තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දැනී ද යත්: නො දනී.
10. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නෝ ය. අර්‍හත් තෙමේ ද, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
11. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.
12. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නාහ. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ.
අතීතානාගතවාර යි.
පරිඥාවාර නිමි.
ස්කන්‍ධයමක නිමි.
3. ආයතනයමකය
1. ප්‍රඥප්ති උද්දේශවාර
ද්වාදශායතනයෝ වෙති: චක්ඛායතන යැ සෝතායතන යැ ඝානායතන යැ ජිව්හායතන යැ කායායතන යැ රූපායතන යැ සද්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ඵොට්ඨබ්බායතන යැ මනායතන යැ ධම්මායතන යි.
1. චක්‍ෂුස චක්ඛායතන වේ ද, චක්ඛායතනය චක්‍ෂුස වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, සෝතායතනය ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ඝානායතන වේ ද, ඝානායතනය ඝ්‍රාණ වේ ද, ජිහ්වාව ජිව්හායතන වේ ද, ජිව්හායතනය ජිහ්වා වේ ද, කාය කායායතන වේ ද, කායායතනය කාය වේ ද යත්:
රූපය රූපායතන වේ ද, රූපායතනය රූප වේ ද, ශබ්දය සද්දායතන වේ ද, සද්දායතනය ශබ්ද වේ ද, ගන්‍ධය ගන්‍ධායතන වේ ද, ගන්‍ධායතනය ගන්‍ධ වේ ද, රසය රසායතන වේ ද, රසායතනය රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ඵොට්ඨබ්බායතන වේ ද, ඵොට්ඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස මනායතන වේ ද, මනායතනය මනස වේ ද, ධර්‍මය ධම්මායතන වේ ද, ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝමයි)
2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, සෝතායතනය නොවූයේ ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නො වූයේ ඝානායතන නො වේ ද, ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද, ජිහ්වා නොවූයේ ජිව්හායතන නො වේ ද, ජිව්හායතන නො වූයේ ජිහ්වා නො වේ ද, කාය නොවූයේ කායායතන නො වේ ද, කායායතන නොවූයේ කාය නො වේ ද යත්:
රූප නොවූයේ රූපායතන නො වේ ද, රූපායතන නොවූයේ රූප නො වේ ද, ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද, සද්දායතන නොවූයේ ශබ්ද නො වේ ද, ගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද, ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද, රස නොවූයේ රසායතන නො වේ ද, රසායතන නොවූයේ රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද, ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ මනායතන නො වේ ද, මනායතන නොවූයේ මනස නො වේ ද, ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ධම්මායතන නොවූයේ ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද, චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ජිව්හායතන වේ ද, ... චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, ... ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
ඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ... ඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද ...
ධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද ... ධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ මනායතන වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු යි. අනුලෝම යි.)
4. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද, චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද ... චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද ...
ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද, ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද ... ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
5. චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද, ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ඝ්‍රාණ වේ ද, ජීහ්වාව ආයතන වේ ද, ආයතනයෝ ජිහ්වා වේ ද, කාය ආයතන වේ ද, ආයතනයෝ කාය වේ ද යත්:
රූපය ආයතන වේ ද, ආයතනයෝ රූප වේ ද, ශබ්දය ආයතන වේ ද, ආයතනයෝ ශබ්ද වේ ද, ගන්‍ධය ආයතන වේ ද, ආයතනයෝ ගන්‍ධ වේ ද, රසය ආයතන වේ ද, ආයතනයෝ රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ආයතන වේ ද, ආයතනයෝ ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද, ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)
6. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නො වූවාහු චක්‍ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝාණ නො වේ ද, ජිහ්වා නො වූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ජිහ්වා නො වේ ද, කාය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු කාය නො වේ ද යත්:
රූප නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රූප නො වේ ද, ශබ්ද නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශබ්ද නො වේ ද, ගන්‍ධ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ගන්‍ධ නො වේ ද, රස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද, ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධායතනවාර යි.
7. චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ... චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද ... ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද ... ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද, ... ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද ... ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. අනුලෝම යි.)
8. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝ්‍රාණ නො වේ ද ... චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්:
ශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද ... ශ්‍රෝත නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්:
ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නොවේ ද ....
ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද, ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද ... ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
ශුද්ධායතනමුලචක්‍රචාර යි.
ප්‍රඥප්ති උද්දේශවාර නිමි.
2. ප්‍රඥප්ති නිර්දේශවාර
1. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. චක්ඛායතනය චක්‍ෂුස වේ ද යත්: එසේ යි.
ශ්‍රෝත්‍රය සෝතායතනය වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝත යි. සෝතායතන නො වේ. සෝතායතනය සෝත ද වූයේ ම සෝතායතන ද වේ. සෝතාතනය සෝත වේ ද යත්: එසේ යි.
ඝ්‍රාණය ඝානායතන වේ ද යත්: එසේ යි. ඝානායතනය ඝ්‍රාණ වේ ද යත්: එසේ යි.
ජිහ්වාව ජිහ්වායතන වේ ද යත්: එසේ යි. ජිහ්වායතනය ජිහ්වා වේ ද යත්: එසේ යි.
කාය කායායතන වේ ද යත්: කායායතනය තබා අවශේෂ කාය කාය යි. කායායතන නො වේ. කායායතනය කාය ද වූයේ ම කායනායතන ද වේ. කායායතනය කාය වේ ද යත්: එසේ යි.
රූපය රූපායතන වේ ද යත්: රූපායතනය තබා අවශේෂ රූපය රූප යි. රූපායතන නො වේ. රූපායතනය රූප ද වූයේ ම රූපායතන ද වේ. රූපායතනය රූප වේ ද යත්: එසේ යි.
ශබ්දය සද්දායතන වේ ද යත්: එසේ යි. සද්දායතනය ශබ්ද වේ ද යත්: එසේ යි.
ගන්‍ධය ගන්‍ධායතන වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධ යි. ගන්‍ධායතන නො වේ. ගන්‍ධායතනය ගන්‍ධ ද වූයේ ම ගන්‍ධායතන ද වේ. ගන්‍ධායතනය ගන්‍ධ වේ ද යත්: එසේ යි.
රසය රසායතන වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්ති රසය රස යි. රසායතන නො වේ. රසායතනය රස ද වූයේ ම රසායතන ද වේ. රසායතනය රස වේ ද යත්: එසේ යි.
ස්ප්‍රෂ්ටව්‍යය ඵොඨබ්බායතනය වේ ද යත්: එසේයි. ඵොඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද යත්: එසේ යි.
මනස මනායතන වේ ද යත්: එසේ යි. මනායතනය මනස වේ ද යත්: එසේ යි.
ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වේ. ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)
2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්ඛායතන නො වෙයි. චක්‍ෂුස වේ. චක්‍ෂුස ද චක්ඛායතනය ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. චක්ඛායතන ද නොවේ.
ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. සෝතායතන නොවූයේ සෝත නො වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝතායතන නො වෙයි. ශ්‍රෝත්‍ර වේ. සෝතය ද සෝතායතනය ද තබා සෙස්ස සෝත ද නොම වෙයි. සෝතායතන ද නො වේ.
ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: එසේ යි. ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි.
ජිව්හා නොවූයේ ජිව්හායතන නො වේ ද යත්: එසේ යි. ජිව්හායතන නොවූයේ ජිව්හා නො වේ ද යත්: එසේ යි.
කාය නොවූයේ කායායතන නො වේ ද යත්: එසේ යි. කායායතන නොවූයේ කාය නො වේ ද යත්: කායායතනය තබා අවශේෂකාය කායායතන නො වෙයි. කාය වේ. කාය ද කායායතනය ද තබා සෙස්ස කාය ද නො ම වෙයි. කායායතන ද නො වේ.
රූප නොවූයේ රූපායතන නො වේ ද යත්: එසේ යි. රූපායතන නොවූයේ රූප නො වේ ද යත්: රූපායතනය තබා අවශේෂරූපය රූපායතන නො වෙයි. රූප වේ. රූපය ද රූපායතනය ද තබා සෙස්ස රූප ද නො ම වෙයි. රූපායතන ද නො වේ.
ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද යත්: එසේ යි. ශබ්දායතන නොවූයේ ශබ්ද නො වේ ද යත්: එසේ යි.
ගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද යත්: එසේ යි. ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධායතන නො වෙයි. ගන්‍ධ වේ. ගන්‍ධය ද ගන්‍ධායතනය ද තබා සෙස්ස ගන්‍ධ ද නොම වෙයි. ගන්‍ධායතන ද නො වේ.
රස නො වූයේ රසායතන නො වේ ද යත්: එසේ යි. රසායතන නොවූයේ රස නො වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්තිරසය රසායතන නො වෙයි. රස වේ. රසය ද රසායතනය ද තබා සෙස්ස රස ද නොම වෙයි. රසායතන ද නො වේ.
ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද යත්.: එසේ යි. ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද යත්: එසේ යි.
මනස නොවූයේ මනායතන නො වේ ද යත්: එසේ යි. මනායතන නොවූයේ මනස නො වේ ද යත්: එසේ යි .
ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ධම්මායතන නොවූයේ ධර්‍ම නො වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂධර්‍මය ධම්මායතන නො වෙයි. ධර්‍මය වේ. ධර්‍මය ද ධම්මායතනය ද තබා සෙස්ස ධර්‍ම ද නොම වෙයි. ධම්මායතන ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.
චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.
සෝතය සෝතායතන වේ ද යත්: ... අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. ....
ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.
ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (අනුලෝම යි.)
(නො මුළා වන්නහු විසින් එක් එක් පදය මුල් වූ චක්‍රය බැන්ද යුතු.)
4. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.
චක්‍ෂුස නොවූයේත් චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
සෝත නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.) (චක්‍රබන්‍ධනය කරන්නහු විසින් සියලු තන්හි “ආමන්තා” යනු කළයුතු.)
පදශෝධනමුලචක්‍රචාර යි.
5. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.
ශ්‍රෝතය ආයතන වේ ද යත්: එසේ යි ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ,.. ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... මනස ....
ධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. (අනුලෝම යි.)
6. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වේ. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා අවශේෂය චක්‍ෂුස ද නොම වෙයි. ආයතන ද නො වේ. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
ශ්‍රෝත්‍ර නොවූයෙක් ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ජිහ්වායතන නො වේ ද යත්: එසේ යි.
කාය නොවූයෙක් ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු කායායතන නො වේ ද යත්: එසේ යි.
රූප නොවූයේ ආයතන නො වේ ද යත්: රූපය තබා ... ශබ්දය තබා ... ගන්‍ධය තබා ... රසය තබා ... ස්ප්‍රෂ්ටව්‍යය තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ඵොට්ඨබ්බායතන නො වේ ද යත්: එසේ යි.
මනස නොවූයේ ආයතන නො වේ ද යත්: මනස තබා අවශේෂ ආයතන මනස නො වේ. ආයතන යි. මනස ද ආයතන ද තබා සෙස්ස මනස ද නො ම වෙයි. ආයතන ද නො වේ. ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධායතනවාර යි.
7. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.
චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.
ශ්‍රෝත්‍රය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... චක්ඛායතන නො වේ. ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නො වේ.
ඝ්‍රාණය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නොවේ.
ධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (චක්‍රය බැන්දයුතු. අනුලෝම යි.)
8. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.
චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
ශ්‍රෝත්‍රය නොවූයේ ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.