තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
158. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී. එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
159. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
160-162. යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
163. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
165. යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනි නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (දුකමූලක යි.)
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (තිකමූලක යි.)
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. … (චතුක්කමූලක යි.)
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝමාවකාශ යි.
181. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
182. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
183-184. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
185. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
186. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
187. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
188-189. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
190. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
191. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
192-193. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි මානානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී. හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. මානානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
194. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
195. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි මානානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
196-198. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. …
199. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී. භවරාගානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
200. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
201. යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී. අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
202. යමෙක් යම් තැනෙක්හි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
203-204. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
205. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
206. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්. (දුකමූලක යි.)
207-208. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්.
209. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්.
210. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්. (තිකමූලක යි.)
211-213. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී.
හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනිත්… (චතුක්කමූලක යි.)
214. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී,
කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
215. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී. හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසයද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.(පඤ්චකමූලක යි.)
216. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගී තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ හැම තැන්හි අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි
ප්‍රතිලෝම යි.
පරිඥාවාර යි.
5. ප්‍රහීණවාර
1. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.