යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඝ්‍රාණ රහිත වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ අඝානක වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ සඝානක වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ අඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
21. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ අහේතුක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුන්ට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
22. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි නො වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදි. පිරිම්නි වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ අහේතුක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නොද උපදී. සහේතුක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
23. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි. පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: අචිත්තක වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදී. සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි.
24. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත සෞර්‍මනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත සෞර්‍මනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී, ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත සෞර්‍මනස්‍ය සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෞර්‍මනස්‍ය විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
25. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
26. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
27. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ)
28. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ කන් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ කන් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සෝතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: කන් නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. (නූපදනේ නො වේ.) චුත වන හැම දෙනාට ද කන් නැති වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට සෝතින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි. ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති ව ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පුරිස් වැ ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වනුවනට ද සොම්නසින් වෙන් වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වනුවනට ද ඇස් නැති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වනුවනට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ සහේතුක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැමදෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ ඇස් නැති වැ උපදනාවුනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඇස් නැති වැ සචිත්තක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුතවනුවනට ද අචිත්තක වැ උපදනාවුනට ද යන ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
29. යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඝ්‍රාණ නැති වැ උපදනා වුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ නො පිරිම්නි වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන එහැම දෙනාට ඝානින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ. යත්: ඝ්‍රාණ නැති වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ සහේතුක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඝ්‍රාණ නැති වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ ඝ්‍රාණ නැති වැ උපදනාවුනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ඝානින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ සචිත්තක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට ද යන ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
30. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: පිරිම්නි වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ පුරුෂ නො වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ පුරුෂ නො වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.