Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4601-4700 න් 7971

තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
94. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
95. යමක්හට යම් සිතෙක් සිත උපන්නේ නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
96. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
උත්පාදවාර යි.
97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
නිරෝධවාර යි.
103. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
104. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
105. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
106. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
107. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
108. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
උත්පාද නිරෝධවාර යි.
109. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
110. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නො උපදී යැ යත්:
උත්පද්‍යමාන න නිරෝධවාර යි.
111. යමක්හට යම් සිතෙක් උපදිමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදිමින් පවතී යැ යත්:
112. යමක්හට යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
113. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:
114. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
115. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපන යත්:
116. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
117. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන යත්:
118. යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
උත්පන්නෝත්පාදවාර යි.
119. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපන යත්: ඕහට ඒ සිත උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත නො ද උපනි ද: ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
120. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපනි නම් ඕහට ඒ සිත නො ද උපදනේ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නො ද නො උපනි නම් ඕහට ඒ සිත නො උපන්නේ යැ යත්:
අතීතානාගතවාර යි.
121. උපන් (සිත) උපදිමින් පවත්නේ වේ ද යත්: උපදිමින් පවත්නා (සිත) උපන්නේ වේ ද යත්:
122. නො උපන් (සිත) උපදිමින් නො පවත්නේ වේ ද යත්: උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ වේ ද යත්:
උත්පන්නොත්පද්‍යමානවාර යි.
123. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ වූයේ වේ ද යත්:
124. නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ වූයේ වේ ද යත්:
නිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.
125. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
126. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
127-2016. යමක්හට සරාග සිත උපදී නම් ... යමක්හට වීතරාග සිත උපදී නම් ... යමක්හට සදෝස සිත උපදී නම් ... යමක්හට වීත දෝස සිත උපදී නම් ... යමක්හට සමෝහ සිත උපදී නම් ... යමක්හට වීත මෝහ සිත උපදී නම් ... යමක්හට සංක්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට වික්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට මහද්ගත සිත උපදී නම් ... යමක්හට අමහද්ගත සිත උපදී නම් ... යමක්හට ස උත්තර සිත උපදී නම් ... යමක්හට අනුත්තර සිත උපදී නම් ... යමක්හට සමාහිත සිත උපදී නම් ... යමක්හට අසමාහිත සිත උපදී නම් ... යමක්හට විමුක්ත සිත උපදී නම් ... යමක්හට අවිමුක්ත සිත උපදී නම් …
සරාගාදිපදමිස්සකවාර යි.
2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් ... යමක්හට අකුශලචිත්තය උපදී නම් ... යමක්හට අව්‍යාකෘතචිත්තය උපදී නම් ... යමක්හට සුඛ වේදනා සම්ප්‍රයුක්ත චිත්තය උපදී නම් (මේ උපායයෙන් සරණ අරණයන් තාක් උද්ධරණය කළයුතුයි.) යමක්හට අරණචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට අරණ චිත්තය නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යමක්හට අරණචිත්තය නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට අරණචිත්තය උපදී නිරුද්ධ නො වෙයි යත්:
කුසලාදිපදමිස්සකවාර යි.
උද්දේශවාර යි.
2. නිර්දේශවාර
පුද්ගලවාර
1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නෙ යැ, නූපදනෙ යැ යත්: පශ්චිම (චුති) චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඒ ක්‍ෂීණාස්‍රවයනට (චුති) චිත්තය (උත්පාදක්‍ෂණයට පැමිණි බැවින්) උපදී. (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ යැ, (අප්‍රාසන්‍ධික බැවින් අන් සිතක්) නූපදනෙ යැ. (ශෛක්‍ෂ්‍යාශෛක්‍ෂ්‍ය පෘථග්ජන) සෙස්සන්ගේ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත (උත්පාදක්‍ෂණ සමඞ්ගිතායෙන්) උපදී, (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ මැ උපදනෙ ද වෙයි.
තව ද යමක්හට සිත නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට සිත උපදියි, නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
2. යමක්හට සිත නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නෙ යැ, උපදනෙ යැ යත්: නො වේ.
තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට සිත නූපදියි නිරුද්ධ වෙයි යත්: නැති.
උත්පාදනිරෝධකාලසම්භේදවාර යි.
3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදී යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වෙයි.
4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නූපන යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නූපදී, ඔවුනට සිත නො ද නූපන්නෙ යැ, නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සිත නො ද උපදී, නො ද උපන්නේ යැ.
තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදී යත්: එසේ යි.
උත්පාදෝත්පන්නවාර යි.
5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි ද වේ නිරුද්ධ ද වේ.
6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ නො වෙයි, ඔවුනට සිත නො ද නො උපන, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුද්ධ වේ නො ද උපනි.
තව ද යමක්හට සිත න උපනි නම් ඕහට සිත නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
නිරෝධොත්පන්නවාර යි.
7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.