Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6301-6400 න් 7971

යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ද නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සහේතුක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී නොවැ උපදනාවුනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සචිත්තක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
31. යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පුරිස් වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන්නවුනට ද නො පුරිස් වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ නො පුරිස් වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිමිනි වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ නො පිරිම්නි වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සහේතුක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ නො පිරිම්නි වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි. පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සචිත්තක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
32. යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුතවන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ද නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අචිත්තක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
33. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත උපෙක්ඛා විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, හැමට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපෙක්ඛාවිප්පයුත්ත සෝමනස්සවිප්පයුත්ත චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැමට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත සෝමනස්සසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
34. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
35. යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රියද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
36. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි. (පච්චනීකපුග්ගල)
37. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සෝතින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය. නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
38. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රියා නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
39. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ ...
40. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද යන එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
41. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
42. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
43. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
44. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
45. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් එහි මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.