10-11. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
12-13. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
14-15. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
16-18. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
19-20. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
21. යමෙක් භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
25-26. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති. (දුකමූලක යි.)
27-28. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
29-30. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී. (තිකමූලක යි.)
31-33. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: දිට්ඨානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී … (චතුක්කමූලක යි.)
34-35. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
36. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
අනුලෝම පුද්ගල යි.
37. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්. නැති.
38. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය පිරිසිඳ දනී. එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
39-40. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇතිකල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
41. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
42. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
43. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
44-45. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
46. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
47. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
48-49. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි මානානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, මානානුසය ද පිරිසිඳ දනී.
50. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
51. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි මානානුසය නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, මානානුසය ද පිරිසිඳ දනී.
52-54. යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
55. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
56. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
57. යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඒකකමූලක යි)
58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී.
59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී.
61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී. එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. (දුකමූලක යි.)
63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැත
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී.
65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි භවරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී.
66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (තිකමූලක යි.)
67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. … (චතුක්කමූලක යි.)
70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී.
71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
අනුලෝමාවකාශ යි.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම (සෝතාපත්තිමාර්‍ගස්ථ තෙම) දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය පිරිසිඳ දනී.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී , ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය පිරිසිඳ දනී.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.