Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 5201-5300 න් 7971

55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිත්.
56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ... (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
62. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
63. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
64. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.
65. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.
66. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
67-69. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
70. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති. අකුශල ධර්‍මයෝ ද නූපන්හ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
71. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
72. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලධර්‍මයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද උපදිත්, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
80. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
81. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
82. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.
83. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
84. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
85-87. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
88. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශල ධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.
89. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
90. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිත්. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්හට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපන්නාහු යැ. අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.
92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට ද කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.
93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
97. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
98. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
99. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
101. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
102. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
103-105. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: (ප්‍රත්‍යනීකාවකාශ යි.)
106. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපන්හ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපන්හ.
107. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
108. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
උත්පාදවාර නිමි.
4. නිරෝධවාරය
1. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
2. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති, පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
3. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්: (අනුලෝමපුද්හල යි.)
4. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාර පඤ්චවෝකාර වු එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
6. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාරයෙහි දී පඤ්චවෝකාරයෙහි ද යන එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන් ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්, පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
තවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)