කාය නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ...
ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
ශුද්ධායතනමූලචක්‍රවාර යි.
ප්‍රඥප්ති නිර්දේශවාර නිමි.
3. ප්‍රවෘත්ති උත්පාදවාර
1. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතන උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
තවද යමකුට සෝතායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදීද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට සෝතායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
2. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. ඇස් ඇතිව නැහැ ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
තවද යමකුට ඝානායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට ඝානායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා ඔවුනට ඝානායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
3. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: රූ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
4. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: සිත් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
5. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ඇස් නැති ව උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලකය යි.)
6. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: රූ ඇති වැ නැහැ නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
7. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: සිත් ඇතිවැ නැහැ නැතිවැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
8. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදි ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: නැහැ නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදි. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
9. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. රූ ඇති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. සිත් ඇතිවැ රූ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
10. යමකුට රූපායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
11. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි.) අනුලෝම පුද්ගල යි.
12. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි සෝතායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සෝතායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
13. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්:රූපාවචර වූ එහි චක්ඛායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
තවද යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
14. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
15. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
16. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ ද අරූප වූ ද එහි ධම්මායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි.)
17. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ එහි රූපායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
(යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි මනායතනය ද ධම්මායතනය ද එක් බඳු ය. වෙනසෙක් නැති. මත්තෙහි වනාහි වාරසංක්‍ෂේපය වේ ය යි දතයුතු.)
18. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ ද අරූපාවචර වූ ද එහි ධම්මායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
19. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
තවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී, පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
21. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි ධම්මායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ ද අසංඥසත්‍ව වූ ද එහි ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
22. යම් තැනෙක මනායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි ධම්මායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද එහි ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි. අනුලෝමාවකාශ යි.)
23. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදී නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට එහි සෝතායතනය උපදී. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇතිව උපදනා ඔවුනට එහි සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (සංක්‍ෂිප්ත යි. යස්සකය ද සමාන යි.)
24. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදී නම් ඔහුට එහි මනායතන උපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදී, මනායතනය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
25. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති වැ කන් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ කන් නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
තවද යමකුට සෝතායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
26. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ නැහැ ඇතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ඝානායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැතිවැ නැහැ නැතිවැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. ඝානායතනය ද නූපදී.
තවද යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැහැ නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
27. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: ඇස් නැති වැ රූ ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
තවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
28. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: ඇස් නැති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුත වන්නාවූ සියල්ලනට ද සිත් නැතිවැ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
තවද යමකුට මනායතනය නූපදී තම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
29. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
තවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි. (චක්ඛායතනමූලකය යි.)
30. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: නැහැ නැතිව රූ ඇතිව උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද රූ නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
තවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
31. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: නැහැ නැතිවැ සිත් ඇතිවැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද සිත් නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
තවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
32. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
තවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලකය යි.)
33. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
තවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට රූපකායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
34. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
තවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: එසේ යි. (රූපායතනමූලකය යි.)
35. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
තවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි – මනායතනමූලක යි.)
36. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි සෝතායතනය නූපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සෝතායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
37. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි චක්ඛායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානායතනය ද නූපදී. එහි ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
38. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය නූපදී. එහි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
තවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
39. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: අරූප වූ එහි චක්ඛායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
තවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
40. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
තවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: නැති. (චක්ඛායතනමූලක යි.)
41. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එභි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
තවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
42. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
තවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
43. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
තවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: නැති. (ඝානායතනමූලක යි.)
44. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: උපදී.
තවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: උපදී.
45. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
තවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: නැති. (රූපායතනමූලක යි.)
46. යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
තවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: නැති (ප්‍රත්‍යනීකාවකාශ යි – මනායතනමූලක යි.)
47. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව කන් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදී නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති ව ඇස් ඇති ව උපදනා ඔවුනට එහි සෝතායතනය නූපදී. ඔවුනට එහි චක්ඛායතනය නොද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති ව ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී ...
48. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මා යතනය ද නූපදී.