Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 501-600 න් 7971

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
15. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
16. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපන්නේ යි.
17. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යම්කුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නදී ඕහට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ සි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
18. යමකුට රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති.
19. යමකුට වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඔඟට වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
20. යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
21. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නො උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නො උපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. රූපස්කන්‍ධය ද නො උපන්නේ යි.
22. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
23. යමකුට රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
24. යමකුට වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනව සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදින්නේ ය. සෙසු ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
25. යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
26. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදින්නේ ය. ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
27. යම්කුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදින්නේය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
28. යමකුට රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදින්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත් එසේ යි.
29. යමකුට වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
30. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
31. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙ හි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදින්නේ යි. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නූපදින්නේ යි.
32. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම භවික වැ උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යකීක පුද්ගලාවකාශ යි.)
(අනාගතවාර යි.)
33. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපදී.
(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීතවාර බෙදන ලද්දේ ද එසේ මෙහි ද බෙදියයුතු) (අනුලෝම පුද්ගල යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
34. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
35 යමකුට වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
36. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
37. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
38. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
39. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි.
40. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධයද නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
41. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
42. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේය, රූපස්කන්‍ධය ද නූපදී.
43. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේයි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
44. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
45. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේ ය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
46. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ යි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට අරූපයනට දැ යි ඔවුනට එ වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපන්නේ යි.
48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද උපන්නේය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදනේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපන්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
49. යමකුට රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: නැති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
50. යමකුට වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
51. යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
52. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නොවන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදනේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරින්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නූපන්නේ යි.
53. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපන්නේ ය, සංඥාස්කන්‍ධ ද නිරුද්ධ නොවන්නේ යි.
යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: පිරිනිවෙන්නාවූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතානාගාරවාර යි.
උත්පාද නිරෝධවාර නිමි.
6. පරිඤ්ඤාවාරය
1. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
2. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
ප්‍රත්‍යුපන්නවාරය යි.
3. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
4. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
අතීතචාරය යි.
5. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
6. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාරය යි.
7. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: නො දනී.
8. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන්වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නොදත්හ.
තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන් වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
9. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.