තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
නිරෝධොත්පන්නවාර යි.
7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදනේ යැ යත්:
තවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපදී යැ යත්:
10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
තවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදනේ යැ යත්:
තවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
තවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
උත්පාදවාර යි.
13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
නිරෝධවාර යි.
19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී යැ යත්:
20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො නිරුද්ධ නො වී යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී යැ යත්:
21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්:
23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
24. යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපන්නේ යැ යත්:
උත්පාද නිරෝධවාර යි.
25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී යැ යත්:
26. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නූපදී යැ යත්:
උත්පද්‍යමාන න නිරෝධවාර යි.
27. යමක්හට සිත උපදිමින් පවත්නේ නම් ඕහට සිත උපන යත්:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදිමින් පවත්නෙ යැ යත්:
28. යමක්හට සිත උපදිමින් නො පවත්නේ නම් ඕහට සිත නූපන්නෙ යැ යත්:
තවද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදිමින් පවත්නෙ යැ යත්:
උත්පද්‍යමානෝත්පන්නවාර යි.
29. යමක්හට සිත නිරුධ්‍යමාන වේ නම් ඕහට සිත උත්පන්න වේ යැ යත්:
තවද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වේ යැ යත්:
30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වේ යැ යත්:
තවද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වේ යැ යත්:
නිරුධ්‍යමානොත්පන්නවාර යි.
31. යමක්හට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
තවද යමක්හට සිත උපනි නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්:
තවද යමක්හට සිත (උත්පාදක්‍ෂණයට පැමිණීම් වශයෙන්) නූපන්නේ වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
33. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
තවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
තවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
උත්පන්නෝත්පාදවාර යි.
35. යමක්හට සිත (උත්පාදක්‍ෂණය ඉක්මගිය හෙයින්) උපන්නේ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
තවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
36. යමක්හට සිත (උත්පාදක්‍ෂණ ඉක්ම යෑම් වශයෙන්) නූපන්නෙ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
තවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපනෙ යත්:
අතීතානාගතවාර යි.
37. උත්පන්නය උත්පද්‍යමාන වෙයි යත්:
උත්පද්‍යමානය උත්පන්න වෙයි යත්:
38. උත්පන්න නො වූයේ උත්පද්‍යමාන නො වූයේ යත්:
උත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වූයේ යත්:
උත්පන්නොත්පද්‍යමානවාර යි.
39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්:
නිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වූයේ යත්:
40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්:
නිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වූයේ යත්:
නිරුද්ධ නිරුධ්‍යමානවාර යි.
41. යමක්හට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
තවද යමක්හට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
42. යමක්හට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
තවද යමක්හට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
අතික්කන්තකාලවාර යි.
ධර්‍මවාරය
43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ නො උපදනේ යැ යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදනේ නම් ඒ සිත උපදී යැ නිරුද්ධ නො වේ යැ යත්:
44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ උපදනේය යත්:
තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදනේ නම් ඒ සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
උත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී යැ යත්:
උත්පාදෝත්පන්නවාර යි.
47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්: