඡන්නායො.
Sinhala BJT1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. දෙ ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. තුන් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. සිවු ඇවැතෙක් සිවු දිනක් පිළිසන් ය. ඇවැත් පසෙක් පස් දිනක් පිළිසන් ය. ඇවැත් සයෙක් සදිනක් පිළිසන් ය. ඇවැත් සතෙක් සත් දිනක් පිළිසන් ය. ඇවැත් අටෙක් අට දිනක් පිළිසන් ය. ඇවැත් නවයෙක් නව දිනක් පිළිසන් ය. ඇවැත් දසයෙක් දස දිනක් පිළිසන් ය.
Pali BJT2. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- දස ආපත්තියො දසාහපටිච්ඡන්නායො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ, සඞ්ඝො තස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරප්පටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- දස ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො’හං භන්තෙ සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ-.
Sinhala BJT2. හෙ තෙම “ඇවැත්නි, මම් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... ඇවැත් දසයෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යී මහණනුනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් හැමට වැඩිකල් පිළිසන් යම් ඇවැත්හු වෙද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, සමෝධාන පිරිවෙස මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින්, සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙවැ ... මෙසේ කිය යුතු: “වහන්ස, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම් ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් පිළිසන් වූහු ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදිමි”යනු යි. දෙවනුත් යැදිය යුතු: ... තෙවනුත් යැදිය යුතු.
Pali BJT3. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි. එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- දස ආපත්තියො දසාහපටිච්ඡන්නායො. සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදියි. ඉදින් කර්‍මය සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි එකා ආපත්ති එකාහපටිච්ඡන්නා -පෙ- දස ආපත්තියො දසාහපටිච්ඡන්නායො.{1} සො සඞ්ඝං තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො, තාසං අග්ඝෙන සමොධානපරිවාසං යාචති.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මෙ මේ භික්‍ෂූ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන්ය ... දස ඇවැතෙක් දස දිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය යදියි.
Pali BJTසඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්න යො, තාසං අග්ඝෙන සමොධාන පරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො, තාසං අග්ඝෙන සමොධානපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTසඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. යම් ආයුෂ්මතකුට මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනාහු ද ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසයාගේ දීම අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙතෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි ...
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො තාසං ආපත්තීනං යා ආපත්තියො සබ්බචිරපටිච්ඡන්නායො තාසං අග්ඝෙන සමොධානපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනෝ ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි (පිළිගණිමි).
Pali BJTඅග්ඝසමොධානං නිට්ඨිතං.
Sinhala BJTඅග්ඝසමෝධානය නිමි.
Pali BJT3. ද්වෙමාසපරිවාසො
Sinhala BJT3. දෙමස් පිරිවෙස
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි. යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.
Sinhala BJT1. එ කල්හි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්‍ෂූහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය. හෙ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළවිය: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට - මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැයි මේ සිත උපන. ඒ මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ මට දුන්නේ ය. පිරිවෙස් පුරණ මට - මම දෙමසක් පිළිසන් වූ අන් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ලජ්ජීධර්‍මය පහළ විය.
Pali BJT2. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්ක: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.
Sinhala BJT2. ඒ භික්‍ෂූ තෙම භික්‍ෂූන්හට මෙසේ කීය. “ඇවැත්නි, මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතට දෙමස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ, සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය.
Pali BJTසො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති?”
Sinhala BJTඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්‍මය පහළ විය: ‘මම් දෙමසක් පිළිසන් වූ අන් ඇවතකටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකි’ යි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ? යි.
Pali BJT3. භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො තස්ස භික්ඛුනො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි:” අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. සො’හං, භන්තෙ සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT3. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස දේවා. මහණෙනි, (ඒ දෙමස්පිරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙව වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ, මෙසේ කිය යුතු: “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි යි ලජ්ජීධර්‍මය පහළ විය’. ඒ මට මේ සිත විය: ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජිධර්‍මය පහළ විය. වහන්ස, ඒ මම් දෙමසක් පිළිසන් ඉතිරි ඇවැතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදිමි”යි දෙවනුත් යැදිය යුතු තෙවනුත් යැදිය යුතු.
Pali BJT4. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො.’ ‘තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ නම් භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. හේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස ඔහුට දුන. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට ‘මම් වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසේ ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකි’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි.
Pali BJTතස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දදෙය්ය එසා ඤත්ති.
Sinhala BJTසඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන්නේ ය. පිරිවෙස් පුරණ ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. හෙතෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදීයී. ඉඳින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම්, සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො’. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති’. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් මේ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ භික්‍ෂූහට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ භික්‍ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට ‘මම වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නෙම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් වසන ඒ මට ‘මම දෙමසක් පිළිසන් අනිත් ඇවැතටත් දෙමස් පිරිවෙස පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂුහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මෙ නම් භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුහට අභිමත නම්, හෙ තෙම් නිහඬ වේවා. යමකුට අනභිමත නම්, හෙ තෙම කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-.
Sinhala BJTදෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි.
Pali BJTදින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ සලකමි” යි.
Pali BJTතෙන, භික්ඛවෙ, භික්ඛුනා තදුපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
Sinhala BJTමහණෙනි, ඒ මහණ විසින් අනාරෝචිත ඒ අනිත් ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
Pali BJT4. ද්වෙමාසපරිවසිතබ්බවිධි
Sinhala BJT4. දෙමස්පිරිවෙස් පිරියැයුතු සැටි
Pali BJT1. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමති:{1} ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.” සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
Sinhala BJT1. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ භික්‍ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස යදින්නේනම් නම් යෙහෙකැ”යි මේ සිත විය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් යදියි. සඞ්ඝ තෙම ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ භික්‍ෂූහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය උපදියි. - ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඉදින් මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සංඝ තෙම දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් අනිත් ඇවතටත් දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි ඒ මහණ විසින් (අනාරෝචිත) ඒ ඇවැත නිමිති කොට දෙමසක් පිරිවෙස පිරියයුතු.
Pali BJT2. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං ජානාති. එකං ආපත්තිං න ජානාති. සො සඞ්ඝං යං ආපත්තිං ජානාති තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරම්පි ආපත්තිං ජානාති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං ජානිං, එකං ආපත්තිං න ජානිං. සො’හං සඞ්ඝං යං ආපත්තිං ජානිං, තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි ආපත්තිං ජානාමි - යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙමාසා පරිවසිතබ්බා.
Sinhala BJT2. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දනී එක් ඇවැතක් නො දනී. හෙ තෙම යම් ඇවැතක් දනී ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස ඔහුට දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් ඇවත ද දනියි. ඔහුට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. එක් ඇවැතක් දැන සිටියෙමි. එක් ඇවැතක් නොදැන සිටියෙමි. ඒ මම යම් ඇවැතක් දැන සිටියෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස ඒ මට දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැත ද දනිමි. – ‘මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වෙයි. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් අනිත් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව දැන ගත්) ඒ ඇවැත මුල් කොට දෙමසක් පිරිවෙස් විසිය යුතු ය.
Pali BJT3. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං සරති. එකං ආපත්තිං නස්සරති. සො සඞ්ඝං යං ආපත්තිං සරති තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති.
Sinhala BJT3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් සිහි කරයි. දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස් පිරිවෙස දෙයි. -
Pali BJTසො පරිවසන්තො ඉතරම්පි ආපත්තිං සරති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකං ආපත්තිං සරිං. එකං ආපත්තිං නස්සරිං. සො’හං සඞ්ඝං යං ආපත්තිං සරිං තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරම්පි ආපත්තිං සරාමි. යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති”. සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙ මාසා පරිවසිතබ්බා.
Sinhala BJTපිරිවෙස් පුරණ ඒ භික්‍ෂූ තෙම අනෙක් ඇවැත ද සිහි කරයි. ඒ භික්‍ෂුහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (එයින්) එක් ඇවැතක් සිහි කළෙමි. එක් ඇවැතක් සිහි නො කෙළෙමි. ඒ මම් යම් ඇවැතක් සිහි කළෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් ඇවැත ද සිහි කරමි. මම දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ සිතෙයි. ඒ භික්‍ෂු තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස් පිරිවෙස දෙයි. මහණෙනි, ඒ භික්‍ෂූ විසින් (පසු ව සිහි කළ) ඒ ඇවැත කරුණු කොට දෙමසක් පිරිවෙස පිරිය යුතු.
Pali BJT4. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකාය ආපත්තියා නිබ්බෙමතිකො එකාය ආපත්තියා වෙමතිකො. සො සඞ්ඝං යාය ආපත්තියා නිබ්බෙමතිකො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. සො පරිවසන්තො ඉතරිස්සාපි ආපත්තියා නිබ්බෙමතිකො හොති. තස්ස එවං හොති: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. එකාය ආපත්තියා වෙමතිකො. එකාය ආපත්තියා නිබ්බෙමතිකො. සො’හං සඞ්ඝං යාය ආපත්තියා නිබ්බෙමතිකො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො තස්සා ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො ඉතරිස්සාපි ආපත්තියා නිබ්බෙමතිකො. යන්නූනාහං සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචෙය්යන්ති.” සො සඞ්ඝං ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො ඉතරිස්සාපි ආපත්තියා ද්වෙමාසපටිච්ඡන්නාය ද්වෙමාසපරිවාසං දෙති. තෙන භික්ඛවෙ භික්ඛුනා තදුපාදාය ද්වෙමාසා පරිවසිතබ්බා.
Sinhala BJT4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් ඇවැතක් පිළිබඳ විමති නැත්තේ ය. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තේ ය. ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතෙක විමති නැත්තේ ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමස්පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනිත් ඇවැතෙහි ද විමති නැත්තේ වෙයි. ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණි යෙමි. එක් ඇවැතක් පිළිබඳ විමති ඇත්තෙමි. එක් ඇවැතක විමති නැත්තෙමි. ඒ මම යම් ඇවැතෙක්හි විමති නැත්තෙම් ද, දෙමසක් පිළිසන් වූ ඒ ඇවැතට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් ඒ ඇවැතට දෙමස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මම් අනිත් ඇවැතෙහි ද විමත් නැත්තෙම් වීමි. ඒ මට මම් දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙක” යී මෙසේ සිතෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ අනිත් ඇවැතට ද දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ අනෙක් ඇවැතට ද දෙමස්පිරිවෙස ඔහුට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පසු ව නිසැක වූ) ඒ ඇවැත මුල් කොට ගෙණ දෙමසක් පිරිවෙස් විසිය යුතු.
Pali BJT5. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති ජානං පටිච්ඡන්නා. එකා ආපත්ති අජානං පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
Sinhala BJT5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතෙක් දැන පිළිසන් ය. එක් ඇවැතෙක් නොදැන පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ ඒ ඇවත්නට දෙමස්පිරිවෙස දෙයි. -
Pali BJTතස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
Sinhala BJTඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසු පිරූ තැන් ඇති දන්නා ලද දීඝනිකායදි ආගම ඇති සුත්‍රපිටකය දරන්නාවූ විනයපිටකය දරන්නාවූ උභයමාතිකා දරන්නාවු පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති පවට පිළිකුල් කරණ සුලු වූ සුළු වරදෙහි කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී (හික්මෙනු කැමැත්තාවූ) මහණෙක් එයි. ඒ භික්‍ෂූ තෙමේ “ඇවැත්නි, මේ භික්‍ෂූ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්‍ෂූ කිනම් ඇවැතකට පිරිවෙස් පුරන්නේ දැ? යී මෙසේ කියයි
Pali BJTතෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති ජානංපටිච්ඡන්නා, එකා ආපත්ති අජානංපටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නා. තාසායං භික්ඛු පරිවසතීති.
Sinhala BJT“ඇවැත්නි, මේ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් දැන පිළිසන් ය. එක් ඇවැතක් නොදැන පිළිසන් ය. ඒ මහණ දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්වලට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරා යැ” යී ඔහු මෙසේ පිළිතුරු දෙත්.
Pali BJTසො එවං වදෙති: “යායං ආවුසො ආපත්ති ජානංපටිච්ඡන්නා, ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති අජානංපටිච්ඡන්නා අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා නරූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො”ති.
Sinhala BJTඒ භික්‍ෂූ තෙමේ “ඇවැත්නි, යම් මේ ඇවැතක් දැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් එය නගියි - යෙදෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් නොදැන පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස් දීම නොදැහැමි ය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්‍ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
Pali BJT6. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති සරමානපටිච්ඡන්නා එකා ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
Sinhala BJT6. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් ඇවැතක් සිහි කරමින් පිළිසන්ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
Pali BJTතස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කි අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
Sinhala BJTඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති, දන්නා ලද දීඝනිකායාදි ආගම ඇති, ධර්‍මය දරන්නාවූ, විනය දරන්නාවූ, අභිධර්‍මමාතෘකා නොහොත් උභයපාතිමෝක්ඛයන් දරණ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ තුලනප්‍රඥා ඇති පවට පිළිකුල් කරණ, වරදට කුකුස් කරණ, ශික්‍ෂාකාමී අන් මහණෙක් එයි. ඒ භික්‍ෂූ “ඇවැත්නි, මේ භික්‍ෂු තෙමේ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ භික්‍ෂූ තෙමේ කිනම් ඇවතකට පිරිවෙස් පුරා දැ?” යි මෙසේ අසයි.
Pali BJTතෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති සරමානප්පටිච්ඡන්නා. එකා ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො. තාසායං භික්ඛු පරිවසතීති.
Sinhala BJTඒ භික්‍ෂූහු මෙසේ කියති: “ඇවැත්නි, මේ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසස් ඇවැත් දෙකකට පැමිණියේ ය. එක් ඇවැතක් සිහි කරමින් පිළිසන් ය. එක් ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ ඒ ආපත්තීනට දෙමස්පිරිවෙස සංඝයාගෙන් ඉල්ලීය. සංඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ භික්‍ෂූ තෙමේ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ භික්‍ෂූ තෙමේ ඒ ඇවැත්නට පිරිවෙස් පුරයි” යනුයි.
Pali BJTසො එවං වදෙති: “යායං ආවුසො ආපත්ති සරමානප්පටිච්ඡන්නා ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති අස්සරමානප්පටිච්ඡන්නා අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො”ති.
Sinhala BJTඒ භික්‍ෂූ තෙමේ මෙසේ කියයි: “ඇවැත්නි, යම් ඇවැතක් සිහි කරමින් පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි යම් මේ ඇවැතක් සිහි නොකරමින් පිළිසන් ද ඒ ඇවැතට පිරිවෙස් දීම. නො දැහැමි ය. නො දැහැමිබැවින් නො යෙදෙයි. ඇවැත්නි, එක් ඇවතකට භික්‍ෂු තෙමේ මානත පිරීමට සුදුසු ය” (යනු යි).
Pali BJT7. ඉධ පන භික්ඛවෙ භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති ද්වෙමාසපටිච්ඡන්නායො එකා ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා එකා ආපත්ති වෙමතිකප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචති. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං දෙති.
Sinhala BJT7. “මහණෙනි, මෙහි මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැතිව පිළිසන් ය. අනෙක් ඇවැත විමතියක් ඇතිව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දෙයි.
Pali BJTතස්ස පරිවසන්තස්ස අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සො එවං වදෙති: කිං අයං ආවුසො භික්ඛු ආපන්නො? කිස්සායං භික්ඛු පරිවසතී?ති.
Sinhala BJTඑ මහණ පිරිවෙස් පුරණ කල්හි දන්නාලද ආගම ඇති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ධර්‍මය ධරණ විනය ධරණ මාතෘකා ධරණ, පණ්ඩිත වූ, ව්‍යක්ත, කළණ ප්‍රඥා ඇති, පවට පිළිකුල් කරණ සුලු වූ, වරදට කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් එ තැනට පැමිණෙයි. හෙතෙම ‘ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කිනම් ඇවැතකට පිරිවෙස් පුරා දැ?” යී මෙසේ කියයි.
Pali BJTතෙ එවං වදෙන්ති: අයං ආවුසො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජි ද්වෙමාසපටිච්ඡන්නායො. එකා ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා. එකා ආපත්ති වෙමති වෙමතිකප්පටිච්ඡන්නා. සො සඞ්ඝං තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො තාසං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ද්වෙමාසපරිවාසං අදාසි. තායො අයං ආවුසො භික්ඛු ආපන්නො. තාසායං භික්ඛු පරිවසතීති.
Sinhala BJTඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් ඇවැතෙක් විමතියක් නැති ව පිළිසන් ය. අනෙක් ඇවැත විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළියන් වූ ඒ අවැත්නට දෙමස්පිරිවෙස සංඝයා යැදී. සංඝ තෙම ඒ භික්‍ෂුහට දෙමසක් පිළිසන් වූ ඒ ඇවැත්නට දෙමස්පිරිවෙස දුන. ඇවැත්නි, මේ මහණ ඒ ඇවැත්නට පැමිණියේ ය. මේ මහණ ඒ ඇවැත්නට පිරිවෙස් පුරායැ” යි කියත්.
Pali BJTසො එවං වදෙති: යායං ආවුසො ආපත්ති නිබ්බෙමතිකප්පටිච්ඡන්නා, ධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. ධම්මත්තා රූහති. යා ච ඛ්වායං ආවුසො ආපත්ති වෙමතිකප්පටිච්ඡන්නා, අධම්මිකං තස්සා ආපත්තියා පරිවාසදානං. අධම්මත්තා න රූහති. එකිස්සා ආවුසො ආපත්තියා භික්ඛු මානත්තාරහො’ති.
Sinhala BJTඒ භික්‍ෂූ තෙම “ඇවැත්නි, යම් මේ ඇවැතක් විමති නැති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් නැගෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් වනාහි විමති ඇති ව පිළිසන් ද, ඒ ඇවැතට පිරිවෙස දීම නො දැහැමිය. නො දැහැමි බැවින් නො නැගෙයි. ඇවැත්නි, එක් ඇවැතකට භික්‍ෂූ තෙමේ මානත ලැබීමට සුදුසු යැ” යි කියයි.
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤත්තරො භික්ඛු ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපන්නො හොති ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස එතදහොසි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. “යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.”
Sinhala BJT8. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙම්. මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකි” යි මේ සිත වෙයි.
Pali BJTසො සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචි. තස්ස සඞ්ඝො ද්වින්නං “ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: “අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති”. සො භික්ඛූනං ආරොචෙසි:
Sinhala BJTඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස ඒ භික්‍ෂුහට දුන. පිරිවෙස් පුරණ ඒ මහණහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යදින්නෙම් නම යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. සංඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ අනිත් මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ භික්‍ෂූ තෙමේ භික්‍ෂූනට මේ කරුණ දැන්විය:
Pali BJT“අහං ඛො ආවුසො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායොති. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති.” කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJT“ඇවැත්නි, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මසක් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට අනෙක් මසක පිරිවෙස ද සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ” යි ලජ්ජීධර්‍මය පහළ විය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි.
Pali BJT9. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො තස්ස භික්ඛුනො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. තස්ස මෙ එතදහොසි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: ‘අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො’තා. තස්ස මෙ එතදහොසි: අහං ඛො ද්වෙ සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිං ද්වෙමාසපටිච්ඡන්නායො. යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචෙය්යන්ති.’ සො’හං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං එකමාසපරිවාසං අදාසි. තස්ස මෙ පරිවසන්තස්ස ලජ්ජීධම්මො ඔක්කමි: යන්නූනාහං සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචෙය්යන්ති. සො’හං භන්තෙ සඞ්ඝං ද්වින්නං ආපත්තීනං ද්වෙමාසපටිච්ඡන්නානං ඉතරම්පි මාසපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
Sinhala BJT9. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය “මහණෙනි, එසේ නම් සංඝතෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට ඒ මහණහට ඉතිරි මාසපරිවාසය ද දානය කෙරේවා. මහණෙනි, (ඉතිරි මාසපරිවෙස ද) මෙසේ දිය යුතු: මහණෙනි, ඒ භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ “වහන්ස, මම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස්පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි” යි. ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මට ‘මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙමි නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් දෙමසක් පිළිසන් ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’යි ලජ්ජීධර්‍මය පහළ විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක ට ඉතිරි මාසපරිවාසය ද සංඝයා යදිමි.” දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.