66. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
73. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
74. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
75.යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
82. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
83. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
84. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
91. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
92. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ ද යත්: එසේ යි.
93. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි වූ ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
97. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
98. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
99. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
(අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ නො වූහ.
101. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
102. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
103-105. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: …
(ප්‍රත්‍යනීකාවකාශ යි.)
106. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
107. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
108. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතානාගතවාර යි.
නිරෝධවාර නිමි.
5. උත්පාද නිරෝධවාරය
1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද උපදිත්.
6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
8. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
9. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
(අනුලෝමපුද්ගලාවකාශ යි.)
10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්, අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්.
(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
13. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
14. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.