8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
තව ද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදී, ඔවුනට සිත නො ද උපදින්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සිත උපදිමින් සිටුනේ ද උපදින්නේ ද වේ.
තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපදින්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදින්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නො උපදින්නේ යැ, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.
තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදින්නේ යැ, ඔවුනට සිත නො ද නො උපදී, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදින්නේ යැ. නො ද උපදී.
11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදින්නේ යැ ඔවුන්ගෙන් සෙසුවනට සිත උපන්නේ ද වෙයි, උපදින්නේ ද වේ.
තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: නැති.
තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
උත්පාදවාරය යි.
13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වී යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී යැ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නැති.
15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වෙයි, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් සිටුනෙ ද නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.
17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය, ඔවුන්ගෙන් සෙසුවනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.
නිරෝධවාර යි.
19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද උපදිමින් සිටුනේ ද වේ.
20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ විය.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදනේ ද නො නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුන්ගෙන් සෙසුවනට සිත නො උපන්නේ ද වෙයි, නිරුද්ධ වන්නේ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
24. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
උත්පාද නිරෝධවාර යි.
25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ නො වේ, ඔවුනට සිත නො ද උපදී, සිත උපන් කෙණෙහි ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ද උපදනේ ද වේ.
26. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදිමින් සිටුනෙ ද නිරුද්ධ වෙමින් සිටුනෙ ද වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පද්‍යමාන න නිරෝධවාර යි.
27. යමක්හට සිත උපදිමින් පවතී නම් ඕහට සිත උපනි ද යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදිමින් පවතී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි, ඔවුනට සිත නො ද උපදිමින් පවතී. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
28. යමක්හට සිත උපදිමින් නො පවතී නම් ඕහට සිත නො උපනි යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපදිමින් සිටුනෙ නො වෙයි, සිත නො ද නූපන්නෙ යැ, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදිමින් සිටුනෙ යැ නො ද උපන්නේ යැ.
තව ද යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත උපදිමින් සිටුනෙ නො වෙයි යත්: එසේ යි.
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
29. යමක්හට සිත නිරුධ්‍යමාන (නිරුද්ධ වෙමින් සිටුනෙ) නම් ඕහට සිත උත්පන්න (ඉපැදැසිටියෙ) වෙයි යත්: එසේ යි.
තව ද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න වෙයි, ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න ද නිරුධ්‍යමාන ද වේ.
30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුධ්‍යමාන නො වෙයි, ඔවුනට සිත නො ද නොත්පන්න වෙයි, නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, නො ද උත්පන්න වෙයි.
තව ද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වෙයි යත්: එසේ යැ.
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
31. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත ඉපැද සිටුනෙ යැ යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ ද ඉපැද සිටුනෙ ද වේ.
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්: උපන.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත ඉපැද සිටුනෙ නො වෙයි යත්: නැති.
33. යමක්හට සිත ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත (මතු) උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ යැ, ඔවුනට සිත නො ද (මතු) උපදනෙ යැ, සෙසු චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ ද (මතු) උපදනෙ ද වෙයි.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත උත්පන්න වී ද යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත (මතු) උපදනෙ යැ, ඔවුනට සිත නො ද උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපදනෙ ද ඉපැදැ සිටුනෙ ද වේ.
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වේ යත්: උත්පන්න වේ.
උත්පන්නෝත්පාදවාර යි.
35. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ වී නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ වී යත්: එසේ යි.
36. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ නො වී නම් ඕහට සිත නො ද නොත්පන්න වී නම් ඕහට සිත නූපදනෙ යැ යත්: නැත.
තව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද නොත්පන්න වේ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ නො වී යත්: ඉපැදැ නිරුද්ධ වී.
අතීතානාගතවාර යි.
37. උත්පන්න වූයෙ උත්පද්‍යමාන වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පන්න වෙයි. නො ද උත්පද්‍යමාන වෙයි. උත්පාදක්‍ෂණයෙහි උත්පන්න ද උත්පද්‍යමාන ද වේ.
උත්පද්‍යමාන වූයේ උත්පන්න වෙයි යත්: එසේ යි.
38. උත්පන්න නො වූයෙ උත්පද්‍යමාන නො වෙයි යත්: එසේ යි.
උත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පද්‍යමාන නො වෙයි, නො ද නොත්පන්න වෙයි, අතීතානාගත සිත නො ද උත්පද්‍යමාන යැ, නො ද උත්පන්න යි.
උත්පන්නොත්පද්‍යමානවාර යි.
39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්: නැත.
නිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වෙයි යත්: නැත.
40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි නිරුද්ධ වූයේ නො වෙයි. නො ද නිරුධ්‍යමාන නො වූයේ වෙයි. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ යැ, නො ද නිරුධ්‍යමාන යි.
නිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වෙයි යත්: අතීත චිත්තය නිරුධ්‍යමාන නො වෙයි, නො ද නිරුද්ධ නො වූයෙ වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුධ්‍යමාන යැ, නො ද නිරුද්ධ යි.
නිරුද්ධ නිරුධ්‍යමානවාර යි.
41. යමක්හට සිත උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීතකාල වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උත්පාදක්‍ෂණය ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය නො ඉක්මැගියෙ යැ, අතීත චිත්තය උත්පාදක්‍ෂණය ද ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය ද ඉක්මැගියෙ යි.
තවද යමක්හට සිත නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීත වෙයි යත්: අතීත සිත වෙයි.
42. යමක්හුගේ සිත උපදිමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
තව ද යමක්හුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්ම ගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත උපදමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්ම වී යැ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්ම වී යැ. උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද වෙයි. භඞ්ගක්‍ෂණය ද නො ඉක්ම වී ය, උත්පාදක්‍ෂණය ද නො ඉක්ම වී යැ.
අතික්‍රාන්තකාලවාර යි.
ධර්‍මවාරය
43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නෙ ද උපදින්නේ ද යත්: නැති
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපනි යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත උපන්නේ ද වේ, උපදී ද වේ.
46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද උපදී. නො උපනි ද වේ.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.
47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වේ, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ නො වේ, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙ යි. නො ද උපනි ද වේ.
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
නිරෝධොත්පන්නවාර යි.
49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද උපදී, නො ද උපන්නේ යි.