යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපන යත්: උපන.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය නූපන යත්: උපන.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන යත්: උපන.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැති ... (ප්‍රත්‍යනීකපුද්ගල, අවකාශ, පුද්ගලාවකාශ යි).
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
217. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදි නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදි. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනා වුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද, යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්:...
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ වූ ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සචක්බුක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද අචක්බුක වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සචක්බුක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සචක්ඛුක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැමදෙනාට ද අචක්ඛුක වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සචක්බුක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද උපදි.
218. යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට ස්ත්‍රීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය ද උපදියි, ස්ත්‍රීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ස්ත්‍රීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝ්‍රානින්‍ද්‍රිය උපදී යැ යත් :ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට ස්ත්‍රීන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට ස්ත්‍රීන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝාණෙන්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ ය, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද අඝානක වැ උපදනා වුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
219. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට දැ යි උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ස්ත්‍රීන්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද උපදනා ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ස්ත්‍රී වැ උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි. ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
220. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද පිරිම්නි නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැමදෙනාට ද පිරිම්නි නො වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී පිරිම්නි වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද නො පුරිස් වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී, පිරිම්නි වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදී.
221. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පග්විමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. උපදනා හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි. උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. උපදනා හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. උපදනා හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
222. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: සෝමනස්ස සම්පයුත්ත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුත්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: සෝමනස්ස සම්ප්‍රයුත්ත පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
223. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදි යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
224. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැයි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුකව වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද උපදී.
225. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
226-234. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (අනුලෝමාවකාශ යි.)
235. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂ වූ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙහි ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සචක්ඛුක වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අචක්ඛුක වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදි. සචක්බුක වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයෙහි උපදනාවුනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ච්‍යුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ ඇස් ඇති වැ පඤ්චවෝකාර භවයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැයි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදි.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සචක්ඛුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අචක්ඛුක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සචක්ඛුක වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සචක්ඛුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අචක්බුක වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සචක්ඛුක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
236. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනාවුනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු සඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අඝානක වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදී.