යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය: නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
166. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදියි, පිරිම්නි වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදයි. පිරිම්නි වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
167. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදියි. උපදනා හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදියි. උපදනා හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
168. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදියි. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදියි. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
169. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාහට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදියි. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදියි. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
170. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදියි. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදියි. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
171. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදියි. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝම පුද්ගල යි).
172-180. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (අනුලෝම අවකාශ යි).
181. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ උපදනා අවශේෂ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදී. සෝතින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදී. පුරිසින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනාවූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදි. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
182. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
183. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නොවැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නොද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී, ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
184. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
185. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: උප්පත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනාවුනට ද අසංඥ සත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජිවිතින්‍දිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනාවුනට ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
186. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
187. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි. පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
188. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
189. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ගුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි).
190-216. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපන යත්: උපන.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන යත්: උපන.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන යත්: උපන.