ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
(ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ධර්‍ම මූලචක්‍රවාර යි.
ප්‍රඥප්ති - උද්දේශවාරය යි.
2. ප්‍රඥප්ති නිර්දේශවාරය
1. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
කුශලධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යි.
2. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
අකුශලධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.
3. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්: එසේ යි.
අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි. (අනුලෝම යි.)
4. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
කුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්: එසේ යි.
5. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
අකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්: එසේ යි.
6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘත ධර්‍ම නො වෙති යත්: එසේ යි.
අව්‍යාකෘතධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍මයෝ ද වෙති. අවශේෂ ධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘත ධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂ ධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති. ධර්‍මයෝ යි.
12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)
13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
15. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
16. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
(ප්‍රත්‍යනීක යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
19. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
20. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
(අනුලෝම යි.)
22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙති.
ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ධර්‍මවාර යි.
25. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
26. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
27. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍මයෝ ද වූවාහු මැ කුශලධර්‍මයෝ ද වෙති. අවශේෂධර්‍මයෝ කුශලයෝ නො වෙති, ධර්‍මයෝ යි.
28. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ කුශල ධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශල ධර්‍ම ද වෙති. අවශේෂ ධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
ධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)
31. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
32. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
(ප්‍රත්‍යනීක යි)
ශුද්ධ ධර්‍මමූලචක්‍රවාර යි.
ප්‍රඥප්ති - නිර්දේශවාරය නිමි.
3. උත්පාදවාරය
1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.
3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශල ධර්‍මයෝ උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝම පුද්ගල යි.)
4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි කුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිති, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැයි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.