යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
119. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
120. යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ ය, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යි.
121. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
122. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
123. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
124. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
125. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
126. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමඕකාස යි.)
127. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
128. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඝ්‍රාණ ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඝ්‍රාණ ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට යැ අරූපාවචරයනට යැ යන ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
129. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ ය ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනි වෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද පුරුෂ කෙනෙක් හෝ තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂ කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යි.
130. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචර යනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
131. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥ සත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
132. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.