Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4501-4600 න් 7971

48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
නිරෝධොත්පන්නවාර යි.
49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපදී යැ යත්:
52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
උත්පාදවාර යි.
55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම්, ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
නිරෝධවාර යි.
61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී යැ යත්:
62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී යැ යත්:
63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
උත්පාද නිරෝධවාර යි.
67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී යැ යත්:
68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී යැ යත්:
උත්පද්‍යමාන නිරෝධවාර යි.
69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදිමින් පවතී යැ යත්:
70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:
72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
73. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ යැ යත්:
74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි යැ යත්:
75. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
උත්පන්නෝත්පාදවාර යි.
77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපදනේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
අතීතානාගතවාර යි.
79. උපන් (සිත) උපදිමින් පවතී නම් උපදිමින් පවත්නා (සිත) උපන්නේ යැ යත්:
80. නො උපන් (සිත) උපදිමින් නො පවතී නම් උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ යැ යත්:
උත්පන්නොත්පද්‍යමානවාර යි.
81-82. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවතී නම් නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ යැ යත්:
නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවතී නම් නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ යැ යත්:
නිරුද්ධනිරුධ්‍යමානවාර යි.
83. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධ (භඞ්ග) ක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
84. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීත නො වෙයි යත්:
තව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීතකාල වෙයි යත්:
අතික්කන්තකාලවාර යි.
85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නෙ යැ නූපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට ඒ සිත උපදී නිරුද්ධ නො වෙයි යත්:
86. යමක්හට යම් සිතෙක් නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නෙ යැ උපදනෙ යැ යත්:
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට ඒ සිත නූපදී, නිරුද්ධ වෙයි යත්:
උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
88. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපදී යත්:
උත්පාදෝත්පන්නවාර යි.
89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත උපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නූපන යත්:
තව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
නිරෝධොත්පන්නවාර යි.
91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්: