Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6401-6500 න් 7971

යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස)
46. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ කන් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ කන් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: කන් නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද කන් නැති වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ ඝ්‍රාණ ඈති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නොවැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඇස් නැති වැ උපදනා වුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යම්ක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ නො පිරිම්නි වැ උපදනා වුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ , චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ උපේක්‍ෂායෙන් උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ අහේතුක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ඇස් ඇති වැ උපදනා ඔවුන්ට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: අචක්ඛුක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචක්ඛුක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ඤාණවිප්පයුත්ත වැ සචක්ඛුක වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්පයුත්ත වැ අචක්ඛුක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ සචිත්තක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
47. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ ස්ත්‍රී නොවැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ අඝානක වැ උපදනවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ සොම්නසින් උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අඝානක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සඝානක වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ උපේක්‍ෂායෙන් උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අඝානක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සඝානක වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අඝානක වැ අහේතුක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ සඝානක වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අඝානක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සඝානක වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ අඝානක වැ උපදනවුනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අඝානක වැ සචිත්තක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී, චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
48. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ පිරිම්නි නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සොම්නසින් උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ අහේතුක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සචිත්තක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
49. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සොම්නසින් උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපේක්‍ෂායෙන් උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී, චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සෙහතුක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ අහේතුක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සචිත්තක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදී යි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: . එසේ යි.
50. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්:· සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය ද නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපෙක්කෂයෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්; එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අචිත්තක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
51. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුක්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්; සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත සෝමනස්ස විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්; සොම්නසින් වෙන් වැ සහේතුක ව උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස විප්පයුත්ත ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදකපණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෞමනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස විප්‍රයුක්ත ඤ්‍රාණසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැයි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්ක්‍ෂණයෙහි ද සෞමනස්‍ය විප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත සෝමනස්සසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත සෞමනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූ දී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්; එසේ යි.
52. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා විප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපේක්‍ෂායෙන් උපදනා වුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
53. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සහේතුක වැ උපදනා වුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙ හි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී, හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
54. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්; එසේ යි.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
55. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට සෝතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.