Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 7601-7700 න් 7971

යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමහචිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිම භවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපනි.
292. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමහචිකයනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැයි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ ය, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිම භවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපනි.
293. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන සෙසු චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර, පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර, පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්ඤවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපනි.
294. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් (තත් සමඞ්ගීනට දැ යි) ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපනි.
295. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපනි.
296. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්ඤවෝකාර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද උපනි.
297. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද උපනි. (අනුලෝම පුද්ගලාවකාශ යි).
298. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: උපන.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්චුන්‍ද්‍රිය නූපන යත්: උපන.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: උපන.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: උපන.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: උපනි.
299-306 යමක්හට ඝානින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය නූපනි නම් ඔහට මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපන යත්: උපනි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
307-315. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
316. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්බූන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැයි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අරූපෙ පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපනි.
317. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන, රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන, රූපාවචරයෙහි අරූපාවචරයෙහි පස්විමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපනා උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපනි.
318. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද, නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපනි.
319. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැයි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැයි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන, රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපන.