83. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
84-85. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. තදේකස්ථ වූ මානානුසය පිරිසිඳ දනී.
86. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
87. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී. මානානුසය ද පිරිසිඳ දනී.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ භවරාගානුසය පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඒකකමූලක යි.)
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද පිරිසිඳ දනී. හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී. තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති. (දුකමූලක යි.)
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසයද නො ද පිරිසිඳ දනී.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. (තිකමූලක යි.)
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (චතුක්කමූලක යි.)
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
අනුලෝමාවකාශ යි.
පරිඥාවාරයෙහි අනුලෝම යි.
109. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
110. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
111-112. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
113-114. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
115. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
116-117. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
118-119. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
120-121. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
122-123. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
124-126. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේයි.
127-128. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
129. යමෙක් භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්. (දුකමූලක යි.)
135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්.
137-138 යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්. (තිකමූලක යි.)
139-141. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනිත්. (චතුක්කමූලක යි.)
142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්. (පඤ්චකමූලක යි.)
144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගල යි.
145. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී. එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
146. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. මානානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
147-148. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
149. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
150. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනි නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
151. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
152-153. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
154. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
155. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
156-157. යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.