14. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යැ රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමාවකාස යි.)
15. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගලොවකාශ යි.)
16. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපභවයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද, ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි· (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
17. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
18. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අනාගතවාර යි.
19. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.
20. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වි ද යත්: එසේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
21. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ විය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
22. යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි. (අනුලෝමාවකාස යි.)
23. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට එභි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.
24. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ විය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
25. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වීය.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති.
26. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
27-28. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් (යත්‍වකය සම්පූර්‍ණ කළයුතු යි, ප්‍රත්‍යනීකතාවකාශ යි )
29. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො විය. ශුද්ධාවාසයෙහි උපදවනවුනට අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො විය.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වීය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද නිරුද්ධ නො විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
30. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වීය. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො විය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
31. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නාවූ සෙස්සනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
32. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට සංඥාස්කන්‍ධය නො ද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
33-34. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් (අනුලෝමාවකාශ යි.)
35. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
36. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
37. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි, අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
38. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
39-40. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
41. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
42. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
43. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
44. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
45-46. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි.)
47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී.
48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි සංඥා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. චතුවෝකාරවූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලොම් පුද්ගලාවකාශ යි.)
49. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
50. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
51-52. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වි නම් (ප්‍රත්‍යනීකාවශ යි.)
53. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී.
54. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රවෘත්ති නිරෝධවාර නිමි.
5. උත්පාද නිරෝධවාර
1. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
2. යමකුට වේදනාස්කන්‍ධය උපදි නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝම පුද්ගල යි.)
3. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය උපදී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද උපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය උපදී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, රූපස්කන්‍ධය ද උපදී.
4. යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
5. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
6. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝමවකාශයි.)
7. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. රූපස්කන්‍ධය ද නූපදී.
8. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද උපදී. අසංඥස්ත්‍ව වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
9. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නිරුද්ධ වේ.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම්. එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: උපදී.
10. යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකයවකාශ යි.)
11. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී.
12. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නාහු ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුන එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපදී. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍ර‍්‍යුත්පන්නවාර යි.
13. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
14. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.