Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4001-4100 න් 7971

තව ද යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුල්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
76. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
77. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
78. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ. අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද ප්‍රහීණ යි.
79. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
80-81. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
82. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
83. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණයැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
84-85. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
86. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
87. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
88-90. යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
91. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි භවරාගානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
92. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනාහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
93. යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද ප්‍රහීණ යැ, භවරාගානුසය ද ප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
94. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
95-96. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
97. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
98. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
99-100. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද ප්‍රහීණයහ,
කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
101. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
102. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනාව ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
103-105. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙපුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ,
ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි පටිඝානුසය ද නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)
106. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
107. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
108. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණය යි හෝ අප්‍රහීණය යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
අනුලෝමපුද්ගලාවකාශ යි.
ප්‍රහීණවාරයහි අනුලෝම යි.
109. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
110. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහට මානානුසය අප්‍රහීණයැ. ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.
111-112. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්ගේ කාමරාගානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
113-114. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.
115. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
116-117. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ පටිඝානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
118-119. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: තව ද අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.
120-121. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ මානානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
122-123. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
124-126. යමක්හුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
127-128. යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
129. යමක්හුගේ භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
130. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ.
131-132. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: එසේ යි.
133-134. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ. (දූකමූලක යි.)
135-136. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි.
137-138. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ යි. (තිකමූලක යි.)
139-141. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (චතුක්කමූලක යි.)
142-143. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. (පඤ්‍චකමූලක යි.)
144. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. (ඡක්‍කමූලක යි.)
ප්‍රතිලෝමපුද්ගල යි.
145. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
146. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.