6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්.(අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිතී. පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
තවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, ඔවුනට එහි කුශල ධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, කුශලධර්‍මයෝ ද උපදිත්.
9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදිතී, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාර භවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘත ධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිතී, අකුශලධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති.
15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘත ධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
18. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යානීකපුද්ගලාවකාශ යි.)
19. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
20. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
21. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
22. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හු යැ. එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
24. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
25. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
26. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
27. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුසලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුසලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
28. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ නූපන්හ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
29. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ නූපන්හ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
30. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: නැති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
34. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපන්හ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
35. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
36. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුසලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඔහුට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගී වූවනට රහතුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
40. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහු යත්: එසේ යි.
41. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
42. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි.)
43. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
45. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
46. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශල ධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.
47. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
48. යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
49. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහු යත්: එසේ යි.
50. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
51. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
52. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.
53. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදනාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ, පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
54. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අනාගතවාර යි.