Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 7701-7800 න් 7971

යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපනි.
320. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන යත්: උපන.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන යත්: උපනි.
321. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපනි.
322. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපනි නම ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපනි.
323. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපනි.
324. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යෑ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද නූපනි.
අතීතානාගතවාර යි.
ප්‍රවෘත්තිවාර නිමි.
4. පරිඥාවාර
1. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙතෙම සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යළි යමෙක් සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ සෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
2. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: (සකෘදාගාමීමාර්‍ගසමඞ්ගී යැ අර්‍හන්මාර්‍ග සමඞ්ගී යැ යන) පුද්ගලයෝ දෙදෙන අඤ්ඤින්‍ද්‍රිය වඩති, දෝමනස්සින්‍ද්‍රිය නො ද දුරු කෙරෙති. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩයි, දෝමනස්සින්‍ද්‍රිය ද දුරු කෙරෙයි.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත,
යළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් නම් හො දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැති.
3. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
4. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
5. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳ නො දනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී (පුද්ගල) චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරපියයි. (අනාගාමී, අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා (හැරැ) අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳ දනී. (අනාගාමී අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරපියති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්තිමාර්‍ගසමඞ්ගී) පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩයි. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැ දනී. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ නො දනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කෙරෙයි යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙරේ. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කෙරෙත්.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරෙයි, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
6. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමකයා දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි, (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩා.
යළි යම් කෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම්, හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියති. (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. මාර්‍ගසමඞ්ගීන් තුන් දෙනකුන් තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අනාගාමීමාර්‍ගසමඞ්ගීහු ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියා. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්
7. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
8. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්, මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
9. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: එසේ යැ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් සෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදත්තේ යැ. රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී යැ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දත්හ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යි.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තේ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෝ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵල පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යි.
10. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කළහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කළහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළේ යැ යත්: එසේ යැ.
11. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ සත්දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.
12. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵලය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි. (අනුලෝම යි.)
13. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳ දත්තේ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: යමෙක් අග්‍රඵලය පසක් කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දත්තේ යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක්කළහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැ නො දත්හ.
14. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී යැ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
15. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.