Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6601-6700 න් 7971

යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපාන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
78. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන, සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන. සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
79. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
80. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
81. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි. (අනුලෝමපුග්ගලෝකාස)
82. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති.
83-89. යමක්හට ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නේ යැ යත්: නැත.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති.
90. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති. (පච්චනීකපුග්ගල)
91. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
92. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන්නෙ යැ. අසංඥසත්‍ව යැ අරූප යැ යන එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
93. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යන්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නේ යැ යත්: එසේ යැ ...
94. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
95. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
96. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
97. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
98. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
99. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස යි.)
100. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසය යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
101. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.