95. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: නැති.
96. යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යි. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යැ. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ, නො ද උපන්නේ යි.
උත්පාදවාර යි.
97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී ය. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී ය.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.
99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. අතීත සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. අතීත සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වේ.
101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වී යැ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ නො ද නිරුද්ධ වන්නේ යි.
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වන්නේ ය, ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වී ය.
නිරෝධවාර යි.
103-126. (යස්ස චිත්තකයෙහි සක භාවයෙන් දක්වන ලද්ද යංචිත්තක යෙහි ද යස්ස යං චිත්තකයෙහි ද සමානාර්‍ත්‍ථයෙන් දක්වන ලද්දේ යි.)
127-2016. යමක්හට සරාග සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සරාග සිත නිරුද්ධ වන්නේ ද නො උපන්නේ ද යත්: සරාග පශ්චිම චිත්තගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සරාග සිත උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට සරාග චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි …
සරාගාදි පදමිශ්‍රක වාර යි.
2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට කුශලචිත්තය නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: පශ්චිම කුශල චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශල චිත්තය උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි … තව ද යමක්හට ... එසේ යි …
යමක්හට අකුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ... යමක්හට අව්‍යාකෘත චිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් … (මූලයමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ යන් තුන් යමකයෝ සරණ අරණයන් තෙක් යෙති.)
කුසලාදි පද මිශ්‍රකවාර යි.
නිද්දේසවාර යි.
චිත්තයමකය නිමි.
9. ධම්මයමකය
1. ප්‍රඥප්ති උද්දේශවාරය
1. (එක්විසි කුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) කුශලයෝ කුශල ධර්‍ම වෙති යත්:
කුශලධර්‍මයෝ කුශල වෙති යත්:
2. (ද්වාදශ අකුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
අකුශලධර්‍මයෝ අකුශල වෙති යත්:
3. (සතිස් විපාක සිත් යැ විසි ක්‍රියා සිත් යැ අටවිසි රූප යැ නිර්‍වාණ යැ යන) අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
4. කුශල නො වූවාහු කුශලධර්‍මයෝ නො වෙති යත්:
කුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
5. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්:
අකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
අව්‍යාකෘත ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්:
8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: (අනුලෝම යි.)
13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
15. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු කුසලධර්‍ම නො වෙති යත්:
16. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
(ප්‍රත්‍යනීක යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
19. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශල වෙති යත්:
20. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශල වෙති යත්:
21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
(ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ධර්‍මවාර යි.
25. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශල වෙති යත්:
26. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
27. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශල වෙති යත්:
28. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ කුශල වෙති යත්:
30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධර්‍මයෝ අකුශල වෙති යත්: අනුලෝම යි.
31. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
32. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: