Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 7001-7100 න් 7971

යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
149. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යි.
150. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය … සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
151. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
152. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
153. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක අවකාශ යි.)
154. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නූපදෙන යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහුට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥ සත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අසංඥසත්‍ව අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහුට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
155. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමහචිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
156. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම භවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
157. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදෙන නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්වොකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
158. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්; යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යි.
159. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමවීමචිත්තය උපදනෙ ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
160. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
161. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
162. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශයි)
අනාගතවාර යි.
163. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන. චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැයි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි, ඇස් ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්බූන්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි ඇස් ඇති වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
164. යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැම දෙනාට ද ස්‍රණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
165. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි.