17. ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රියවේ ද ... ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
18. වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
19. ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
20. සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
21. ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද යත්:
25. චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථීන්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද,
ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
28. ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවා චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
31. ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
32. පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
33. ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වේ ද යත්:
34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝමනස්ස නො වූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද ... දෝමනස්ස නො වූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
38. උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාවූ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
45. අඤ්ඤා නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නො වූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
පදශෝධනමූලචක්‍රවාර යි.
47. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද: ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද:
ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද: අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
48. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද: ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ජිහ්වා නොවූවා වේ ද: කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: සුඛ නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: දෞර්‍මනස්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නො වූයෙ වේ ද: උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නොවූවා වේ ද: වීර්‍ය්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: අඤ්ඤා නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
ශුද්ධ ඉන්‍ද්‍රියවාර යි.
49. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද: යත්:
50. ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
51. ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
52. ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
53. කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
54. මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
55. ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
56. පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
57. ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
58. සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
59. දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
60. සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
61. දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස්: වේ ද ... දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
62. උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
63. ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
64. වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
65. ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
66. සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
67. ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
68. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
69. අඤ්ඤා වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
70. අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද යත්:
අනුලෝම යි.
71. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හා නොවූවා වේ ද:
චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: චක්‍ෂුස් නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නො වූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
72. ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
73. ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
74. ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
75. කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
76. මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
77. ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
78. පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
79. ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
80. සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
81. දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
82. සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
83. දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
84. උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
85. ශ්‍රද්ධා - නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
86. වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
87. ස්මෘති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
88. සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
89. ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
90. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
91. අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
92. අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද යත්:
ශුද්ධ ඉන්‍ද්‍රිය මූලචක්‍රවාර යි.
උද්දේශවාර නිමි.
2. ප්‍රඥප්ති නිර්දේශවාර
1. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් වෙයි යත්: එසේ යි.
ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි. සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වෙයි. සෝතින්‍ද්‍රිය සෝත වෙයි යත්: එසේ යි.
ඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ඝ්‍රාණේන්‍ද්‍රිය ඝ්‍රාණ වෙයි යත්: එසේ යි.
ජිහ්වා ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ජිහ්වේන්‍ද්‍රිය ජිහ්වා වෙයි යත්: එසේ යි.
කාය කායින්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා (හැර) අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය තෙම කාය ද කායේන්‍ද්‍රිය ද වේ. කායේන්‍ද්‍රිය කාය වෙයි යත්: එසේ යි.
මනස මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය මනස වෙයි යත්: එසේ යි.
ස්ත්‍රී තොමෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී වෙයි යත් නො වේ.
පුරුෂ තෙම පුරිසින්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. පුරිසින්‍ද්‍රිය පුරුෂ වෙයි යත්: නො වේ.
ජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය ජීවිත වෙයි යත්: එසේ යි.
සුඛය සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය සුඛ වෙයි යත්: එසේ යි.
දුඃඛය දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. දුඃඛේන්‍ද්‍රිය දුඃඛ වෙයි යත්: එසේ යි.
සෞමනස්‍යය සෞමනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සෞමනස්‍යෙන්‍ද්‍රිය සෞමනස්‍ය වෙයි යත්: එසේ යි.
දෞර්‍මනස්‍යය දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය දෞර්‍මනස්‍ය වෙයි යත්: එසේ යි.
උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය ද උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වේ. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා වෙයි යත්: එසේ යි.
ශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය ශ්‍රද්ධා වෙයි යත්: එසේ යි.