68. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
69. අඤ්ඤ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
70. අඤ්ඤාතාවී ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වෙයි ... අඤ්ඤාතාවී ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි)
71. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: චක්‍ෂුස තබා (හැර) අවශේෂ ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුස් නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. චක්‍ෂුස ද ඉන්‍ද්‍රියන් ද තබා අවශේෂයෝ නො ද චක්‍ෂුස් වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: චක්‍ෂුස තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුස් නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. චක්‍ෂුස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද චක්‍ෂුස් වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
72. ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ශ්‍රෝත්‍රය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ශ්‍රෝත්‍ර නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ශ්‍රෝත්‍රය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ශ්‍රෝත්‍ර වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ශ්‍රෝත්‍රය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ශ්‍රෝත්‍ර නො වෙයි, ඉන්‍ද්‍රියෝ යැ. ශ්‍රෝත්‍රය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ශ්‍රෝත්‍ර යැ, නො ද ඉන්‍ද්‍රියයෝ යි. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
73. ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ඝ්‍රාණය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඝ්‍රාණ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ඝ්‍රාණය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ඝ්‍රාණ යැ, නො ද ඉන්‍ද්‍රියෝ යි. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ඝ්‍රාණය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඝ්‍රාණ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ඝ්‍රාණය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ඝ්‍රාණ යැ, නො ද ඉන්‍ද්‍රියයෝ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
74. ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජිව්හාව තබා (හැර) අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජිව්හා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති, ජිව්හාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජිව්හා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නො වූයෙ වෙයි යත්: ජිව්හා තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජිව්හා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ජිව්හාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජිව්හා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
75. කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
76. මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: මනස තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ මනස් නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. මනස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද මනස් වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: මනස් තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ මනස් නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. මනස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද මනස් වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වෙයි යත්: එසේ යි.
77. ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ස්ත්‍රිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ස්ත්‍රිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
78. පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂයා තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ පුරුෂ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. පුරුෂයා ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නොද පුරුෂ වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂයා තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ පුරුෂ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. පුරුෂයා ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
79. ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජීවිතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජීවිත නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ජීවිතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජීවිත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජීවිතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජීවිත නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ජීවිතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජීවිත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වෙයි යත්: එසේ යි.
80. සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සුඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සුඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සුඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සුඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යැ ... සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සුඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සුඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සුඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සුඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
81. දුක්ඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දුක්ඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දුක්ඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. දුක්ඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දුක්ඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දුක්ඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දුක්ඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දුක්ඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. දුක්ඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දුක්ඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
82. සෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියෝ වෙති. ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝමනස්ස නො වෙයි. ඉන්‍ද්‍රියයෝ යැ. සෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
83. දෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: දෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. දෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ ය ... දෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. දෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
84. උපෙක්ඛා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: උපෙක්ඛාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. උපෙක්ඛාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද උපෙක්ඛා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... උපෙක්ඛා නොවූවා ඉන්‍ද්‍රිය නො වූයෙ වෙයි. යත්: උපෙක්ඛාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. උපෙක්ඛාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද උපෙක්ඛා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
85. සද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සද්ධාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සද්ධා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සද්ධාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නොද ශ්‍රද්ධා වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සද්ධාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සද්ධා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සද්ධාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සද්ධා වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
86. විරිය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: විරිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ විරිය නො වෙයි. ඉන්‍ද්‍රියයෝ යැ. විරිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නොද විරිය වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... විරිය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: විරිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ විරිය නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. විරිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද විරිය වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
87. සති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සතිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සතිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සතිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සතිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යි.
88. සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සමාධිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සමාධි නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සමාධිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සමාධි වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සමාධිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සමාධි නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. සමාධිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සමාධි වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
89. ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ප්‍රඥාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ප්‍රඥා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ප්‍රඥාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ප්‍රඥා වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ප්‍රඥාව තබා අවශේෂ ඉන්‍ද්‍රියෝ ප්‍රඥා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ප්‍රඥාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ප්‍රඥා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
90. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීති තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි: අනඤ්ඤාතඤ්ඤස්සාමීති තබා අවශේෂයත් ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. ‘අනඤ්ඤාතඤ්ඤස්සාමීති ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
91. අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤ නො වෙයි, ඉන්‍ද්‍රියෝ යැ. අඤ්ඤය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ... අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. අඤ්ඤය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
92. අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤාතාවිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. අඤ්ඤාතාවිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤාතාවී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්; එසේ යැ ... අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤාතාවිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ යැ. අඤ්ඤාතාවිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤාතාවී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
ප්‍රඥප්තිවාර නිමි.
3. ප්‍රවෘත්ති උත්පාදවාර
1. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් (චක්ඛුන්‍ද්‍රිය) ඇති වැ කන් (සෝතින්‍ද්‍රිය) නැති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කන් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝතින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදී නම් ඔහුට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කන් ඇති වැ ඇස් නැති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. කන් ඇති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහුට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ නැහැය නැති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ නැහැය ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: නැහැය ඇති වැ ඇස් නැති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. නැහැය ඇති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහුට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ස්ත්‍රී නො වැ (රූපී බ්‍රහ්ම, පුරුෂ, නපුංසක විසින්) උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඇස් නැති වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ පුරුෂ නො වැ (රූපී බ්‍රහ්ම, ස්ත්‍රී, නපුංසක විසින්) උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො උපදී. ඇස් ඇති වැ පුරුෂ වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදී, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඇස් නැති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් නැති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහුට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ උපෙක්ඛායෙන් වෙන් වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපෙක්ඛායෙන් යුතු වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් නැති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ අහේතුක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සහේතුක වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඇස් නැති වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඇස් ඇති යැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ඤාණවිප්පයුත්ත වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ඤාණසම්පයුත්ත වැ උපදනා ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදි යැ යත්: ඤාණසම්පයුත්ත වැ ඇස් නැති වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඤාණසම්පයුක්ත වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදි යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
2. යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ අඝානක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ සඝානක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ නො පුරිස් වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ අඝානක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ සඝානක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: අඝානක වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ සොම්නස නැති ව උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ අඝානක වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ සඝානක වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ උපේක්‍ෂා නැති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ අඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ සඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ අහේතුක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ සහේතුක වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ සඝානක වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සඝානක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය උපදියි. ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ අඝානක වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ සඝානක වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි ඝානින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ අඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
3. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදි යැ යත්: ස්ත්‍රී වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ අහේතුක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ සහේතුක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
4. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: නොපුරිස් වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පුරිස් වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ නොපිරිම්නි වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපේක්‍ෂාවෙන් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ නොපිරිම්නි වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ පිරිම්නි වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ අහේතුක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ සහේතුක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ නොපිරිම්නි වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්පයුක්ත වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්පයුක්ත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ නො පිරිම්නි වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
5. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛා විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ. යත්: ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහුට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහුට මනින්‍ද්‍රිය උපදී යැ යත්: අචිත්තක වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදී. සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදී.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
6. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.