Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4801-4900 න් 7971

තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යි. නො ද උපදී.
51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපදින්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද උපදී යි. නො ද උපදින්නේ යි.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද නො උපදින්නේ යි. නො උපදී ද වේ.
53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ. නො ද උපන්නේ යි.
උත්පාදවාර යි.
55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති
තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති
56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී යැ.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.
57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති
58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වේ. ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, අතීත වූ සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඒ සිත නො ද නිරුද්ධ නො වේ, අතීත වූ සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නිරුද්ධ ද නො වේ.
59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වී ය, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වන්නේ යි.
තවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ ය, ඒ සිත නො ද නිරුද්ධ නො වී ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද නිරුද්ධ වී යැ.
නිරෝධවාර යි.
61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති
තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී ද යත්: නැති
62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො උපදී, නො ද නිරුද්ධ වී යැ.
තවද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නිරුද්ධ වී යැ, නො ද උපදී.
63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී ද යත්: අනාගත වූ සිත නිරුද්ධ වන්නේ යැ, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වන්නේ ද වෙයි, ඉපදී ද වේ.
64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද නිරුද්ධ වන්නේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද උපන්නේ යැ, නො ද නිරුද්ධ වන්නේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ යැ, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද උපන්නේ යි.
උත්පාද නිරෝධවාර යි.
67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී ද යත්: අතීතානාගත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වෙයි. උපදීම ද වේ.
68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: අතීතානාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ වෙයි, භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී නිරුද්ධ ද වේ.
තව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පද්‍යමාන න නිරෝධවාර යි.
69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඒ සිත නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, උපදිමින් පවත්නේ ද වේ.
70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදිමින් පවතී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදිමින් පවතී, නො ද උපනි.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදිමින් පවතී ද යත්: එසේ යි.
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වෙමින් පවතී, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ වෙමින් පවත්නේ ද වේ.
72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් නො පවතී, ඒ සිත නො ද නො උපනි. අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙමින් නො පවති යි. නො උපනි ද වේ.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: එසේ යි.
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
73. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපනි, ඒ සිත නො ද උපන්නේ යැ. අනාගත වූ සිත නො උපනි ද වෙයි, නො ද උපන්නේ යි.
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අනාගත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.
75. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපනි, ඒ සිත නො ද නො උපදින්නේ යැ, අතීත වූ සිත නො ද උපනි, නො ද උපදින්නේ යි.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අතීත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.
උත්පන්නෝත්පාදවාර යි.
77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: නැති.
78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපදින්නේ ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: එසේ යි.
අතීතානාගතවාර යි.
79-80. උපන් (සිත) උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපනි, නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි උපන්නේ ද වෙයි, උපදිමින් පවත්නේ ද වෙයි, උපදිමින් පවත්නා සිත උපනි ද යත්: එසේ යි. නො උපන් (සිත) උපදිමින් නො පවතී ද යත්: එසේ යි.
80. උපදිමින් නො පවත්නා සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපදිමින් නො පවතී, නො ද නො උපනි, අතීතානාගත වූ සිත උපදිමින් නො ද පවතියි. නො උපනි ද වේ.
උත්පන්නොත්පද්‍යමානවාර යි.
81. නිරුද්ධ වූ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: නැති. නිරුද්ධ වෙමින් පවත්නා සිත නිරුද්ධ ද යත්: නැති.
82. නිරුද්ධ නො වූ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි නො නිරුද්ධ යැ, නො ද නිරුද්ධ වෙමින් නො පවතී, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද නිරුද්ධ වෙයි. නිරුද්ධ වෙමින් නො ද පවත්නේ වෙයි, නිරුද්ධ වෙමින් නො පවත්නා සිත නො නිරුද්ධ ද යත්: අතීත වූ සිත් නිරුද්ධ වෙමින් නො පවතී. නො ද නො නිරුද්ධ යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නිරුද්ධ වෙමින් නො ද පවතී යි, නො නිරුද්ධ ද වේ.
නිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.
83. යම් සිතෙක් උපදමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි වූ සිත උත්පාදක්‍ෂණය ඉක්මිණි, භඞ්ගක්‍ෂණය නො ඉක්මිණි, අතීත වූ සිත උත්පාදක්‍ෂණය ද ඉක්මිණ, භඞ්ගක්‍ෂණය ද ඉක්මිණ.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: සිත ඉක්මිණ.
84. යම් සිතෙක් උපදමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්මිණ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්මිණ, උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද භඞ්ගක්‍ෂණය නො ඉක්මවූයේ ද උත්පාදක්‍ෂණය නො ඉක්මවූයේ ද වෙති.
අතික්‍රාන්තකාලවාර යි.
පුද්ගල ධර්‍මවාරය
85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
86. යමක්හට යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපනි ද යත්:එසේ යි.
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඕහට ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වේ, උපදී ද වේ.
88. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදී, නො උපනි ද වේ.
තව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.
89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඕහට ඒ සිත නො ද නිරුද්ධ වේ. භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද නිරුද්ධ වෙයි. නො උපනි ද වේ.
තව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
නිරෝධොත්පන්නවාර යි.
91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ ද යත්: නැති.
තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.
92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපන්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද උපදී. නො ද උපන්නේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදී. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යැ නො ද උපදී.
93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.
තවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.
94. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද උපදින්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.
තව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඕහට ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද නො උපදින්නේ යැ, නො උපදී.