Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6901-7000 න් 7971

යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යි.
133. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යි.
134. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
135. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
136. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
137. යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
138. යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම භාවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
139. යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම භවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
140. යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට (රහත්නට) සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට උපේඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
141. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
142. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
143. යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
144. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
145. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදෙන යැ. එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
146. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
147-148. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නොද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.