යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
16. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ ද හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො සාක්‍ෂාත් කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො සාක්‍ෂාත් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)
අතීතවාර යි.
17. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දන්නෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ.
18. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤතාවීන්‍ද්‍රිය පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
19. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
20. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නෙ යැ, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ. (අනුලෝම යි.)
21. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නාහ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දන්නාහ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නෙ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
22. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යි.
23. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි.
24. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
අනාගතවාර යි.
25. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිති. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
26. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කෙරෙති. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙරේ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැත.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැති.
27. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත,
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
28. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
29. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළේ යැ, පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
30. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි. අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩී.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරේ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙළෙ යැ, පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, , දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරෙයි. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය, ද පසක් නො කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.
31. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. (අෂ්ටමක හැර) පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, (රහත් හැරැ) අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ව වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුඟුල් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
32. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අකද්ඤතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ, පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
33. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ,
යළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
34. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන්) හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: නැත.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියයි.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.