15. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
(ප්‍රත්‍යනීකාවකාශ යි.)
16. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නො උපදිත්.
17. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නො උපදිත්.
18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නො නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
19. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
20. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
21. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
22. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
23. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
24. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
25. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
26. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
27. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
28. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති.
29. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො ද උපන්හ යත්: නැති.
30. යමක්හට අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
31. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
32. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති.
33. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
34. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
35. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහු යැ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
36. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
40. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
41. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
42. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි)
43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
46. යමක්හට කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශල ධර්‍මයෝ නො ද නො උපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදනාහ.
47. යමක්හට කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
48. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
49. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
50. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: නැති.
51. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
52. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදනාහ.
53. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
54. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අනාගතතවාර යි
55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
63. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
64. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.