යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනා ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදී, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
249. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞමනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදෙන නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදී. ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
250. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
251. යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ, උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
252. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ. පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල’යි).
253-261. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (ප්‍රත්‍යනීකාවකාශ යි).
262. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: පඤ්ඤවෝකාරයෙන් චුත වනුවනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශවීමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය දෙනා ද උපදී. පඤ්ඤවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදයෙන යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පිරිම්නි කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදියි. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙහි චුත වනුවනට ද අචක්ඛුක වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙන් චුත වනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට ද අරූපයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදියි, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වනු වනට ද අචක්බුක වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අසංඥයත්‍වයනට ද අරූපයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්ඤවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැයි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙක සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද අචක්ඛුක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
263. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැයි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ප්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැයි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඝ්‍රාණ ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ප්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික සඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
264. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැයි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට - යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි. උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදියි, කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
265. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද පිරිම්නි නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැයි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙහි චුත වනුවනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද නො පුරිස් වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි ඉපැදැ පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් ද පුරුෂ කෙනෙක් සොම්නසින් පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නොද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් පුරුෂ කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද නො පුරිස් වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: කාමාවචරයෙන් චුත වනුවනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට-ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
266. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්ස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥාසත්‍වයෙන් චුත වනුවනට දැයි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැයි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වනුවනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් චුත වනුවනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
267. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞර්‍මනස්‍ය විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සෝමනස්ස සම්පයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුක්ත පච්ජිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. සෝමනස්ස සම්පයුක්ත පච්ජිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්පයුක්ත පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු ව, සෝමනස්ස සම්පයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞර්‍මනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. සෞර්‍මනස්‍ය සම්පයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්පයුක්ත පශ්චිම චිත්ත සමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සෝමනස්ස සම්පයුත්ත පච්ජිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. සෝමනස්සසම්පයුත්ත පච්ජිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා සම්පයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
268. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞර්‍මනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්ත සමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞමනස්‍ය සම්ප්‍රයුක්ත පශ්චිමචිත්ත සමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්ත සමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිම චිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
269. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ,
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
270. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිපුයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍ව යනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
271. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන. ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.