Cullavagga

Lesser Division

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-25 · 3844 segments

පෙන්වන කොටස් 2401-2500 න් 3844

41. තෙන ඛො පන සමයෙන මනුස්සා සඞ්ඝං උද්දිස්ස මණ්ඩපෙ පටියාදෙන්ති, සන්ථරෙ{1} පටියාදෙන්ති, ඔකාසෙ පටියාදෙන්ති. ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව ‘භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං, නො උද්දිස්සකතන්ති’ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙපි පරිගණ්හන්ති’ සන්ථරෙපි පරිගණ්හන්ති, ඔකාසෙපි පරිගණ්හන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී’ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා මණ්ඩපෙසු පරිග්ගහිතෙසු, සන්ථරෙසු පරිග්ගහිතෙසු ඔකාසෙසු පරිග්ගහිතෙසු ඔකාසං අලභමානො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උක්කාසි. ආයස්මාපි සාරිපුත්තො උක්කාසි. “කො එත්ථාති.” “අහං භගවා සාරිපුත්තො”ති. “කිස්ස ත්වං සාරිපුත්ත ඉධ නිසින්නො”ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං නො උද්දිස්සකතන්ති බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙ පරිගණ්හන්ති, සන්ථරෙ පරිගණ්හන්ති, ඔකාසෙ පරිගණ්හන්ති: ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ උද්දිස්සකතම්පි යථාවුඩ්ඪං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
42. තෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ උච්චාසයනමහාසයනානි පඤ්ඤපෙන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොණකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං{1} අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා තීණි ආසන්දිං පල්ලඞ්කං තූලිකං ගිහිවිකතං අභිනිසීදිතුං, නත්වෙව අභිනිපජ්ජිතුන්ති”.
තෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ තූලොනද්ධං මඤ්චම්පි පීඨම්පි පඤ්ඤපෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ ගිහිවිකතං අභිනිසීදිතුං නත්වෙව අභිනිපජ්ජිතුන්ති.”
43. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති.’
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “කථාහං භන්තෙ ජෙතවනෙ පටිපජ්ජාමී”ති.
“තෙන හි ත්වං ගහපති ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති.
“එවං භන්තෙ”ති ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො පටිස්සුත්වා ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙසි.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදි:
44. සීතං උණ්හං පටිහන්ති තතො වාළමිගානි ච සිරිංසපෙ{1} ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො.
තතො වාතාතපො ඝොරො සඤ්ජාතො පටිහඤ්ඤති. ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුඤ්ච විපස්සිතුං
විහාරදානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො
විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ. තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච
දදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා. තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවොති.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස ආජීවකසාවකස්ස මහාමත්තස්ස සඞ්ඝභත්තං හොති. ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං{1} ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි. භත්තග්ගං කොලාහලමහොසි. අථ ඛො සො මහාමත්තො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනෙ භික්ඛුං වුට්ඨාපෙස්සන්ති, භත්තග්ගං කොලාහලමහොසි. නනු නාම ලබ්භා අඤ්ඤත්රාපි නිසින්නෙන යාවදත්ථං භුඤ්ජිතුන්ති” අස්සොසුං ඛො භික්ඛූ තස්ස මහාමත්තස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සති. භත්තග්ගං කොලාහලං අහොසී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
“සච්චං කිර ත්වං, උපනන්දි පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි භත්තග්ගං කොලාහලං අහොසී”ති.
“සච්චං භගවා.”
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සසි. භත්තග්ගං කොලාහලං අහොසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
“න, භික්ඛවෙ විප්පකතභොජනො භික්ඛු වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්ස. සචෙ වුට්ඨාපෙති පවාරිතො ච හොති. ‘ගච්ඡ උදකං ආහරා’ති වත්තබ්බො එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සාධුකං සිත්ථානි ගිලිත්වා වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං දාතබ්බං. නත්වෙවාහං භික්ඛවෙ කෙනචි පරියායෙන වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං පටිබාහෙතබ්බන්ති වදාමි. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
46. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිලානෙ භික්ඛූ වුට්ඨාපෙන්ති. ගිලානා එවං වදෙන්ති ‘න මයං ආවුසො සක්කොම වුට්ඨාතුං ගිලානාම්හා’ති. ‘මයං ආයස්මන්තෙ වුට්ඨාපෙස්සාමා’ති පරිග්ගහෙත්වා වුට්ඨාපෙත්වා ඨිතකෙ මුඤ්චන්ති. ගිලානා මුච්ඡිතා පපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“න භික්ඛවෙ ගිලානො වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ‘ගිලානා මයම්හා අවුට්ඨාපනීයා’ති වරසෙය්යායො පළිබුද්ධෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස පතිරූපං සෙය්යං දාතුන්ති.”
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“න භික්ඛවෙ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
47. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං මහාවිහාරං පටිසඞ්ඛරොන්ති ‘ඉධ මයං වස්සං වසිස්සාමා’ති. අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ. දිස්වාන එවමාහංසු ‘ඉමෙ ආවුසො සත්තරසවග්ගියා භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්ති, හන්ද නෙ වුට්ඨාපෙස්සාමා’ති. එකච්චෙ එවමාහංසු: “ආගමෙථ ආවුසො යාව පටිසඞ්ඛරොන්ති. පටිසඞ්ඛතෙ වුට්ඨාපෙස්සාමා’ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ එතදවොචුං: “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී’ති.
“නනු ආවුසො පටිගච්චෙව ආචික්ඛිතබ්බං. මයඤ්ච අඤ්ඤං පටිසඞ්ඛරෙය්යාමා”ති.
“නනු ආවුසො සඞ්ඝිකො විහාරො?”ති.
“ආම ආවුසො, සඞ්ඝිකො විහාරොති”.
“උට්ඨෙථාවුසො, අම්හාකං විහාරො පාපුණාතී”ති.
“මහල්ලකො ආවුසො විහාරො. තුම්හෙ’පි වසථ මයම්පි වසිස්සාමා”ති. “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී”ති. කුපිතා අනත්තමනා ගීවායං ගහෙත්වා නික්කඩ්ඪන්ති. තෙ නික්කඩ්ඪියමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති.
“ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හෙ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪන්තී”ති.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිස්සන්තී”ති.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා සඞ්ඝිකා විහාරා භික්ඛූ නික්කඩ්ඪන්තීති. “සච්චං භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
“න භික්ඛවෙ කුපිතෙන අනත්තමනෙන භික්ඛු සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිතබ්බො. යො නික්කඩ්ඪෙය්ය, යථාධම්මො කාරෙතබ්බො. අනුජානාමි භික්ඛවෙ සෙනාසනං ගාහෙතුන්ති.”
48. අථ ඛො භික්ඛූනං එතදහොසි: ‘කෙන නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති?” භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
පඨමං භික්ඛු යාචිතබ්බො, යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනග්ගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සෙනාසනගාහාපකස්ස සම්මති සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සෙනාසනගාහාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
අථ ඛො සෙනාසනගාහාපකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ පඨමං භික්ඛූ ගණෙතුං, භික්ඛූ ගණෙත්වා සෙය්යා ගණෙතුං, සෙය්යා ගණෙත්වා සෙය්යග්ගෙන ගාහෙතුන්ති.”
සෙය්යග්ගෙන ගාහෙන්තා සෙය්යා උස්සාදයිංසු.
“අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන ගාහෙතුන්ති.”
විහාරග්ගෙන ගාහෙන්තා විහාරා උස්සාරයිංසු
“අනුජානාමි භික්ඛවෙ පරිවෙනග්ගෙන ගාහෙතුන්ති.”
පරිවෙනග්ගෙන ගාහෙන්තා පරිවෙණං උස්සාදයිංසු.
“අනුජානාමි භික්ඛවෙ අනුභාගම්පි දාතුං. ගහිතෙ අනුභාගෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති න අකාමා දාතබ්බො”ති.
49. තෙන ඛො පන සමයෙන භික්ඛූ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“න භික්ඛවෙ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙතබ්බං. යො ගාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
තෙන ඛො පන සමයෙන භික්ඛූ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“න භික්ඛවෙ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සානං තෙමාසං පටිබාහිතුං උතුකාලං පන න පටිබාහිතුන්ති.”
අථ ඛො භික්ඛූනං එතදහොසි “කති නු ඛො සෙනාසනගාහා?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“තයො මෙ භික්ඛවෙ සෙනාසනගාහා: පුරිමකො පච්ඡිමකො අන්තරාමුත්තකො. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමකො ගාහෙතබ්බො, මාසගතාය ආසාළ්හියා පච්ඡිමකො ගාහෙතබ්බො, අපරජ්ජුගතාය පවාරණාය ආයතිං වස්සාවාසත්ථාය අන්තරාමුත්තකො ගාහෙතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො සෙනාසනගාහා”ති.
දුතියභාණවාරො නිට්ඨිතං.
50. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං සෙනාසනං ගහෙත්වා අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථපි සෙනාසනං අග්ගහෙසි. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො භණ්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො. සචායං ඉධ වස්සං වසිස්සති සබ්බෙව මයං න ඵාසු භවිස්සාම. හන්ද නං පුච්ඡාමා”ති.
අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොචුං: “නනු තයා ආවුසො උපනන්ද සාවත්ථියං සෙනාසනං ගහිතන්ති.”
“එවමාවුසො”ති.
“කිං පන ත්වං ආවුසො උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති,
“ඉධ’දානාහං ආවුසො මුඤ්චාමි. තත්ථ ගණ්හාමී”ති.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වෙ පටිබාහිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා -පෙ- එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං පටිපුච්ඡි “සච්චං කිර ත්වං උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති.
“සච්චං භගවා”.
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස එකො ද්වෙ පටිබාහිස්සසි, තත්ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුක්කං. ඉධ තයා ගහිතං තත්ර මුක්කං. එවං ඛො ත්වං මොඝපුරිස උභයත්ථ පරිබාහිරො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ එකෙන ද්වෙ පටිබාහෙතබ්බා, යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
51. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන විනයකථං කථෙති. විනයස්ස වණ්ණං භාසති. විනයපරියත්තියා වණ්ණං භාසති. ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. භික්ඛූනං එතදහොසි: “භගවා ඛො අනෙකපරියායෙන විනයකථං කථෙති, විනයස්ස වණ්ණං භාසති, විනයපරියත්තියා වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. හන්ද මයං ආවුසො ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණාමා”ති. තෙ ච බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති. ආයස්මා උපාලි ඨිතකො’ව උද්දිසති ථෙරානං භික්ඛූනං ගාරවෙන. ථෙරාපි භික්ඛූ ඨිතකා’ව උද්දිසාපෙන්ති ධම්මගාරවෙන. තත්ථ ථෙරා චෙව භික්ඛූ කිලමන්ති ආයස්මා ච උපාලි.
භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ නවකෙන භික්ඛුනා උද්දිසන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං උච්චතරකෙ වා ධම්මගාරවෙන. ථෙරෙන භික්ඛුනා උද්දිසාපෙන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං නීචතරකෙ වා ධම්මගාරවෙනා”ති.
තෙන ඛො පන සමයෙන බහූ භික්ඛූ ආයස්මතො උපාලිස්ස සන්තිකෙ ඨිතකා’ව උද්දෙසං පටිමානෙන්තා{1} කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ සමානාසනිකෙහි සහ නිසීදිතුන්ති.”
අථ ඛො භික්ඛූනං එතදහොසි: “කිත්තාවතා නු ඛො සමානාසනිකො හොතී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ තිවස්සන්තරෙන සහ නිසීදිතුන්ති”.
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සමානාසනිකා එකමඤ්චෙ{2} නිසීදිත්වා මඤ්චං භින්දිංසු. එකපීඨෙ{3} නිසීදිත්වා පීඨං භින්දිංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ තිවග්ගස්ස මඤ්චං, තිවග්ගස්ස පීඨන්ති.” තිවග්ගො පි මඤ්චෙ නිසීදිත්වා මඤ්චං භින්දි, පීඨෙ නිසීදිත්වා පීඨං භින්දි
“අනුජානාමි භික්ඛවෙ දුවග්ගස්ස මඤ්චං දුවග්ගස්ස පීඨන්ති.”
තෙන ඛො පන සමයෙන භික්ඛූ අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උභතොබ්යඤ්ජනකං අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුන්ති.”
අථ ඛො භික්ඛූනං එතදහොසි ‘කිත්තකපච්ඡිමං නු ඛො දීඝාසනං හොතී’ති -පෙ-
“අනුජානාමි භික්ඛවෙ යං තිණ්ණන්නං පහොති{1} එත්තකපච්ඡිමං දීඝාසනන්ති.”
52. තෙන ඛො පන සමයෙන විසාඛා මිගාරමාතා සඞ්ඝස්ස අත්ථාය සාලින්දං පාසාදං කාරාපෙතුකාමා හොති හත්ථිනඛකං. අථ ඛො භික්ඛූනං එතදහොසි “කින්නු ඛො භගවතා පාසාදපරිභොගො අනුඤ්ඤාතො කිං අනනුඤ්ඤාතො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ සබ්බං පාසාදපරිභොගන්ති.”
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අය්යකා කාලකතා හොති. තස්සා කාලකිරියාය සඞ්ඝස්ස බහුං අකප්පියභණ්ඩං උප්පන්නං හොති, සෙය්යථිදං: ආසන්දි පල්ලඞ්කො ගොණකො චිත්තකො පටිකා පටලිකා තූලිකං විකතිකං උද්දලොමිකං, එකන්තලොමිකං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං කම්බලං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං, අජිනප්පවෙණි කදලිමිගප්පවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවෙ ආසන්දියා පාදෙ ඡින්දිත්වා පරිභුඤ්ජිතුං, පල්ලඞ්කස්ස වාලෙ භින්දිත්වා පරිභුඤ්ජිතුං, තූලිකං විජටෙත්වා බිබ්බොහනං කාතුං, අවසෙසං භුම්මත්ථරණං කාතුන්ති.”
53. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකාවාසෙ ආවාසිකා භික්ඛූ උපද්දුතා හොන්ති ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “එතරහි ඛො මයං ආවුසො උපද්දුතා ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස දෙම තස්ස සන්තකං පරිභුඤ්ජිස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස අදංසු. ආගන්තුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: ‘අම්හාකං ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථා’ති.
“නත්ථාවුසො සඞ්ඝිකං සෙනාසනං සබ්බං අම්හෙහි එකස්ස දින්නන්ති.” “කිං පන තුම්හෙ ආවුසො සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙථා”ති.
“එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: – “කථං හි නාම භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
“සච්චං කිර භික්ඛවෙ භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙන්තී”ති?
“සච්චං භගවා.”
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
පඤ්චිමානි භික්ඛවෙ අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස. කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්ථු. ඉදං පඨමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
විහාරො විහාරවත්ථු, ඉදං දුතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගල්ලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
මඤ්චො පීඨං භිසි බිබ්බොහනං ඉදං තතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං: සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජි. තම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
ලොහකුම්භී ලොහභාණකං ලොහවාරකො ලොහකටාහං වාසි ඵරසු කුඨාරී කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
වල්ලි වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා, දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
ඉමානි ඛො, භික්ඛවෙ පඤ්ච අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
54. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන කීටාගිරි තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. අස්සොසුං ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ “භගවා කිර කීටාගිරිං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච”. “හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙම. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා. න මයං තෙසං සෙනාසනං පඤ්ඤාපෙස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙසුං.