යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු වනට චක්ඛුන්‍ද්‍රිය ද උපන. මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යි.
272. යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු වනට ඝානින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඝානින්‍ද්‍රිය ද උපන. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වු ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඝානින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමහචික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
273. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධිභවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්. එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
274. යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට පුරිසින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
275. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
276. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්‍යම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
277. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
278. යමක්හට සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සද්ධින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
279. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පඤ්ඤින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
280-288. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (අනුලෝමාවකාශ යි.)
289. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමහචිකයනට ද යම් ද කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැයි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්ච වෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය උපනි.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
290. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිම භවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
291. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.