Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 6101-6200 න් 7971

යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාසම්පයුත්ත සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාසම්පයුත්ත සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත ඤාණසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදි.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත සොමනස්සවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී, ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඤාණසම්පයුත්ත සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහුට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහුට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
7. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත් උපේක්‍ෂායෙන් යුතු වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත උපෙක්ඛාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා වුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදයි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
8. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදී. ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
9. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්ති යෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
(අනුලෝමපුග්ගල)
10. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සෝතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
11. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි සානීන්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදී, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
12. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය ...
13. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්. එසේ යැ.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදි නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදී, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නොද උපදී. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදි.
14. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි මනින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදී.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
15. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
16. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
17. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි.
18. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස)
19. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ කන් නැති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කන් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි. සෝතින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කන් ඇති වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. කන් ඇති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: චක්‍ෂුස ඇති වැ ඝ්‍රාණය නැති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. චක්‍ෂුස ඇති වැ ඝ්‍රාණය ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණය ඇති වැ චක්‍ෂුස නැති වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණය ඇති වැ චක්‍ෂුස ඇති වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ නො පුරිස් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් නැති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ අහේතුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නොද උපදියි, ඥානසම්ප්‍රයුක්ත වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
20. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ නො පුරිස් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඝ්‍රාණ රහිත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ ඇති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ අහේතුක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.