Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6501-6600 න් 7971

යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්; එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපන්නේ වි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
56-63. යමක්හට ඝානින්‍ද්‍රිය … ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය… ජීවිතින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්; එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි. (අනුලෝමපුග්ගල)
64. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රියය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපන. එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන. ඝානින්‍ද්‍රිය ද උපන.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන, පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ ය.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන, පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
65. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි සද්ධින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සද්ධින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
66. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ ...
67. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්, රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
68. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර, පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි මනින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපන.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
69. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ
යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
70. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
71. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
72. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ. (අනුලෝම ඕකාස)
73. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
74. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන,
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
75. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ ...
76. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
77. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන. උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.