20. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ එ හැමට සංඥාස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)
21. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනා ස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.
22. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදි යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
23. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.
24. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපන.
යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපන නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)
25. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: නැති.
26. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපන යත්: උපන.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: නැති. (පච්චනීක පුග්ගල යි.)
27. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
28. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥා ස්කන්‍ධ නූපන යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි.
29. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපන.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනුවනට යැ අසංඥසත්‍වයෙහි උපදනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන. රූපස්කන්‍ධ ද නූපදී.
30. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපන.
යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගලෝකාස යි.)
පච්චුප්පන්නාපාතීතවාර යි.
31. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ (මතු) උපදනේ යැ යත්: පඤ්චවෝකාර භවයෙහි උපදනා පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද (මතු) උපදනේ යි.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදී.
32. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම්භවික වැ උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට සංඥාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනටසංඥාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට වේදනාස්නස්කන්‍ධ නො ද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)
33. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපදී.
34. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
35. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වනුවනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනා ස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදෙන යැ රූපස්කන්‍ධ ද උපදී.
36. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම භවික වැ උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ (අනාගතයෙහි) නොද උපදනේ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙක සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපදනේයැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)
37. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූප භවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපභවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ රූපස්කන්‍ධ ද නූපදී.
38. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදන වුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. සංඥාස්කන්‍ධ නොද නූපදනේ ය. පිරිනිවෙන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිම භවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙන ඔවුනට සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගල යි.)
39. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
40. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි.
යළි යම් තැනෙක හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස යි.)
41. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි, වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි - පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූප ස්කන්‍ධ ද නූපදී.
42. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපදනේ යැ· පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පව්වනීක පුග්ගලෝකාස යි.)
පච්චුප්පන්නාතාගතවාර යි.
43. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂයනට රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.
44. යමක්හට වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට සංඥාස්කන්‍ධ උපනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට වේදනාස්කන්‍ධ උපන ඔවුනට සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යැ.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි.
45. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යැ.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චාවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපනි.
46. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
47. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදෙන යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපන.
48. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදෙන යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම පුග්ගලෝකාස යි.)
49. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: උපනි.
50. යමක්හට වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.
යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපනි. (පච්චනීක පුග්ගල යි.)
51. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.
යළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපන යත්: උපනි.
52. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: එසේ යි. (පච්ච්නීක ඕකාස යි.)
53. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම්භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපනි.
54. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පශ්චිමහභවික ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපනි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
අතීතානාගතවාර යි.
ප්‍රවෘත්ති උත්පාදවාර නිමි.
4. ප්‍රවෘත්ති නිරෝධවාර
1. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
තවද යමක්හට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
2. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
තවද යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝමාවකාශ යි.)
3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
තවද යමකුට යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුග්ගලෝකාස යි.)
4. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යානික පුද්ගල යි.)
5. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
6. යමක්හට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. උපදනා වූ සියලු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
තවද යමක්ඟට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ප්‍ර‍්‍යුත්පන්නවාර යි.
7. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී නම් රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
8. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වි නම් එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී රූපස්කන්‍ධය ද නිරුද්ධ වී (අනුලෝමාවකාශ යි.)
9. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
10. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
11. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
12. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො චී. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
13. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගල යි.)