Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 3901-4000 න් 7971

තවද යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
2. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්‍රහීණයැ, ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්‍රහීණයැ. මානානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
3-4. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
5-6. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්‍රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
7. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්‍රහීණ යැ, ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
8-9. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ පටිඝානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
10-11. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්‍රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
12-13. යමක්හුගේ මානානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
14-15. යමක්හුගේ මානානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
16-18. යමක්හුගේ දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
19-20. යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
21. යමක්හුගේ භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
22. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, මානානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි.
23-24. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද ප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ.
25-26. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (දුකමූලක යි.)
27-28. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … චිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය නො ද ප්‍රහීණයහ. අනාගාමීහුගේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයහ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණයහ.
29-30. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය … අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (තිකමූලක යි.)
31-33. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය නො ද ප්‍රහීණයහ. අනාගාමීහුගේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. … (චතුක්කමූලක යි.)
34-35. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (පඤ්‍චකමූලක යි.)
36. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (ඡක්‍කමූලක යි.)
අනුලෝම පුද්ගල යි.
37. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු යි.
38. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
39-40. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
41. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
42. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
43. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
44-45. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
46. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
47. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
48-49. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. මානාප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. මානානුසය ප්‍රහීණ යි.
50. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද ප්‍රහීණයැ. භවරාගානුසය ද ප්‍රහීණ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
51. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ. මානානුසය ද ප්‍රහීණ යි.
52-54. යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
55. යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
56. යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
57. යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමුලක යි)
63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (චතුක්කමූලක යි.)
70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
අනුලෝමාවකාශ යි.
73. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
74. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ. ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණ යැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
75. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.