Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 5601-5700 න් 7971

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
65. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
66. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදිති. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
82. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිත්, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො උපදිත්.
83. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
84. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නො උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදිත්.
89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
97. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශල ධර්‍මයෝ ද උපන්නාහ.
98. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපන්නාහ.
99. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
101. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
102. යමක්හට අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
103-105. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
106. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපන්නාහ.
107. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
108. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතානාගතවාර යි.
උත්පාදනිරෝධවාර යි.
ප්‍රවෘත්තිවාර නිමි.
භාවනාවාරය
1. යමෙක් කුශලධර්‍මය වඩා නම් හේ අකුශලධර්‍මය දුරු කෙරේ ද යත්: එසේ යි.
යමෙක් අකුශලධර්‍මය දුරු කෙරේ නම් හේ කුශලධර්‍මය වඩා ද යත්: එසේ යි
2-108. යමෙක් කුශලධර්‍මය නො වඩා නම් හේ අකුශලධර්‍මය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යමෙක් අකුශලධර්‍මය දුරු නො කෙරේ නම් හේ කුශලධර්‍මය නො වඩා ද යත්: එසේ යි …
භාවනාවාර නිමි.
ධම්මයමක නිමි.
අභිධර්‍මපිටකයෙහි
යමකප්‍රකරණ
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
10. ඉන්‍ද්‍රිය යමක
1. ප්‍රඥප්ති උද්දේශවාර
දෙවිසි ඉන්‍ද්‍රියයෝ වෙති: චක්ඛුන්‍ද්‍රිය යැ සෝතින්‍ද්‍රිය යැ ඝානින්‍ද්‍රිය යැ ජිව්හින්‍ද්‍රිය යැ කායින්‍ද්‍රිය යැ මනින්‍ද්‍රිය යැ ඉත්‍ථින්‍ද්‍රිය යැ පුරිසින්‍ද්‍රිය යැ ජීවිතින්‍ද්‍රිය යැ සුඛින්‍ද්‍රිය යැ දුඛින්‍ද්‍රිය යැ සෝමනස්සින්‍ද්‍රිය යැ දෝමනස්සින්‍ද්‍රිය යැ උපෙක්ඛින්‍ද්‍රිය යැ සද්ධින්‍ද්‍රිය යැ විරියින්‍ද්‍රිය යැ සතින්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ පඤ්ඤින්‍ද්‍රිය යැ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය යැ අඤ්ඤින්‍ද්‍රිය යැ අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
1. චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, චක්ඛුන්‍ද්‍රිය චක්ඛුස වේ ද: ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, සෝතින්‍ද්‍රිය ශ්‍රෝත්‍ර වේ ද: ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඝානින්‍ද්‍රිය ඝ්‍රාණ වේ ද: ජිහ්වා ජිව්හින්‍ද්‍රිය වේ ද, ජිව්හින්‍ද්‍රිය ජිහ්වා වේ ද: කාය කායින්‍ද්‍රිය වේ ද, කායින්‍ද්‍රිය කාය වේ ද: මනස මනින්‍ද්‍රිය වේ ද, මනින්‍ද්‍රිය මනස් වේ ද: ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉත්‍ථින්‍ද්‍රිය ස්ත්‍රී වේ ද: පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද, පුරිසින්‍ද්‍රිය පුරුෂ වේ ද: ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ජීවිතින්‍ද්‍රිය ජීවිත වේ ද: සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, සුඛින්‍ද්‍රිය සුඛ වේ ද: දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, දුක්ඛින්‍ද්‍රිය දුඃඛ වේ ද: සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, සෝමනස්සින්‍ද්‍රිය සෝමනස්ස වේ ද: දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, දෝමනස්සින්‍ද්‍රිය දෝමනස්ස වේ ද: උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, උපෙක්ඛින්‍ද්‍රිය උපේක්‍ෂා වේ ද: ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, සද්ධින්‍ද්‍රිය ශ්‍රද්ධා වේ ද: වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, විරියින්‍ද්‍රිය වීර්‍ය්‍ය වේ ද: සති සතින්‍ද්‍රිය වේ ද, සතින්‍ද්‍රිය සති වේ ද: සමාධි සමාධින්‍ද්‍රිය වේ ද, සමාධින්‍ද්‍රිය සමාධි වේ ද: ප්‍රඥා පඤ්ඤින්‍ද්‍රිය වේ ද, පඤ්ඤින්‍ද්‍රිය ප්‍රඥා වේ ද: ‘අනඤ්ඤාතඤ්ඤාස්සාමිති’ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය වේ ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤාස්සාමීති වේ ද: අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤ වේ ද: අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අඤ්ඤාතාවී වේ ද යත්:
2. චක්‍ෂුස් නො වූයෙ චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද, චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ චක්‍ෂුස් නො වූයෙ වේ ද: සෝත නො වූයෙ සෝතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සෝතින්‍ද්‍රිය නො වූයෙ සෝත නො වූයෙ වේ ද: ඝාන නො වූයෙ ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඝානින්‍ද්‍රිය නො වූයෙ ඝාන නො වූයෙ වේ ද: ජිව්හා නො වූවා ජිව්හින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ජිව්හින්‍ද්‍රිය නො වූයෙ ජිව්හා නො වූවා වේ ද: කාය නො වූයෙ කායින්‍ද්‍රිය නො වූයෙ වේ ද, කායින්‍ද්‍රිය නො වූයෙ කාය නො වූයෙ වේ ද: මනස් නො වූයෙ මනින්‍ද්‍රිය නො වූයෙ වේ ද, මනින්‍ද්‍රිය නො වූයෙ මනස් නො වූයෙ වේ ද: ස්ත්‍රී නො වූවා ඉත්‍ථින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉත්‍ථින්‍ද්‍රිය නො වූයෙ ස්ත්‍රී නො වූවා වේ ද: පුරුෂ නො වූයෙ පුරිසින්‍ද්‍රිය නො වූයෙ වේ ද, පුරිසින්‍ද්‍රිය නො වූයෙ පුරුෂ නො වූයෙ වේ ද: ජීවිත නො වූයෙ ජීවිතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ජීවිතින්‍ද්‍රිය නො වූයෙ ජීවිත නො වූයෙ වේ ද: සුඛ නො වූයෙ සුඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සුඛින්‍ද්‍රිය නො වූයෙ සුඛ නො වූයෙ වේ ද: දුක්ඛ නො වූයෙ දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ දුක්ඛ නො වූයෙ වේ ද: සෝමනස්ස නො වූයෙ සෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ සෝමනස්ස නො වූයෙ වේ ද: දෝමනස්ස නො වූයෙ දෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ වේ ද, දෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ දෝමනස්ස නො වූයෙ වේ ද: උපේක්‍ෂා නො වූවා උපෙක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, උපෙක්ඛින්‍ද්‍රිය නො වූයෙ උපේක්‍ෂා නො වූවා වේ ද: ශ්‍රද්ධා නො වූවා සද්ධින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සද්ධින්‍ද්‍රිය නො වූයෙ ශ්‍රද්ධා නො වූවා වේද: වීර්‍ය්‍ය නො වූයෙ විරියින්‍ද්‍රිය නො වූයෙ වේ ද, විරියින්‍ද්‍රිය නො වූයෙ වීර්‍ය්‍ය නො වූයෙ වේ ද: ස්මෘති නො වූවා සතින්‍ද්‍රිය නො වූයෙ වේ ද: සතින්‍ද්‍රිය නො වූයෙ ස්මෘති නො වූවා වේ ද: සමාධි නො වූයෙ සමාධින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සමාධින්‍ද්‍රිය නො වූයෙ සමාධි නො වූයෙ වේ ද: ප්‍රඥා නො වූවා පඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ වේ ද, පඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ ප්‍රඥා නො වූවා වේ ද: අනඤ්ඤාතඤ්ඤාස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වූයෙ වේ ද: අඤ්ඤ නො වූයෙ අඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ වේ ද: අඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ අඤ්ඤ නො වූයෙ වේ ද: අඤ්ඤාතාවී නො වූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ අඤ්ඤාතාවී නො වූයෙ වේ ද යත්.
පදශෝධනවාර යි.
3. චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ මනින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වේ ද:
චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත් :
4. ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
5. ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
6. ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
7. කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
8. මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
9. ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
10. පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
11. ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
12. සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
13. දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
14. සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
15. දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
16. උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්: