යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය … පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
102. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ ...
103. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
104. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට උපපත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට උපපත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
105. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වැ උපදනාවුනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
106. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
107. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
108. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
අතීතවාර යි.
109. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද පුරුෂ වූ යම් කෙනෙකුත් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (පුරුෂ) භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔහුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ ය. සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
110. යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙබින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
111. යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් පුරුෂ කෙනෙකුත් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ද පුරුෂ කෙනෙක් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් පුරුෂ කෙනෙකුත් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යි.
112. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
113. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
114. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යි.
115. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යි.
116. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
117. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
118. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එතන්හි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් එතන්හි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.