Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 5301-5400 න් 7971

10. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලන්ට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
11. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
12. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.
15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
19. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
20. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
21. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
22. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
24. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අකුශල ධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමාවකාශ යි.)
25. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
26. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
27. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
28. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
29. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
30. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
34. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: දෙවන අකුසල් සිත පවත්නා කල්හි ශුද්ධාවාස වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
35. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
36. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ, ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
37. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගල යි.)
40-42. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
46. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
47. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
48. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
49-51. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
52. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
53. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
54. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
අනාගතවාර යි.
55. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
56. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
57. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: … (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
63. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
64. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.
65. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.