යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියා.
35. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා වශයෙන්) වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩාත්, අෂ්ටමක (ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ) පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩයි.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි. අෂ්ටමක තෙම අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩා.
36. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩත්, මාර්‍ග සමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩත්. (අනුලෝම යි.)
37. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ සතර දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි ද යත්: අග්‍රමාර්‍ග (රහත් මඟ) සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නොවඩන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අකද්ඤතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: එසේ යි
38. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියයි. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො ද හැරැපියත්.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: එසේ යි.
39. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නොවඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යැ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි.
40. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි).
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
41. යමෙක් චක්ඛුන්‍ද්‍රිය (ත්‍රිවිධ පරිඥා විසින්) පිරිසිඳැදත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත් නැත.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැති.
42. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: නැත.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ. අනාගාමී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපී. අනාගාමී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නෙ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපූහ.
43. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා විසින්) වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ, පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී, අනඤ්ඤාතාවීන්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ, පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.
44. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැති. (අනුලෝම යි.)
45. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ. දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හො හැරැපියන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු වෙත් ද ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෝ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
46. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපූ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපූ යැ, පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හළහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
47. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
48. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)
අතීතානාගතවාර යි.
ඉන්‍ද්‍රිය යමක නිමි.
යමකප්‍රකරණ සමාප්ත යි.