Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 7301-7400 න් 7971

යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන්, ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
237. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් උපේක්‍ෂාවෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
238. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු පුරුෂ වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නොපිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් ද පුරුෂ කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද පිරිම්නි නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදි. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
239. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදි යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
240. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: සෝමනස්ස සම්පයුත්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදයි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: සෝමනස්ස සම්ප්‍රයුත්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
241. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
242. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සහේතුක වැ උපදනාවුනට ද, ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද උපදී.
243. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
244. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය ද නූපදනෙ ය, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නොද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි. ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිමභවික ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනා වුනට දැයි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්ඤවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනුවනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැයි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
245. යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැයි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද පුරුෂකෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නොද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි. ඔවුනට පුරිසින්‍ද්‍රිය නොද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් කාමාවචරයෙහි රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නොද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නොද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නොද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ච්‍යුත වන ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඝ්‍රාණ ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැයි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදී.
246. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැයි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී,
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැයි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
247. යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් චුත වන ඔවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිමභවික පුරුෂ වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනුවනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
248. යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.